×

මරණයෙන් අවදි වූ ඉක්වදෝරියානු කොරෝනා ආසාදිතයා

74 හැවිරිදි ඉක්වදෝරියානු කාන්තාවක් කොරෝනා වෛරසයෙන් මියගිය බව ප්‍රකාශ කර ඇති නමුත් ඇයගේ, අනන්‍යතාවය වැරදියට හඳුනාගෙන තිබේ.


74 හැවිරිදි ඉක්වදෝරියානු කාන්තාවක් කොරෝනා වෛරසයෙන් මියගිය බව ප්‍රකාශ කර ඇති නමුත් ඇයගේ, අනන්‍යතාවය වැරදියට හඳුනාගෙන තිබේ.

ඇල්බා මරුරිගේ පවුලේ සාමාජිකයින්ට ඇගේ මරණය පිළිබඳව පසුගිය මාසයේ දන්වා ඇති අතර පසුව ඇයගේ අළු අඩංගු බහාලුමක්ද ඔවුන්ට යවා ඇත.

නමුත් රෝහලක සති තුනක කෝමා තත්වයෙන් සිට පසුගිය බ්‍රහස්පතින්දා අවදි වූ මරුරි මහත්මිය වෛද්‍යවරුන්ට තම සහෝදරියට කතා කරන ලෙස ඉල්ලා සිටියාය. ඇගේ පවුලේ අය මෙම පුවත ගැන අතිශයින් සතුටට පත් වූහ – නමුත් ඔවුන්ට යවන ලද අළු කාගේ අළුද යන්න තවමත් කවුරුත් දන්නේ නැත.

ප්‍රාදේශීය පුවත්පතක් වන එල් කොමර්සියෝ පුවත්පතට අනුව මාරූරි මහත්මිය පසුගිය මාසයේ දැඩි උණ සහ හුස්ම ගැනීමේ අපහසුතාවයන් හේතුවෙන් රෝහල් ගත කර තිබේ. මාර්තු 27 වන දින ඇගේ පවුලේ අයට ඇය මියගිය බව රෝහල විසින් පවසා ඇත. රෝහල් මෘත ශරීරාගාරයේ මළ සිරුරක් ඔවුන්ට පෙන්වා ඇති නමුත් බෝවන බිය නිසා එයට ළං වීමට අවස්ථාව ලබාදී නැත.

මරුරිගේ බෑණනුවන් වන ජයිම් මෝර්ලා රෝහල් නිලධාරීන්ට පැවසුවේ එය ඔහුගේ නැන්දා යැයි හඳුනාගත් බවයි. “මම ඇගේ මුහුණ දැකීමට බිය වුණා,” ඔහු ඒඑෆ්පී වෙත පැවසීය. “මම මීටර එකහමාරක් ඈතින් සිටියෙමි. ඇගේ කොණ්ඩයෙන් හා සමේ වර්ණයෙන් මා ඒ ඇය බව හඳුනාගත්තා.” මෘත දේහය රැගෙන ආදාහනය කර අළු පවුලේ අයට යවා ඇත.

නමුත් පසුව බ්‍රහස්පතින්දා මරුරි මහත්මිය සිහිය ලබා සිටි අතර ඇගේ නම ඇසීමෙන් වෛද්‍යවරුන් මවිතියට පත් විය. ඇය ඔවුන්ගේ නිවසේ දුරකථන අංකය ලබා දුන් අතර ඇයව රැගෙන යන ලෙස ඇගේ සහෝදරිය වන ඕරාගෙන් ඉල්ලා සිටින ලෙස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

මෙම වරද සම්බන්ධයෙන් රෝහල මරුරි පවුලේ සාමාජිකයන්ගෙන් සමාව අයැද තිබේ. මරුරි මහත්මිය ජීවත් වී ඇත්තේ ඉක්වදෝරයේ කොවිඩ් -19 කේන්ද්‍රස්ථානය වන ගුවායාකිල් නගරයේ ය.

වසංගතය ඉක්වදෝරයට දැඩි ලෙස බලපා ඇති අතර රෝගීන් 22,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 600 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි