කැනඩාව චීනයේ තානාපති තනතුරට පළමු වරට කාන්තාවක් පත්කර ඇති බව වාර්තා වේ. ඈ නමින් ජෙනිෆර් මේ ය.
කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මහතා ඊයේ (23) දින නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර සිටියේය.
කැපවූ රජයේ නිලධාරිනියක වශයෙන්, ජෙනිෆර් මේ මහත්මිය සිය වෘත්තීය ජීවිතය තුළ ජාත්‍යන්තර මෙහෙයුම්වලට අදාළව ලබා ඇති විවිධත්වයකින් යුත් අත්දැකීම් සමුදාය සහ ආසියාව පිළිබඳව ඈ සතු ගැඹුරු අවබෝධය දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා කළමනාකරණය කිරීමට සහ චීනයේ කැනේඩියානු අවශ්‍යතා වැඩිදියුණු කිරීමට කැපවී කටයුතු කරනු ඇති බව අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මහතා සිය නිවේදනය හරහා ප්‍රකාශ කර සිටියේය.
චීනයේ කැනේඩියානු තානාපති ධුරය පුරප්පාඩු වූයේ ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස වන අතර, ඒ වන තුරු එම ධුරයට පුද්ගලයකු පත්කර තිබුනේ නැත.