×

එංගලන්තයේ දෛනික මරණ ගණන තීරණාත්මක ලෙස ඉහළ යන්නේ ‘කෝවිඩ් ශීත සෘතුවක්‘ කැඳවමින්ද..?

එක්සත් රාජධානියෙන් ඊයේ දිනයේ වාර්තා වූයේ මාර්තු මාසයෙන් පසු වැඩිම දෛනික කෝවිඩ් මරණ සංඛ්‍යාවයි. මරණ 223 ක් ඊයේ දිනයේ වාර්තා විය.


ජූලි මාසයේ සිට පළමු වතාවට නව ආසාදන සංඛ්‍යාව ද 50,000 ඉක්මවා ගියේය.

බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවාව වන NHS හි ප්‍රධානී මැතිව් ටේලර් මේ අනුව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හට අනතුරු අඟවා තිබුණේ වහාම විකල්ප සැලසුමක් හෙවත් ‘Plan B’ වෙත යා යුතු බව ය. මෙම ‘Plan B’ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින්ම සැප්තැම්බර් මාසයේදී නිවේදනය කළේ තත්වය නරක අතට හැරුණොත් වහාම ක්‍රියාත්මක කිරීම සඳහා ය. දෛනික මරණ ගණන එක දිගට 250 ඉක්මවා ගියහොත් ‘Plan B’ වෙත අනිවාර්යයෙන්ම යා යුතු බව විශේෂඥයන්ගේ මතයයි. එළඹෙමින් තිබෙන ශීත සෘතුවේදී ඛේදවාචකයන් නිර්මාණය වීම වළක්වා ගත හැකි වනු ඇත්තේ මෙසේ කළහොත් පමණි.

මේ අතර, පසුගිය ජූලි මාසයේදී අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එක්සත් රාජධානියේ පැවති බොහෝ වසංගත සීමාවන් ඉවත් කළ අතර, ඒ අනුව ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම ද අනිවාර්ය නොවන තත්වයක් නිර්මාණය විය. තවද ‘වර්ක් ෆ්‍රොම් හෝම්‘ ද අනිවාර්ය නැති බවට ප්‍රකාශ වී තිබිණි. ඒ අනුව මහා බ්‍රිතාන්‍යෙය් දැන් පවත්නා ‘Plan A’ ‘සැර බාල වූ තත්වය‘කට පත් විය.

(Photo by Jeff J Mitchell/Getty Images)

වහාම ‘Plan B’ ක්‍රියාත්මක කළ යුතු බව NHS ප්‍රධානියා අවධාරණය කරන්නේ ඊයේ දිනයේ මරණ ගණන 250 සීමාවට ආසන්න වීමත් සමග ය. එහිදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර, සියලු දෙනා ‘වර්ක් ෆ්‍රොම් හෝම්‘ සිදුකළ යුතුය

නමුත් බ්‍රිතාන්‍ය දේශපාලන අධිකාරිය තුළ නව කෝවිඩ් ව්‍යාප්ත සීමාවන් හඳුන්වා දීම පිළිබඳ තවම පැහැදිලි අදහසක් නැත. මේ වන විට බ්‍රිතාන්‍යයේ වෙළඳ ඇමති (Business Secretary) ලෙස කටයුතු කරන ක්වාසි ක්වාටෙන් පවසා තිබෙන්නේ බ්‍රිතාන්‍යය නැවත ලොක්ඩවුන් තත්වයක් දක්වා යා යුතු නැති බවයි.

වෙනත් වචනවලින් කියන්නේ නම් ලන්ඩනයේ අංක 10 අගමැති කාර්යාලය දැන් පසුවන්නේ ප්ලෑන් බී වෙත යාමේ කිසිදු සැලසුමක් නැති හෙවත් “absolutely no plan” තත්වයේ ය. නමුත් මෙවර ශීත සෘතුව Covid Winter හෙවත් කෝවිඩ් ශීත සෘතුවක් බවට පත් වීමේ අවදානම ඉතා ඉහළ ය. ඇතැම් විශේෂඥයන්ට අනුව එක්සත් රාජධානියේ දැන් පවතින තත්වය අනුව ‘Plan B’ වලින් නොනැවතී ‘Plan C’ ද සැලසුම් කර ගත යුතුව තිබේ!

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි