×

ජනපති බොල්සොනාරෝගේ “පුංචි හෙම්බිරිස්සාව” බ්‍රසීලියානුවන් 1000ක් බිලි ගනියි!

බොහෝ ප්‍රාන්ත නිරෝධායන ක්‍රියාමාර්ග පනවා ඇති නමුත් ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ විසින් මෙම සීමාවන්ට අභියෝග කර ඇත්තේ ඒවා අනවශ්‍ය ලෙස ආර්ථිකයට හානි කරන බවයි. එමෙන්ම ඔහු පවසා සිටින්නේ ලොව පුරා මිසින් ජීවිත 100000කට වැඩිය බිලිගත් මෙම කොරෝනා වෛරසය ඉතා සුළු හෙම්බිරිස්සාවක් වැන්නක් යන්නයි.


දකුණු අර්ධගෝලයේ කොරෝනා  මරණ සංඛ්‍යාව 1,000 ක් ඉක්මවා ගිය පළමු රට බවට බ්‍රසීලය පත්ව ඇත.

මේවන විට කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 1,056 ක් සහ රෝගීන් 19,638 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කර තිබේ. රෝහල්වල රෝගීන් පමණක් තවමත් පරීක්ෂාවට ලක් කරන බැවින් එම සංඛ්‍යාව බෙහෙවින් වැඩි වනු ඇති බව වාර්තා වේ.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ ජනාකීර්ණ පලාත් වල සමාජ දුරස්ථතාවය ඇති කිරීමේ නිවේදන නොතැකීම, සනීපාරක්ෂණ පහසුකම් වල දුර්වල බව යනාදී කරුණු හේතුවෙන් වෛරසය පාලනයෙන් බැහැරව වැඩි වැඩියෙන් ව්‍යාප්ත විය හැකි බවයි.

වෛරසය භයානක ලෙස රට තුළ ව්‍යාප්තව ගියහොත් බ්‍රසීලයේ ආදිවාසී ප්‍රජාවන් විනාශ විය හැකි බවට ද බියක් පවතී. මෙම සතිය මුලදී, ආදිවාසී යෞවනයෙකු උතුරු ප්‍රාන්තයේ රෝරායිමා හි රෝහලකදී මිය ගිය අතර, ආදිවාසියෙකුගේ නිල වශයෙන් තහවුරු වූ පළමු මරණය බවට පත්විය.

මිය ගිය 15 හැවිරිදි අල්වානේ සිරික්සානා, යානෝනාමි ජනවාර්ගික කණ්ඩායමේ සාමාජිකයින් 20,000 කට වැඩි පිරිසකගෙන් කෙනෙකි. ඔවුන් වැඩි වශයෙන් ජීවත් වන්නේ බ්‍රසීල-වෙනිසියුලානු දේශ සීමාව තුළ විශාල දේශීය රක්ෂිතවල ය.

බොහෝ ප්‍රාන්ත නිරෝධායන ක්‍රියාමාර්ග පනවා ඇති නමුත් ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ විසින් මෙම සීමාවන්ට අභියෝග කර ඇත්තේ ඒවා අනවශ්‍ය ලෙස ආර්ථිකයට හානි කරන බවයි. එමෙන්ම ඔහු පවසා සිටින්නේ ලොව පුරා මිසින් ජීවිත 100000කට වැඩිය බිලිගත් මෙම කොරෝනා වෛරසය ඉතා සුළු හෙම්බිරිස්සාවක් වැන්නක් යන්නයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි