×

බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ හැත්තෑ පන් දහස ඉක්මවයි – නව ආසාදන පනස් දහස පසුකරයි!

බ්‍රිතාන්‍යයේ කොවිඩ් වසංගත තත්ත්වයෙන් මරණයට පත් සංඛ්‍යාව හැත්තෑපන්දහස ඉක්මවා තිබේ.


ගතවූ පැය 24 තුළ නව ආසාදන 54,990 සමඟ නව මරණ 454 වාර්තා වීමෙනි ඉහත සංඛ්‍යාන සටහන් වී ඇත්තේ.

ඒ් අනුව බ්‍රිතාන්‍යයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 75,024 ලෙස රජයේ නිල වාර්තා සඳහන් කරයි.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාව NHS සඳහන් කරන අන්දමට එංගලන්තය තුළ පමණක් මරණ 386 සිදුව ඇත.

ආසාදන අතර වයස අවුරුදු 30 – 107 අතර පුද්ගලයින් සිටි බවට ස්කයි නිව්ස් වෙබ්අඩවිය වාර්තා කරයි.

බ්‍රිතාන්‍යයේ පාසල් යළි විවෘත කිරීමට දිනකට පෙර මෙසේ නව ආසාදන හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

හෙට (04) දිනයේ දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් හඳුන්වා දුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත එරට ජනතාවට ලබා දීමේ දෙවෙනි අදියර ආරම්භ වීමට නියමිත ය.

මීට ඉහත එම එන්නතේ මාත්‍රාවන් 530,000 පමණ එංගන්තය හා අවට කලාප වලට ලබා දීමට කටයුතු කර තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි