උත්තර භාරතීය සිනමාව හෙවත් හින්දි සිනමාව මුළු ලොවම ආක්‍රමණය කර හමාරය. ලොව වැඩියෙන්ම චිත්‍රපට නිපදවෙන රට වූ ඉන්දියාවේ සිනමා සම්මාන උළෙලද අතිවිශාල ප්‍රමාණයක් තිබේ. එහෙත් ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලට ඇති පිළිගැනීම ඒ කිසිවකට නොලැබෙයි. හින්දි සිනමාවේ සමාරම්භක දශකය වන70 දශකය අද පවා සැලකෙන්නේ හින්දි සිනමාවේ ආවර්ජනීය අතීතයක් හිමි විශිෂ්ට යුගයක් ලෙස ය. පහත දැක්වෙන්නේ සුප්‍රකට ෆිල්ම් ෆෙයා සම්මාන උළෙල, එම දශකය තුළ එක් එක් වර්ෂවලදී පැවැත්වුණු ආකාරය පිළීබඳ ආවර්ජනීය මතක සටහනකි.
1970 – ගෝපි ක්‍රිෂ්ණා යුගය
බේරෙන වත්සුණු, රසවත් සංගීතය, පුළුලුකුළු, බෙර ශබ්දය…. නැත…. එය තවත් එක් ප්‍රදර්ශනාත්මක අංගයක් නොවේ. කැබරේ නෘත්‍ය ශිල්පිනිය ෆිල්ම්ෆෙයාර් වේදිකාව මත තම රංගනයක් ඉදිරිපත් කරනවා පමණකි. ගෝපි ක්‍රිෂ්ණා චරිතයට පණ පොවන අතිදක්ෂ නෘත්‍ය – නිළිය පද්මා ඛන්නා ප්‍රේක්ෂකයින්ගේ නෙත් සිත් දිගු වේලාවක් පැහැර ගන්නට මැලි වූවාය.
උළෙලේ ප්‍රධාන අමුත්තා වූ සත්‍යජිත් රායි, ආරාධනා චිත්‍රපටයේ පළ කළ රංගන ප්‍රතිභාව වෙනුවෙන් ෂර්මිලා තාගෝර් හට හොඳම නිළියට හිමි සම්මානය පිරිනමද්දී තාලියන් ශබ්දය තවත් උස් හඬින් නැගුණේය.
ෂර්මිලා එවකට පුතු සයීෆ් අලි ඛාන් කුස දරන ප්‍රීතිමත් ගැබිනියක වූවාය. ඇගේ සැමියා, මන්සූර් අලිඛාන් ඈ අසලින්ම සිටිනු දැකිය හැකි විය. ෂර්මිලා හොඳම නිළියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය මුල්වරට දිනා ගත්තේ එදිනය.
මෙම උළෙලේදී වූ ඉතා වැදගත් සිද්ධියක් වූයේ ගායන රජු කිෂෝර් කුමාර් හොඳම පසුබිම් ගායකයාට හිමි සම්මානය (ආරාධනා චිත්‍රපටියේ රූප් තෙරා මස්තානා ගීතයට) දිනා ගැනීමයි. ආශිර්වාද් චිත්‍රපටිය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය අශෝක් කුමාර් දිනාගත්තේය. හොඳම චිත්‍රපටියට හිමි සම්මානය ශක්ති සමන්තාගේ ආරාධනා චිත්‍රපටිය හිමිකර ගනිද්දී ‘ඉටිෆැක්’ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කිරීම වෙනුවෙන් යාෂ් චොප්රා හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානය දෙවැනි වතාවට ද දිනාගත්තේය.
‘ජීන් කරුහ්’ චිත්‍රපටියේ ‘ආප් මුජ්හේ ආකේ’ ගීතය සඳහා භාරතයේ ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.
1971 – මුම්ටාස්ගේ පළමු හා එකම සම්මානය
සම්මාන උළෙල ආරම්භ වූයේ අමුතු ආරකිනි. නිෂ්පාදක – අධ්‍යක්ෂ දේවේන්ද්‍ර ගොයෙල්, ෂාර්මුගන් සින්හ් අමතා මෙසේ කීය. “ඔබ චෙට්නා චිත්‍රපටියේ රඟපාන ආකාරය මම දැන් දුටුවා. මා එයට ඉතාම කැමතියි. මම ඉක්මනින්ම ඔබට චිත්‍රපටියක් දීමට බලාපොරොත්තු වෙනවා’’ ෂාර්තු ගත් කටටම මෙසේ කීය. “දැනුම් දුන්නාට ස්තූතියි’’
ගසල් (දේව ස්ත්‍රෝත්‍ර) ගයා මීනා කුමාරි ප්‍රේකෂකාගාරය පිනවූවාය. එවර හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ ‘සක්ක දූතා’ චිත්‍රපටියේ රඟපෑ රාජේෂ් ඛන්නාය. ඛිලෝනා චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් මුම්ටාස්, ඇගේ පළමු හා එකම සම්මානය දිනා ගත්තාය. (1996 දී ඇයට Lifetime Achievement සම්මානය ද හිමි විය.)
1972 භච්චන්ලාගේ හවුල් ගිණුම ඇරඹෙයි.
මෙවර සම්මාන උළෙලට අවසර පත්‍ර රහිත ප්‍රේක්ෂකයින් පවා පැමිණ සිටියහ. රැස්කමින් සිටි පිරිස, අයි.එස්. ජෝහාර් හාස්‍ය නළුවාගේ කථනයෙන් රසවත් වූහ.
1972 හින්දි චිත්‍රපට ඉතිහාසයේ අමරණීය වර්ෂයක් වන්නේ හේතු කිහිපයක් නිසාය. රිෂික් මුඛර්ජිගේ සදා අමතක නොවන ‘ආනන්ද්’ සම්මාන සන්ධ්‍යාව උජ්වලිත කළේය. එය රාජේෂ් ඛන්නාට හොඳම නළුවාට හිමි සම්මානය දෙවන වතාවටද හිමි කර දුන්නේය. එවර උස හීන්දැරි තරුණ නවක නළුවෙක්, තම ෆිල්ම්ෆෙයාර් සම්මාන තොගයකින් පළමුවැන්න දිනාගත්තේය. අමිතාබ් භච්චන් ඒ ආකාරයට සම්මාන ලද්දේ ආන්නද් චිත්‍රපටියේ හොඳම සහාය නළුවා ලෙස රඟපෑමෙනි. උප්හාර් චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් ජයා බහදූරි ද පළමු ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනාගත්තාය. එය විශේෂ සම්මානයක් විය. එක්ව සම්මාන දිනාගත් එම යුවළ අද ද එක් වහළක් යට එක්ව වෙසෙති. ආනන්ද චිත්‍රපටියේ දෙබස් වෙනුවෙන් ගුල්සාර් ද තම පළමු සම්මානය දිනා ගත්තේය. හොඳම චිත්‍රපටියට හිමි සම්මානය රිෂික් මුඛර්ජි හා එන්.සී. සිප්පි දිනාගත්හ. හොඳම චිත්‍රපට අධ්‍යක්ෂට හිමි සම්මානය දිනාගත්තේ රිෂික්ගේ හොඳම මිත්‍රයකු වන රාජ් කපූර්ය. ‘මේරා නාම් ජෝකර්’ චිත්‍රපටිය ඒ වන විට පිහිටුවා තිබූ බොක්ස් ඔෆිස් වාර්තා හේතුවෙන් එයට ද සම්මානයක් පිරිනැමිණි.
කපූර් පවුලට එම සිනමා උළෙල කිසි දින මතක නොවනු ඇත. ප්‍රිත්විරාජ් කපූර් විශේෂ සම්මානයක් දිනා ගන්නා විට ඔහුගේ මුණුබුරු රිෂි කපූර් ද සම්මාන ලැබුවේය.
1973 – හේමා මාලිනී කරළියට
උළෙලේ සම්මාන තීරකයින් වඩාත්ම අපහසුතාවයට පත් වූ වසරක් බවට සැක නැත. කමල් අම්රෝහිගේ ‘පකීෂා’, රමේෂ් සිප්පිගේ ‘සීතා අයුර් ගීතා’ දේව් ආනන්ද්ගේ ‘හරේ රාම් හරේ ක්‍රිෂ්ණා’ සහ මනෝජ් කුමාර්ගේ ‘බී-ඉම්මාන්’ මෙහිදී කරට කර සටන් වැදුණහ.
හේමා සීතා – ගීතා මාලිනී, අමිතාබ් භච්චන් අතින් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තාය. හරේ රාම් හරේ ක්‍රිෂ්ණාහි රඟපෑ සීනත් අමාන්, ඇගේ පළමු හා එකම ෆිල්ම්ෆෙයාර් සම්මානය ලෙස දිනා ගත්තේ හොඳම සහාය නිළියට හිමි සම්මානයයි.
බී – ඉම්මාන් චිත්‍රපටිය ද මෙහිදී හොඳම චිත්‍රපටියට හිමි සම්මානය ඇතුළුව සම්මාන හතක් දිනා ගත්තේය. හොඳම අධ්‍යක්ෂණය සඳහා සෝහන්ලාල් කන්වාර් ද හොඳම නළුවාට හිමි සම්මානය මනෝජ් කුමාර් ද හිමි කරගත්හ. මනෝජ් ‘ෂොර්’ චිත්‍රපටිය සඳහා හොඳම සංස්කරණයට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය ද දිනා ගත්තේය.
1974 – ජෝදි නම්බර් වන්
නෘත්‍ය විශාල ගණනක් ෆිල්ම්ෆෙයාර් වේදිකාව මත වේදිකාගත විය. ප්‍රේක්ෂකාගාරය තුෂ්නිම්භූතව බලා සිටියාය. සිමි ගයාවෙල්ගේ ගැඹුරට කපන ලද සැට්ටය සහ සීනත් අමාන්ගේ ඇඟටම සිර වූ ඇඳුම ප්‍රේක්ෂකයන්ගේ මතකයේ ඉතා දිගු කලක් රැඳී තිබුණාට සැක නැත. ඉතා මෑතකදී විවාහ වූ කිරි පැණි ජෝඩු තුනක් වෙත සියල්ලන්ගේම අවධානය යොමු වී තිබිණි. ජයා බහදුරි – අමිතාබ් භච්චන්, ඩිම්පල් කපාඩියා – රාජේෂ් ඛන්නා සහ රාඛි – ගුල්සාර්ය. සුන්දර පුදුමයක්! සියල්ලෝම සම්මාන ද දිනාගත්හ.
පළමු වතාවට හොඳම නිළිය සම්මානය සඳහා සම මට්ටමේ තරගකාරියන් දෙදෙනෙකු ජයග්‍රහණය කර සිටියහ. විනිශ්චය මණ්ඩලය අභිමාන් චිත්‍රපටියේ ජායාගේ රංගනය හා ‘බොබී’ චිත්‍රපටියේ ඩිම්පල්ගේ රංගනයන් අතරින් වඩාත් හොඳ කුමක්දැයි තීරණය කිරීමට අපොහොසත් වූහ. ‘නමක් හරම්’ චිත්‍රපටියේ අමිතාබ්ගේ රංගනය ද ‘දාග්’ චිත්‍රපටියේ රාකිගේ රංගනය, රාජේෂ් ඛන්නා සහ ෂර්මිලා තාගෝර්ගේ රංගනයන් තරමට වැදගත් හා අගය කළ යුතු යැයි ද විනිශ්චය මණ්ඩලය තීරනය කළහ. මේ ආකාරයට නැවත වතාවක් ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලකදී, හොඳම නළු-නිළි ද්විත්වය, හොඳම සහාය නළු-නිළි යුග්මය තරමටම වැදගත්, සමාන්තර භූමිකාවකැයි විනිශ්චය මණ්ඩලය තීරණය කළේ 1976 සම්මාන උළේලේදී පමණකි. නමක් හරාම් චිත්‍රපටියේ දෙබස් වෙනුවෙන් ගුල්සාර් ෆිල්ම්ෆෙයාර් සම්මානයක් නිවසට ගෙන ගිය අතර ‘අනුරාග්’ චිත්‍රපටියේ කළ චරිත නිරූපණය වෙනුවෙන් රාජේෂ් ඛන්නා විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය.
රාජ් කපූර් අධ්‍යක්ෂණය කළ ‘බොබී’ චිත්‍රපටිය සම්මාන 12 ක් සඳහා යෝජනා වී එයින් 5ක් දිනාගත්තේය. රිෂි කපූර් හොඳම නළුවා ලෙස සම්මාන ලද්දේය. හොඳම ශබ්ද පටිගත කිරීම සඳහා අලවුදීන් ද හොඳම කලා අධ්‍යක්ෂණය සඳහා ඒ. රංගරාජ් ද හොඳම පසුබිම් ගායකයා ලෙස නරේන්ද්‍ර චංචල් ද සම්මාන දිනාගත්හ.
‘සන්ජීර්’ නමැති තවත් චිත්‍රපටියක් වෙතද විනිශ්චය මණ්ඩලයේ දැඩි අවධානය යොමුව තිබිණි. එහි රංගනය වෙනුවෙන් ජයා බහදූරි හෝ අමිතාබ් භච්චන් සම්මාන දිනා නොගත් බව සත්‍යයකි. එම සම්මාන හිමිකර ගත්තේ එවැනිම තවත් නළු-නළි යුවළක් විසිනි. සලීම්-ජාවෙඩ් යුවල පිළිවෙළින් හොඳම කතාවට සහ හොඳම තිර රචනයට හිමි සම්මාන ලබා ගත්හ.