×

චීන ඉතිහාසයේ විශාලතම රොකට්ටුව අභ්‍යවකාශ ගත කෙරේ !

.


චීනය විසින් නිෂ්පාදිත විශාලතම රොකට්ටුව මෙම පසුගිය සතියේ අභ්‍යවකාශ ගත කෙරිණ ඒ චීනයේ හයිනෑන් පළාතේ වෙන්චැං අභ්‍යවකාශ මධ්‍යස්ස්ථානයේදී පසුගිය සිකුැරාදා දින රාත්‍රී 8.45 වන විටයි. March-5 Y3 rocket ලෙස නම් කර ඇති මෙම රොකට්ටුව Shijian-20 චන්ද්‍රිකාව අභ්‍යවකාශය වෙත රුගෙන යන ලදී. පෘථිවියෙන් පිටත් වී පැය භාගයක් තුළ එය ඉලක්ක ගත කක්ක්ෂය කරා ළගා වූ අතර චීන අභ්‍යවකාශ පරිපාලන මධ්‍යස්ථානය (CNSA) නිවේදනය කළේ සිය මෙහෙයුම සාර්ථක බවයි.

චීනයේ ඉදිරි අභ්‍යවකාශ මෙහෙයුම් සදහා වැදගත්වන මෙම රොකට් යානය මීට පෙර 2017 වසරේ දෙසැම්බර් 27 වන දින ක්‍රියාත්මක කිරීමට ගත් උත්සහය අසාර්ථක වී ගියේය. මෙවර එය අති සාර්ථක අභ්‍යවකාශ මෙහෙයුමකද නිරත වන්නේ එම අත්දැකීමෙන් පසුවයි.

රොකට්ටුව උසින් මීටර් 57 (අඩි 187) ක් වන අතර එහි පදනම වටා විෂ්කම්භය මීටර් 5 කි. බූස්ටර 4කින් යුත් March-5 Y3 හී සෑම බූස්ටරයකම විෂ්කම්භය මීටර් 3.35ක් වේ. එහී මුළූ බර ටොන් 870 වන අතර පෘථවියෙන් මුදා හළ පසු එය ටොන් 1000කට වැඩි බරක් නිපදවයි.

අදියර දෙකකින් යුත් මෙම රොකට්ටුවට ටොන් 25 ක් දක්වා බරක් පෘථිවි කක්ෂයට ගෙන යා හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි