×

හත ගැනත් පෝල් බියාට කිසි බියක් නැත!

කැමරුන් රාජ්‍යයේ වත්මන් ජනාධිපති පෝල් බියා හත්වන ධුර කාලය සඳහාත් සුදුසුකම් ලබයි.


පසුගිය දා එරට පැවැති ජනාධිපතිවරණයෙන් පෝල් බියා 71.3%ක වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට සමත්ව තිබේ. Cameroon’s President Paul Biya wins seventh term

ඒ අනුව කැමරුන්හි වත්මන් ජනාධිපතිවරයා හැටියට කටයුතු කරන 85 හැවිරිදි පෝල් බියාට තවත් වසර හතක් ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට ඉඩ සැලසේ. ඔහු කැමරුන් රාජ්‍යයේ ජනාධිපතිවරයා හැටියට පළමුවෙන්ම තේරී පත් වුණේ 1982 වසරේදී ය. හෙතෙම මේ වනවිට වසර 36කට අධික කාලයක් එරට ජනාධිපති ධුරයේ කටයුතු කර ඇත. අප්‍රිකාවේ උප සහරා කලාපයේ දැනට සිටින වයස්ගතම රාජ්‍යය නායකයා හැටියට සැලකෙන්නේ ද පෝල් බියා ය.

International Crisis Group says voter turnout was as low as 5% in the country's two Anglophone regions

International Crisis Group says voter turnout was as low as 5% in the country’s two Anglophone regions

පසුගිය ජනාධිපතිවරණ ඡන්ද සටනේදී පෝල් බියා සමඟ කරට කර සිටි විරුද්ධ පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක මවුරිසේ කම්ටෝට ලබාගත හැකි වී තිබෙන්නේ 14.2%ක පමණ ඡන්ද ප්‍රමාණයක් පමණි. කැමරුන් රාජ්‍යයේ පළාත් දහයෙන් එක පළාතක හැරුණු විට සෙසු පළාත්වලින් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නට සමත් වූයේ පෝල් බියා බව ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් සනාත වේ. එරට ආර්ථික කටයුතු කේන්ද්‍ර වී පවත්නා ලිටරෝල් පළාතෙන් විරුද්ධ පක්ෂ අපේක්ෂ කම්ටෝ ජයග්‍රහණය කර තිබෙන්නේ ඉතා සුළු වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් බව වාර්තාවන්හි සඳහන් කරයි.

කැමරුන්හි ඡන්ද දායකයන්ගෙන් සැලකිය යුතු තරමේ සංඛ්‍යාවකට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ බව එරට මැතිවරණ බලධාරීහු පවසති. රටේ පවත්නා අනාරක්ෂිත බව හේතුවෙන් දහස් ගණන් ඡන්ද දායකයන්ට ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණීමට නොහැකිව තිබූ බව සඳහන් විණ. ඇතැම් ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ 5%ක් තරමේ අඩු සංඛ්‍යාවක් බව ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

ANADOLU AGENCY/GETTY IMAGES Image caption Voter turnout was just over 50%

ANADOLU AGENCY/GETTY IMAGES
Voter turnout was just over 50%

සමස්ත ප්‍රතිඵල නිකුත් කිරීමට පළමුව, ජනාධිපතිවරණයට එරෙහිව පෙත්සම් 18ක් ගොනු කෙරී ඇත. එම පෙත්සම් ගොනුකර තිබෙන්නේ නැවත ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව පෙන්වා දෙමිනි. ඡන්දය ප්‍රකාශ කිරීම් අතර සිදුවුණේයැයි කියන වංචාවන් ගැන මේ පෙත්සම්වල කරුණු සඳහන්ව ඇත. එසේ වුවත්, ජනාධිපතිවරණය සාමකාමීව පැවැති බව මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වුණු අප්‍රිකා සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති. එහෙත් ඡන්දය ප්‍රකාශ කිරීමේ සහ ඡන්දය ගණනය කිරීමේ කටයුතු සිදුවන අන්දම අධීක්ෂණය සඳහා බොහෝ දේශපාලන පක්ෂවල නියෝජිතයන් නොපැමිණි බව නිරීක්ෂකයන්ගේ වාර්තාවල දැක් වේ.

කැමරුන් පාර්ලිමේන්තු සහ ව්‍යවස්ථාදායක මැතිවරණයන් ද ජනාධිපතිවරණය පැවැත් වුණු ඔක්තෝම්බර් 7දාම පැවැත්වෙන්නට නියමිතව තිබිණ. එසේ වුවත් එම මැතිවරණ 2019 දක්වා කල් දමා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි