මෙම නඩුව මගින් ඉල්ලා සිටින්නේ ජිම් ඇකෝස්ටා හට ධවල මන්දිරය තුළට පිවිසීමේ අයිතිය වහාම ලබාදෙන ලෙස ය.
මෙහි වගඋත්තරකරුවන් හය දෙනෙක් වෙති. ඒ, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලී, මාධ්‍ය ලේකම් සාරා සැන්ඩර්ස් හකබී, සන්නිවේදන අංශයේ කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී බිල් ෂයින්, බුද්ධි අංශ සේවා අධ්‍යක්ෂ රැන්ඩොල්ෆ් ඒල්ස් සහ පසුගිය බදාදා ඇකෝස්ටාගේ මාධ්‍ය අවසරපත රැගෙන ගිය බුද්ධි අංශ නිලධාරියා ය.
මෙහි පැමිණිලිකරුවන් වන්නේ සීඑන්එන් පුවත් සේවය සහ ජිම් ඇකෝස්ටා ය.
‘‘මෙම නඩුව සීඑන්න් සහ ජිම් ඇකොස්ටා සම්බන්ධයෙන් විශේෂිත වුවත්, මෙය ඕනෑම කෙනෙකුට සිදුවිය හැකි දෙයකි. එය අභියෝගයට ලක් නොකරන්නේ නම්, ධවල මන්දිරයේ ක්‍රියාවන් විසින්, අපගේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ නිලධාරීන්ගේ පුවත් ආවරණය කරන මාධ්‍යවේදීන්ට අති භයානක බලපෑමක් සිදුකරනු ඇත..“ යැයි සීඑන්එන් පුවත්සේවය කියා සිටියි.
වොෂින්ටන් දිසා අධිකරණයේ පවරා ඇති මෙම නඩුව අද දිනයේ විභාගයට ගැනීමට නියමිත ය.