×

චීනයේ පෙර පාසලක දරුවන් 14කට පිහි ඇනුම්

මල් කැකුළු පිහියකට හසු වේ!


චීනයේ චොන්ග්කින්ග් පළාතේ පෙර පාසලකට ඇතුළු වූ කාන්තාවක් දරුවන් 14කට පිහි ඇනුම් පහර එල්ල කර ඇතැයි කියා වාර්තා වේ. සැකකාර කාන්තාව පෙර පාසලට ඇතුළු වන අවස්ථාවේදී දරුවන් සෙල්ලම් කරමින් සිට ඇත.

youtube

youtube

youtube.com

youtube.com

පිහි ඇණුම සිදුකළේ යැයි කියන 39 හැවිරිදි කාන්තාවගේ වාසගම ලියු වශයෙන් හඳුනාගෙන තිබේ. චීන රජයට එරෙහිව නෝක්කාඩු කියමින් සිටි තැනැත්තියක හැටියට සමාජ මාධ්‍ය ජාල ඇයව හඳුන්වා දෙයි. ලියු, කුඩා දරුවන් සමූහයට පිහි පහර එල්ල කළේ කවර හේතුවක් නිසාද යන්න ගැන තවමත් සඳහනක් නැත.

තුවාල ලැබූ දරුවන් පාසලෙන් බැහැරට රැගෙන එන දර්ශන ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වෙමින් තිබේ. ප්‍රහාරය සිදුකළේ යැයි කියන කාන්තාව ද පොලිසිය භාරයට පත්ව ඇති දර්ශන මේ වීඩියෝවෙහි අඩංගුය. දර්ශනවලින් දැක්වෙන අන්දමට සමහර දරුවන්ගේ මුහුණු පවා තුවාල වී ඇත. දරුවන් දෙදෙනෙකු මිය ගියේයැයි කියන වාර්තා පොලිස් නිළධාරීහු ප්‍රතික්ෂේප කරති.

2017 වසරේදී ද මෙවැනි ම සිදුවීමක් වාර්තා වූ අතර, එහිදී පිහියක් අතින් ගත් පුද්ගලයෙක් පෙර පාසලකට ඇතුළු වී කළ පිහි ඇනුමකින් දරුවෝ 14 දෙනෙක් තුවාළ ලැබූහ. පහත පළවන්නේ එම සිදුවීමට අදාළ ඡායාරූපයකි.

A family walks out of a kindergarten after school in Beijing on September 2, 2014. China tightens school security after a man stabbed three children and a teacher on September 1, state media said. AFP PHOTO / WANG ZHAO / AFP PHOTO / WANG ZHAO



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි