×

බෙත්ලෙහෙමේ නත්තල් ගස ආලෝකමත් කෙරේ.

බටහිර ඉවුරේ බෙත්ලෙහෙම නගරයේ දී දැවැන්ත නත්තල් ගසක් ආලෝකමත් කිරීම සිදුවිය.


මෙම නත්තල් ගස පිහිටා තිබෙන්නේ බෙත්ලෙහෙමේ උත්පත්ති දෙව්මැදුර අසල ය.

එම අවස්ථාව සඳහා කතෝලික බැතිමත්හු දහස් ගණනක් එක්ව සිටියහ.

පලස්තීන අගමැති රම්සි හමදල්ලා (Rami Hamdallah) සහ පලස්තීනයේ ආගමික පූජකවරු රැසක් මෙම අවස්ථාව සඳහා එක් වී සිටියහ.

බයිබලයේ සඳහන් වන අන්දමට ලොවට සාමයේ පණිවුඩය ගෙනා ජේසු කුමරුගේ උත්පත්තිය සිදුවී තිබෙන්නේ බෙත්හෙලෙමේ ය. මෙය අද වන විට පවතින්නේ ඊශ්‍රායලය විසින් අල්ලාගත් බටහිර ඉවුර තුළ ය.

‘‘අපව මුලිනුපුටා දැමීමට සහ අපේ ශිෂ්ටාචාරයෙන් ද අපේ ඉතිහාසයෙන් ද අප ගළවා දැමීමට ඊශ්‍රායලය කරන සැලසුම අපි හෙළා දකිමු‘‘ යැයි නත්තල් සැමරුමකට අමතරව දේශපාලන මුහුණුවරක් ද ගත් මෙම අවස්ථාවේදී පලස්තීන අගමැතිවරයා කියා සිටියේය. ඔහු තවදුරටත් පැවසුවේ එවැනි සැලසුම්වලට පලස්තීනුවන් දැඩි සේ විරුද්ධ වන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි