×

ලොව ජ්‍යේෂ්ඨම කාදිනල් වරයා ජෝර්ජ් පෙල් ට එරෙහි ළමා අපචාර චෝදනාව අභීයාචනයේදී තව දුරටත් තහවුරු කෙරේ

13 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කිරීම ඔහුට එරෙහිව පැවති චෝදනාවයි.


ලොව ‍ජ්‍යේෂ්ඨතම කතෝලික පූජකවරයා ලෙස සැළකුණ ජෝර්ජ් පෙල් ට ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් පසුගිය මාර්තු මාසයේදී වසර 6ක් දක්වා සිර දඩුවම් නියම කරන ලදී.

ඒ ඔහුට එරෙහිව එල්ල වූ ළමා අපචාර චෝදනා වලට ඔහුව වරද කරු ලෙස නඩු තීන්දුවේදී තීරණය කිරීමත් සමගිනි.

නමුත් තමන්ට එරෙහි චෝදනා සහ නඩු තීන්දුව ප්‍රතික්ෂේප කරමින් ජෝර්ජ් පේලේ කාදිනල් වරයා අධීකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. එම අභියාචනය අද දින විභාගයට ගත් අතර නැවතත් ඉහළ අධීකරණය තීන්දු කරන ලද්දේ කාදිනල් වරයා තව දුරටත් වරද කරු බවයි.

78 හැවිරිදි මෙම පූජකවරයා 1997 වසරේදී  13 හැවිරිදි පිරිමි දරුවන් දෙනෙකු අපයෝජනය කළ බවට ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් වී තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි