×

චීන ටෙනිස් තරුව Peng Shuaiගෙන් ලිංගික බලපෑම් චෝදනා

චීන සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වන Weibo හි සටහනක් තබමින් ඇය කියා සිටියේ හිටපු උප අගමැති Zhang Gaoli තමා සමඟ ලිංගිකව එක්වන ලෙස "බලකර ඇති" බවයි.


චීන ටෙනිස් තරුව Peng Shuai විසින් විශ්‍රාමික කොමියුනිස්ට් නිලධාරියෙකුට, ලිංගික අතවර කළ බවට ප්‍රසිද්ධියේ චෝදනා කර තිබේ.

චීන සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වන Weibo හි සටහනක් තබමින් ඇය කියා සිටියේ හිටපු උප අගමැති Zhang Gaoli තමා සමඟ ලිංගිකව එක්වන ලෙස “බලකර ඇති” බවයි.

චීනයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෙකුට මෙවැනි චෝදනාවක් එල්ල වූ පළමු අවස්ථාව මෙයයි. උප අගමැති Zhang ඇගේ ප්‍රකාශවලට මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත. දැනට මෙම සටහන චීනයේ අන්තර්ජාලයෙන් ඉවත් කර ඇත.එසේම හිටපු අංක එකේ ටෙනිස් යුගල ක්‍රීඩිකාවක් වන Peng සඳහා වන අනතර්ජාල සෙවීම් ද සීමා කර ඇති බව පෙනේ.

75 හැවිරිදි ෂැං 2013 සිට 2018 දක්වා චීනයේ උප අගමැති ලෙස කටයුතු කළ අතර චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සමීප සගයෙකි.නමුත් 35 හැවිරිදි පෙන්ග්, ඇයගේ ප්‍රකාශය තහවුරු කිරීමට සාක්ෂි සැපයීමට නොහැකි බව පිළිගෙන තිබේ.

Peng Shuai ග්‍රෑන්ඩ් ස්ලෑම් කාන්තා යුගල කුසලාන දෙකක් දිනා ඇත, පළමුවැන්න 2013 විම්බල්ඩන් හිදී සහ දෙවැන්න 2014 දී රෝලන්ඩ් ගැරෝස් තරඟාවලියේදී දිනා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි