×

කැනඩාව , මෝර වරල් වෙළඳාම තහනම් කළ ප්‍රථම G20 රට බවට පත්වේ

මෝරුන්ගේ වරල් සුප් විශේෂයන් සෑදීමට මෙන්ම විවිධ රසකාරක සෑදීම සදහාද භාවිතා කරනු ලබයි.


මොර වරළ අපනයනය හෝ ආනයනය මෙන්ම ඒ හා සම්බන්ධ කිසිදු වෙළද කටයුත්තක් සිදු කිරීම කැනඩාව විසින් තහනම් කරන ලදී. ඒ අනුව මෙවැනි පියවරක් ගත් ප්‍රථම G20 රට වන්නේ කැනඩාවයි.

ආසියානු කලාපයෙන් පරිභාහිරව ලෝකයේ විශාලතම මෝර වරළ ආයාත කරු වන්නේ කැනඩාවයි. නමුත් 1994 වසර සිට එරට අභ්‍යන්තරව මෝරුන්ගේ වරල් ලබා ගැනීම සදහා ඔවුන්ව දඩයම් කිරීම තහනම් කරන ලදී,

මෝරුන්ගේ වරල් සුප් විශේෂයන් සෑදීමට මෙන්ම විවිධ රසකාරක සෑදීම සදහාද භාවිතා කරනු ලබයි. මෝරුන්ගෙන් වරල් ලබා ගැනීම සදහා භාවිත කරන විවිධ අමානුෂීය සහ ඔරොත්තු දිය නොහැක ක්‍රම විධි ගෝලීය මෝරුන්ගේ ගහණය අඩුවීමට බලපෑ හැකිය.


වෙළදාම සදහා යොදා ගැනෙන වරල් වර්ග අතරේ තුනෙන් දෙකක්ම අවධානම තත්ත්වයේ සිටින වර්ගයන්ගෙන් ලබා ගත් වරල්ය.
මොරුන්ගේ වරල් බෙහෝ විට ලබා ගන්නේ ඔවුන් ජීවත්ව සිටියදී ඔවුන්ගේ සිරුරුන් වරල් කපා වෙන් කිරීම මගිනි. ඉන්පසු වරල් නැති මෝරුන් අත් හරිනු ලබයි.
කැනඩාව විසින් මෝර වරල් අපනයනය කිරීම මෙන්ම ආනයනයද තහනම් කරන ලදී.
පසුගිය සතියේ මේ සම්බන්ධ පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගන්නා ලදී.

2018 වසරේ පමණක් කැනඩාව විසින් මෝර වරල් කිලෝ ග්‍රෑම් 148000ක් අපනයනය කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්ථාවන්ට අනුව වාර්ෂිකව මරා දැමෙන මෝරුන් සංඛ්‍යාව වර්ෂයකට මිලියන 73කි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි