BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ඔක්ස්ෆර්ඩ් වැක්සිනය සාර්ථකයි – 2021 පළමු භාගයේදී එන්නත වෙළඳපොළට !

එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිෂ්පාදනය කර, මේ වන විට අවසාන සායනික පරීක්ෂාවන්ට ලක් කරමින් තිබෙන ඔක්ස්ෆර්ඩ් වැක්සිනය සාර්ථක ප්‍රතිඵල ලබාදෙමින් සිටියි.

ඔක්ස්ෆර්ඩ් සරසවිය මෙන්ම මෙම පර්යේෂණ එන්නත නිපදවීමට දායකත්වය ලබාදෙන ඇස්ට්‍රා සෙනිකා ඖෂධ සමාගම ද පවසන්නේ මෙම වැක්සිනය, වියපත් වූවන් සම්බන්ධයෙන් මෙන්ම යොවුන් වියේ පසුවන්නන් සම්බන්ධයෙන් ද සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බවයි.

ඒ අනුව පුළුල් වයස් කාණ්ඩයක් සඳහා මෙය වලංගුගත කිරීමට හැකියාව ලැබේ.

මෙම පුළුල් පරාසයක වයස්වල පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති එන්නත සමග සහයෝගයෙන් කටයුතු කිරීම අතිශය සුබවාදී දෙයක් බව ඇස්ට්‍රා සෙනිකා හි ප්‍රකාශකවරයෙකු ද පවසයි.

විශේෂයෙන්ම වියපත් පුද්ගලයන් මේ වසංගතයෙන් වැඩි වශයෙන් මරු වැළඳ ගැනීමට හේතුව ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති දුර්වල තත්වයෙන් පැවතීම බව රහසක් නොවේ. ඒ අනුව වියපත් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති මෙම වැක්සිනයට ප්‍රතිචාර දැක්වීම අතිශය ධනාත්මක කාරණයකි.

චිම්පන්සීන් ඇසුරින් තැනුණු එන්නතක්

AZD1222 හෝ ChAdOx1 nCoV-19 යනුවෙන් මෙම වැක්සිනය හඳුන්වයි.

මෙම වයිරල් වෙක්ටර් වර්ගයේ වැක්සිනය නිපදවා තිබෙන්නේ චිම්පන්සීන්ට සෙම්ප්‍රතිශ්‍යා ආසාදනය ඇති කරන වෛරසයේ (common cold virus) දුර්වල කළ වෛරස් ප්‍රභේදයකිනි.

මෙම කොමන් කෝල්ඩ් වෛරසය ඇතැම්විට චිම්පන්සීන්ට මාරක තත්වයක් ඇති කරන අතර, උගන්ඩාවේ චිම්පන්සි ගහණය මෙම රෝගය හේතුවෙන් මිය යමින් සිටින බවට ද මීට පෙර වාර්තා පළ වී තිබිණි.

කොරෝනා වෛරසය මිනිස් ශරීරය තුළට ඇතුල් වීමේදී පාවිච්චි කරන ‘ස්පයික් ප්‍රෝටීන්‘වල ජාන අනුපිළිවෙළ ඇතුළත් වන සේ එම චිම්පන්සි වෛරසය ජානමය වශයෙන් වෙනස් කර තිබේ.

A game-changer

මෙම පර්යේෂණාත්මක එන්නත සම්බන්ධයෙන් දැඩි බලාපොරොත්තු තබාගෙන සිටින වෛද්‍ය ලෝකය මෙය හඳුන්වන්නේ පවත්නා තත්වය සහමුලින්ම වෙනස් කරන හෙවත් ‘‘game-changer‘‘ එන්නතක් ලෙස ය.

වයස අවුරුද 18 ත් 55 ත් අතර පුද්ගලයන් සම්බන්ධයෙන් මෙය සාර්ථක ලෙස අත්හදා බැලෙමින් තිබේ.

දැනට ලොව පුරා මිලියන 1.5 ක මරණයන්ට වගකියා ඇති කෝවිඩ්-19 වසංගත මාරයා පරාජය කිරීම සඳහා එය සාර්ථක පිළිතුරක් වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.

එය මේ වන විට වෙළඳපොළට නිකුත් කිරීමේ කටයුතු සූදානම් වෙමින් පවතින අතර, 2021 වසරේ පළමු භාගයේදී එය සාර්ථක වනු ඇතැයි ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැනොට් ප්‍රකාශ කරයි.

මෙම ඔක්ස්ර්ඩ්/ඇස්ට්‍රා සෙනිකා එන්නතේ පළමු කාණ්ඩය ලබාදීමට නියමිත ව තිබෙන්නේ ලන්ඩන් සරසවි භාරයේ කාර්ය මණ්ඩලය වෙත බව ද වාර්තා වේ.


ඉන්දියාවේ කොරෝනා එන්නත් සාදන සීරම් සමාගම ගිනි ගනියි!

බයිඩන් පැරිස් දේශගුණික සම්මුතිය සමග නැවත එක්වෙයි – තාප්පය නතර වෙයි – මුස්ලිම් තහනමත් ඉවතට!

හින්දු ජාතිකවාදය ඉන්දියාවේ යළිත් මතුවීමත් සමඟ මහත්මා ගාන්ධි ඝාතකයා ගෞරවයට පාත්‍රවෙයි!

ට්‍රම්ප්ගෙන් ජනාධිපති සමාව ලබාගත්තවු​න් – සම්පූර්ණ නාම ලේඛනය

කමලා හැරිස් වෙනුවෙන් ඉන්දියාව ඉපිළෙයි!

බයිඩන්ගේ දිවුරුම් දීම වෙනුවෙන් ‘වොෂින්ටන් යුධ පිටිය‘ සූදානම්!

පළමු වටයේදී ට්‍රම්ප්ගෙන් 73 දෙනෙකුට ජනාධිපති සමාව – බහුතරය දූෂිතයන්

ලෝකය නතර කළ දවස් 3 : චීන මාධ්‍යවේදීන් රහසේ පටිගත කළ වුහාන් කොරෝනා වීඩියෝව කරළියට

One comment on “ඔක්ස්ෆර්ඩ් වැක්සිනය සාර්ථකයි – 2021 පළමු භාගයේදී එන්නත වෙළඳපොළට !”

  • P.j.oliver says:

    අන්තර් ජාලයේ සැරිසරන තරැන පරම්පරාවට විදෙස් තොරතුරු දැනගැනිමට සැලස්විම ගැන ස්තුති .ඒ අයව වැඩි⁣ වැඩියෙන් විදෙස් ⁣රටවල දේශපාලනය ගැන දැනුවත් කලහොත් අප මිලඟ පරම්පරාවට මෙි දේශපාලන ව්‍යුහය වෙනස් කිරිමට උත්සාහ ගනු ඇත.චිලි රාජ්‍යයේ ජනමතවිචාරනය පිලිබඳ ලිපියක් පල කරන්න.

error: Content is protected !!
error: Content is protected !!