×

කොරෝනා වෛරසය ලොව පුරා පුපුරා යෑම තීරණාත්මක ස්ථානයක -ලෝක සෞඛ්‍ය සංවිධානය

මේ වනවිට ගෝලීය වශයෙන් රටව් 50කට ආසන්න සංඛ්‍යාවක 80000කට වැඩි පිිරිසක් ආසාදනය වී ඇත. චීනයේ හුබෙයි පළාතේ පමණක් මිය ගිය සංඛ්‍යාව 2800කට ආසන්නය.


කිරීටක කොරෝනා වෛරසයය හෙවත් කොවිඩ් 19න් ලෝකය පුරා පැතිර යෑමේ තත්ත්වය මේ වන විට තීරණාත්මත තත්ත්වයකට පැමිණ ඇති බව ‍ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෙඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ගෙබ්රෙයිසස් පවසන්නේ ලෝකයේ රටවල් වෛරසය පැතිරී යෑම වැළක්වීමට සටන් කරමින් සිටින බවයි. අද දෙවන දිනයටත් චීනයට වඩා පිටත රටවලින් සිද්ධීන් වාර්ථා වී ඇත.ඒ අනුව මේ වන විට චීනය පරදවා ඉරානය සහ ඉතාලිය රෝගය සීග්‍රයෙන්ම ව්‍යාප්ත මධ්‍යස්ථාන බවට පත්වී ඇත. ඒ අනුව රෝගය ව්‍යාප්ත කිරීමේ ප්‍රධානතම ආසාදන මධ්‍යස්ථාන ඉරානය සහ චීනයයි.

මේ වන විට ඉරානයේ ඉහළ පෙළේ නිළධාරීන් කිහිප දෙනෙකුද රෝගය ආසාදනය වූවන් අතර සිටින අතර එසේ ආසාදනය වූ නවතම තැනැත්තා කාන්තා හා පවුල් කටයුතු පිළිබද උප සභාපතිවරයා වන මසුමේ එබ්ටෙකාර්ය.
මේ වනවිට ගෝලීය වශයෙන් රටව් 50කට ආසන්න සංඛ්‍යාවක 80000කට වැඩි පිිරිසක් ආසාදනය වී ඇත. චීනයේ හුබෙයි පළාතේ පමණක් මිය ගිය සංඛ්‍යාව 2800කට ආසන්නය.

මේ අතර සංචාරක සීමාවන් වැඩි කිරීම හේතුවෙන් ව්‍යාපාරික ක්‍රියාකාරකම් වළක්වනු ඇතැයි යන බිය විසින් ලොව පුරා කොටස් වෙළඳපළ තියුණු ලෙස පහත වැටීමට හේතු වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ?
වෛරසය පාලනය කිරීම සඳහා හැකිතාක් කඩිනමින් හා ආක්‍රමණශීලීව කටයුතු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රාජ්‍ය්‍යන් ගෙන් විමසා සිටී.
“අපි සැබවින්ම ඉතා පරිස්සමින් මැදිහත්විය යුතු තත්වයක සිටින අතර එය පැතිරීම ඕනෑම දිශාවකට සිදු විය හැකි අතර එය අප හැසිරවිය යුතු ආකාරය මත පදනම් වේ.
”මෙය බිය වී සිටින්නට කාලයක් නොව වහා ජීවිත බේරා ගැනීමට පියවර ගත යුතු සහ ආසාදනය වීම් වැළැක්වීමට පියවර ගත යුතු කාලයකි.”  ලෝක සෙඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ගෙබ්රෙයිසස් පවසයි.

රටවල් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?

  • ජපානය සහ ඉරාකය පාසල් වසා දැමීමට නියෝග කර ඇත – චීනය සහ හොංකොංහි ප්‍රධාන භූමි ප්‍රදේශයකද පාසැල් වසා දමා ඇත.
  • සෞදි අරාබිය විදේශීය බැතිමතුන් රට තුළට ඇතුළු වීම වළක්වයි. මේ වසරේ ජූලි මාසයේ ආරම්භ වන හජ් වන්දනා ගමනට එය බලපානු ඇති බවට සැක කෙරේ.
  • රට තුළ නිකරුනේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ඉරානය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින අතර ටෙහෙරානයේ සහ වෙනත් නගරවල සිකුරාදා අවලංගු කළේය.
  • ඕස්ට්‍රේලියාව ඇ.තුළු රටවල් චීනයෙන් පැමිණෙන විදේශීය සංචාරකයින්ට තහනමක් පනවා තිබේ.
  • පුද්ගලයන් 17 දෙනෙකු මියගිය ඉතාලිය නගර 11 ක් නිරෝධායනය කර තිබේ.
  • ග්‍රීසිය සියළුම සැණකෙළි කටයුතු අවලංගු කරයි.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි