×

ඉන්දියාවේ හා පාක්ස්ථානයේ කොරෝනා රෝගීන් ගණන වාර්තාගත ලෙස ඉහළ ය​යි

ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ නව ආසාදිතයින් 97,570 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය දිනක් තුළ එක් රටකින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බව වාර්තා වේ. ඊයේ (12) දිනයේ ඉන්දියාවේ කොරෝනා මරණ 1201 ක් ද සිදුව තිබේ.


ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 97,570 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය දිනක් තුළ එක් රටකින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බව වාර්තා වේ. ඊයේ (12) දිනයේ ඉන්දියාවේ කොරෝනා මරණ 1201 ක් ද සිදුව තිබේ.

ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,659,984 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ථ මරණ සංඛ්‍යාව 77,472 ක් වේ.

කෙසේවෙතත් සමස්ථ ආසාදිතයින්ගෙන් හතරෙන් තුනක පිරිසක් මේ වන විටත් පූර්ණ සුවය ලබා ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සඳහන් කර තිබේ.

මේ අතර පාකිස්තානයේ සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා තිබේ. ඊයේ (12) දිනය තුළ එරටින් නව කොවිඩ් ආසාදිතයින් 516 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ අනුව එරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 300,371 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට පාකිස්තානයේ කොවිඩ් නයින්ටීන් ආසාදනයවිමෙන් පුද්ගලයින් 6,370 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ. එරට සමස්ථ ආසාදිතයින්ගෙන් 288,206 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි