×

කෝපි ගැන ඇත්ත කතාව

ඔබ දන්නවාද..? කෝපි පානය අපව අවදියෙන් තබයි. අපව කාර්යබහුල දිනය සඳහා සූදානම් ශරීරයෙන් තබයි. එසේ කරන්නේ ශරීරයේ ජෛව රසායනය පුදුම සහගත ලෙසට වෙනස් කිරීම මගිනි.


 ඛණිජතෙල් වලට පමණක් දෙවැනි වී ලෝකයේ වැඩිවශයෙන්ම අලෙවි වන භාණ්ඩය කෝපි වේ. එතෙකින් නොනැවතී, ලෝකවාසීහු දිනකට කෝපි කෝප්ප මිලියන එක්දහස් හාරසියයක් පානය කරති. ජනප්‍රියතාවය අතින් එය දෙවැනි වන්නේ ජලයට පමණි. නමුත් මේ සියල්ලටම වඩා, කෝපි නිසා මොළයට විස්මයජනක බලපෑමක් සිදුවේ. දුරාතීත ඉතියෝපියාවේ කල්දි නමැති ගොපල්ලා දිනක් අවදි වූයේ සිය කීකරු එලුවන්ට කුමන අකරතැබ්බයක් වීදැයි චකිතයෙනි. රැහේ සිටි වයස්ගත එලුවන්, නාඹර තරුණයන් මෙන් කුරවලින් දුහුවිලි අවුස්සමින් සිටියහ. ළංවී බැලූ විට ඔහු දුටුවේ තමන්ගේ ඇහැ පියවූ ඇසිල්ලේ එලුවන් රංචුව, බෙරි ගෙඩිවලට සමාන යම්කිසි ගෙඩි වර්ගයක් අති මහත් උනන්දුවෙන් යුතුව කමින් සිටින බවයි. කල්දි ද ඒ ඉදුණු ඵලවල රස බැලුවේය. මද වේලාවින් ඔහුටද දැනුණේ ප්‍රාණවත් බවකි. කිසිවෙකුට පැවසීමට කරදර නොවූ මේ කතාන්දරය, කල්දි සහ ඔහුගේ එලු රංචුවේ කල්ක්‍රියාව ගැන සෝදිසියෙන් සිටි මහලුනැණවත් පූජකවරයෙකු අතට පත්විය. ඔහු කෝපි ගෙඩි දින ගණන් තිස්සේ වෙහෙස වී විවිධ ක්‍රමවලට ශුද්ධ කර, වේලා කුඩුකර උණු වතුර දමමින් බැලුවේ එයින් රසවත් පානයක් පිළියෙළ වේවිදැයි කියා ය. අනතුරුව මේ පානය නම් “දෙවියන්ගෙන් ලද ත්‍යාග”කැයි ඔහු සිය අනුගාමිකයන්ට දේශනා කළේය. කෝපි පිළිබඳ මේ ඉපැරණි පුරාවෘත්තයට අනුව කෝපි මුලින්ම සොයාගැනීමේ ගෞරවය පෙර කී කණ්ඩායම අතර සමසේ බෙදී යා යුතුය. නමුත් ඔබ දන්නවාද..? කෝපි පානය අපව අවදියෙන් තබයි. අපව කාර්යබහුල දිනය සඳහා සූදානම් ශරීරයෙන් තබයි. එසේ කරන්නේ ශරීරයේ ජෛව රසායනය පුදුම සහගත ලෙසට වෙනස් කිරීම මගිනි.

අප අවදියෙන් සිටින විට ඇඩිනොසීන් නමැති රයිබෝස් සීනි අණුව මොළයේ ගොඩගැසෙන්නට පටන් ගනියි. ඒවා මොළයේ ක්‍රියාකාරිත්වය මන්දගාමී කරන ප්‍රතිග්‍රාහකවලට බැඳී තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ වෙහෙස හෝ කම්මැලි කමයි. වෙනත් අයුරකින් පවසන්නේ නම් අවදියෙන් සිටින පැය ගණන වැඩි වන්නට වැඩි වන්නට විඩාවද වැඩියෙන් දැනෙන්නට ගනියි. මෙහි අනෙක් පස වන්නේ, අප නිදාගන්නා විට ඇඩිනොසින්වල ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් ගිලිහී ක්‍රියාශීලී බවක් දැනෙන්ට පටන් ගනියි. කෝපි කෝප්පයේ තිබෙන කැෆේන් (කැෆීන්) ද ක්‍රියාකාරිත්වයෙන් ඇඩිනොසීන්වලට පුදුමාකාර සමානකමක් දක්වයි. කෝපි පානය කළ විට රුධිරයට එක්වන කැෆේන් අණු මොළයේ ඇඩිනොසීන් ප්‍රතිග්‍රාහක සමග බැඳෙන්නට පටන් ගනියි. නමුත් ඒවා සැබෑ ඇඩිනොසීන් නොවන නිසා “නිදිබරගතිය” නමැති බලපෑම ඇති නොවේ. දිගු කලක් තිස්සේ කෝපි බොන විට සිදුවන්නේ මොළය විසින් වඩ වඩාත් ඇඩිනොසීන් ප්‍රතිග්‍රාහක නිර්මාණය කිරීමයි. එය සැබෑ ඇබ්බැහිවීමකි. එනිසා දිනපතා පුරුද්දක් වශයෙන් බොන කෝපි කෝප්පය නොමැති වූ විට අසමතුලිත බවක් ඇතිවීම වැළැක්විය නොහැකි වේ.

කැෆේන්වල ජීව ගුණය පැය හයක් ඇතුළත පිරිහී යයි. එනම් එක්වර කෝපි කෝප්ප ගණනාවක් පානය කිරීම මගින් ඔබේ රුධිරයට කැෆේන් මිලිග්‍රෑම් 150 ක් එක්වූවා නම් පැය හයකට පසු එම ප්‍රමාණය මිලිග්‍රෑම් 75 ක් බවට පත්ව තිබෙනු ඇත.

නමුත් කැෆේන් එතැනින් නොනැවතෙයි. එය ‘ෆයිට් ඕ ෆ්ලයිට්’ (සටන් කරනු නැතිනම් පළායනු) හෝමෝනය ලෙස ප්‍රකට ඇඞ්ලිනරීන් හෝමෝනය ද සක්‍රිය කරන්නට පටන්ගනියි. ප්‍රතිඵලය ලෙසට ඔබේ හදවතේ ගැස්ම වැඩිවෙයි. හෘදයවස්තුවෙන් රුධිරය පොම්පකරන වේගය ද වැඩි කරයි. මොළයෙන් ස්‍රාවය වන ස්නායු සම්ප්‍රේෂකයන් වන ඩෝෆමින් මට්ටම් ද වැඩිකරයි. එවිට ඔබට හේතුවක් නැතත් සතුටක් දැනෙන්ටත් පටන් ගනියි.ෳ විද්‍යාත්මකව සලකන විට මේ මට්ටමේදී කෝපි, අඩු මාත්‍රාවකින් ක්‍රියාකරන මත්ද්‍රව්‍යයක් වැනි ය. මේ ඩෝෆමින් උත්තේජනය ඔබ කෝපිවලට තව තවත් ඇබ්බැහි වන්නට හේතුවකි. එවිට ඔබ තව තවත් කෝපි බොන්නට පෙළඹෙයි. නමුත් යම් හෙයකින් ඔබට කෝපි බීමේ සීමාවක් තබාගන්නට අපහසු වුවහොත් සිදුවන්නේ කුමක්ද? ඔබේ බර අනුව සිදුවන දෙයෙහි බරපතළ කම රඳා පවතියි.

උදාහණයක් ලෙස, දේහ බර කිලෝ ග්‍රෑම් 70 ක් වන අයෙක් කැෆේන් මිලිග්‍රෑම් දාහතරදහසක් ශරීරගත කරගෙන ඇත්නම් ඔහු හෝ ඇය, ‘ඕවර්ඩෝස් තත්වය” ට හෙවත් පමණ ඉක්මවා කෝපි පානය කළ අයෙක් බවට පත්වේ. සාමාන්‍ය කෝපි කෝප්පක අඩංගු වන්නේ කැෆේන් මිලිග්‍රෑම් 150 කි. ඒ අනුව කිලෝ හැත්තෑවක බරෙන් යුත් අයෙකු, නොකඩවා කෝපි කෝප්ප හැත්තෑවක් පානය කළොත් සිහිමද හෝ අධික මත් බවට පත් වේ. නමුත් ප්‍රායෝගිකව නම් එකවර කෙනෙකුට කෝපි කෝප්ප හැත්තෑවක් පානය කළ නොහැකිය. අනෙක් අතට මේ මාරක තත්වයට ළඟාවීමට පෙර අධික කැෆේන් ප්‍රතිශතය නිසා මේනියා හෙවත් උමතුගතිය සහ හැලුසිනේෂන් හෙවත් මායා දසුන් පෙනීම සිදුවනු ඇත. කැෆේන්වල ජීව ගුණය පැය හයක් ඇතුළත පිරිහී යයි. එනම් එක්වර කෝපි කෝප්ප ගණනාවක් පානය කිරීම මගින් ඔබේ රුධිරයට කැෆේන් මිලිග්‍රෑම් 150 ක් එක්වූවා නම් පැය හයකට පසු එම ප්‍රමාණය මිලිග්‍රෑම් 75 ක් බවට පත්ව තිබෙනු ඇත. මෙසේ ක්‍රමයෙන් කැෆේන්වල බලපෑම වියැකී යන විට එයට සාපේක්ෂව ඇඩිනොසීන්වල අවශ්‍යතාවය මතුවෙන්නට පටන්ගනියි. කෝපිගසක් එක වාරයට සුදු මල් තිස්දහසක් පුබුදුවයි. ඉක්බිති පැය තිස්හයක් ඉක්මයන්නට පෙර ඒ මල්, ඵල බවට පත්වෙන්නට පටන් ගනියි. වස්සානයේ ස්වභාවයට අනුව විටෙක වසරකට අට වතාවක් පමණ මල් පුබුදුවන්නට වුවත් කෝපි ගස පසුබට නොවේ. එනිසා එක කෝපි ගසකට ලෝ වැසියන් කොපමණ මත් කළ හැකිදැයි ඔබම සිතා බලන්න. දහඅටවන සියවසේ යුරෝපයේ කෝපි අවන්හල් අතිශයින්ම ජනප්‍රිය ව පැවතිණි. පැය ගණන් එක දිගට කෝපි පානය කිරීමට ප්‍රිය කළවුන්ද ඒවායේදී දැකිය හැකිවිය. ප්‍රංශ හා ඇමරිකානු විප්ලවයන්ගේ වැදගත් තීරණ, එවැනි කෝපි අවන්හල්වලදී ගනු ලැබූ බව කියයි. සයන්ස් මැගසින් ඇසුරෙන්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි