අද සවස ඊශ්‍රායල දේශසීමාව තුළ ගමන් ගනිමින් තිබූ බස් රියකට, පලස්තීන පාලනයක් සහිත ගාසා තීරය දෙසින් මෝටාර් ප්‍රහාරයක් එල්ල විය. ඒ අනුව මේ වන විට ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා විසින් ගාසා තීරයේ පලස්තීන පාලන ප්‍රෙද්ශය වෙත දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටියි.
විනාඩි 40 ක් ඇතුළත ඊශ්‍රායලය විසින් රොකට් ප්‍රහාර 80 ක් එල්ල කළ බව නවතම වාර්තාවල සඳහන් වේ.
මෙම නවතම නොසන්සුන්තාවයට මුල් වූ සිදුවීමේදී ඊශ්‍රායල් සෙබළුන් පිරිස ගාසා තීරයට ඇතුල් වී ගමන් කර තිබෙන්නේ සිවිල් වාහනයකිනි. එහිදී ඔවුන් විසින් 37 හැවිරිදි නූර් බරකා (Nour Baraka) වෙඩි තබා මරා දමා තිබේ. ඔහු හමාස් සංවිධානයේ අල්-ක්වාසම් බ්‍රිගේඩයේ ජ්‍යේෂ්ඨ අණදෙන නිලධාරියෙකි.
අල්-ක්වාසම් බ්‍රිගේඩය යනු, ගාසා තීරයේ විමුක්තිය වෙනුවෙන් සටන් වැද සිටින හමාස් සංවිධානයේ හමුදා අංශයේ නිල නාමයයි.
මෙම හමාස් ප්‍රබලයාව මරාදැමීමෙන් පසු ඇති වූ උණුසුම් වාතාවරණය තුළ ගාසා තීරය ගිනි වැදුණු අතර, තවත් පලස්තීනුවන් 6 දෙනෙක් ද මරා දමනු ලැබීය.
ගාසා තීරයට අනවසරයෙන් ඇතුල් වී සිටි ඊශ්‍රායල් කණ්ඩායම, එයින් ඉවත් වූයේ, ඊශ්‍රායලය දෙසින් ගාසා තීරයට දරුණු ගුවන් ප්‍රහාර එල්ල වන වාතාවරණයක් මධ්‍යයේ ය.
ගාසා තීරයෙන් ඊශ්‍රායලය වෙතට රොකට් ප්‍රහාර 17 ක් එල්ල කළ බවත්, එයින් 3 ක් මර්දනය කළ බවත් ඊශ්‍රායල හමුදාව පසුව කියා සිටියේය.
මෙම කුපිත කිරීම සිදුවූයේ අතිශය සංවේදී කාලයකදී ය. සැලකිය යුතු කාලයක් මුළුල්ලේ ඊශ්‍රායලය හා පලස්තීනයේ හමාස් සංවිධානය අතර පැවති සටන් විරාමය, ඊජිප්තුවේ කපු කමෙන් හටගත්තකි. එසේම ජගත් සංවිධානය ද එයට මූලිකත්වය ගත් අතර, ඒ සඳහා මුදල් වියදම් කළේ කටාර් රාජ්‍යයයි.
එසේම මෙම උණුසුම්කාරී තත්වය හටගන්නා විට ඊශ්‍රායල් නායක බෙන්ජමින් නෙතනියාහු, තමන් ගාසා තීරයේ ස්ථාවරත්වයක් ඇති කිරීමට කොතරම් ඇප කැප වී සිටින්නේදැයි පැරිසියේ පැවති රැස්වීමකදී කියමින් සිටියේය.
නමුත් මෙවැනි අවස්ථාවක ගාසා තීරය තුළට රිංගා හමාස් සංවිධානයේ මුල් පෙළ කමාන්ඩර්වරයෙකු ඝාතනය කිරීමද, ඊශ්‍රායලයේ තවත් කූට යුධ උපක්‍රමයක් බවට මේ වන විට දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.
ඊශ්‍රායලය සහ පලස්තීන ගරිල්ලන් අතර, 2008 වසරේ පටන් 2018 වසර වන විට ගාසා තීරය තුළ පමණක් යුධමය තත්වයන් 3 ක් හටගෙන තිබේ. මේ ඇති වී තිබෙන්නේ 4 වැනි ගාසා යුද්ධයයි.