×

ChatGPT ළඟදීම Microsoft වෙතටත්…

Microsoft සමාගම OpenAI සමග ඇතිකරගෙන තිබූ ගිවිසුම තවදුරටත් දීර්ඝ කිරීම ඔස්සේ බොහෝ විචාරකයන් මත පළ කරනුයේ ඉදිරියේදී නව පහසුකම් රාශියක් මේ ඔස්සේ පරිශීලකයන් වෙත ලැබෙනු බවයි.


OpenAI සමාගම විසින් නිර්මාණය කර නිකුත් කළ ChatGPT යෙදවුම මේ වන විට ලොව පුරා පරිශීලකයන් මිලියන 100කට අධික ප්‍රමාණයක් භාවිතා කරන බවට සනාථ වී තිබේ. මිලියන 100කට වැඩි පරිශීලකයන් සිටින් තවත් යෙදවුම් තිබුණත් ChatGPT විශේෂ වන්නේ මෙම ඉලක්කය සපුරා ගැනීමට ගතවූයේ මාස තුනකට අඩු කාලයක් වීම නිසාවෙනි.

අනෙකුත් යෙදවුම් ගැන සැලකූවොත් මෑත කාලයේදී විශාල ජනප්‍රියතාවයකට පත් වූ TikTok යෙදවුමට එම ඉලක්කය වෙත යාමට මාස නවයක කාලයක් ගත වූ බවත් Instagram හට වසර දෙකකට අධික කාලයක් ගතවූ බවත් සඳහන් වේ. මේ නිසා එතෙක් මෙතෙක් කෙටිම කාලයක් තුළ වැඩිම පරිශීලක සංඛ්‍යාවක් පරිශීලනය කළ යෙදවුම බවට ChatGPT පත් වන බව සඳහන් කළ යුතුය.

එසේම පසුගිය දිනෙක සඳහන් වූයේ Microsoft සමාගම විසින් AI තාක්ෂණය භාවිතා කර සිය සමාගමේ ප්‍රචාරණ කටයුතු සිදුකර ගැනීමට සූදානම් වන බවයි. මේ සඳහා ChatGPT වැනි යෙදවුමට සමාන යෙදවුමක් හෝ තාක්ෂණයක් භාවිතා කිරීමට නියමිත බවට පුවත් පැතිර ගියත් අවසානයේදී ප්‍රකාශ වූයේ Microsoft සමාගම ChatGPT භාවිතා කර සිය සමාගමේ වෙළඳ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන බවයි.

මෙහිදී මූලිකවම සිදුවන්නේ Microsoft සමාගම සිය පාරිභෝගිකයින් සමග සම්බන්ධ වීම සඳහා සහ සිය ප්‍රචාරණ කටයුතු සිදුකිරීමයි. මෙහිදී තම පරිශීලකයන් වෙතින් ලබාගන්නා දත්ත මත පදනම්ව දැනුවත් කිරීම් සිදුකිරීමට නියමිත වන අතර එහිදී විවිධාකාරයේ වී ප්‍රවර්ධනය කිරීම් ද සිදුවනු ඇත.

එමෙන්ම මෙම පහසුකම Microsoft වෙතින් හඳුන්වා දී තිබූ Viva Sales වෙතටද එක් කිරීමට යෝජිත අතර එමනිසා තම පාරිභෝගිකයන් කළමණාකරණය කිරීම සහ මෙම AI තාක්ෂණය භාවිතයෙන් එම පරිශීලකයන්ගේ ඇමතුම් හා email පණිවුඩ Scan කිරීම ද සිදුකරනු ලබයි.

මෙලෙස AI තාක්ෂණය භාවිතා කරනු ලබන ChatGPT වැනි යෙදුම් Microsoft සමාගම මගින් භාවිතා කිරීම ඉදිරියේදී තම පාරිභෝගිකයන් වෙත නව අත්දැකීම් සමුදායක් ලබාදීම සඳහා ඉවහල් වන බව පැහැදිලිය. එමෙන්ම Microsoft සමාගම OpenAI සමග ඇතිකරගෙන තිබූ ගිවිසුම තවදුරටත් දීර්ඝ කිරීම ඔස්සේ බොහෝ විචාරකයන් මත පළ කරනුයේ ඉදිරියේදී නව පහසුකම් රාශියක් මේ ඔස්සේ පරිශීලකයන් වෙත ලැබෙනු බවයි.

SOURCE: BQR.COM



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි