×

ඉඩායි සුළි කුණාටුව මිනිසුන් 1000ක් මරා දමයි.

ඉඩායි සුළි කුණාටුව නමින් නම් කර ඇති මෙම සුළි කුණාටුව මෑත කාලිණව සිදු වූ දරුණුතම ස්වභාවික ව්‍යසනයන්ගෙන් එකක් ලෙස සැළකේ


මොසැම්බික් රාජ්‍යයෙහි ඊයේ ඇති වූ සුළි කුණාටුවක් හේතුවෙන් පුද්ගලයින් 1000ටත් වැඩි පිරිසක් මිය ගොස් ඇති බව අනාවරණය වෙයි.

ඉඩායි සුළි කුණාටුව නමින් නම් කර ඇති මෙම සුළි කුණාටුව මෑත කාලිණව සිදු වූ දරුණුතම ස්වභාවික ව්‍යසනයන්ගෙන් එකක් ලෙස සැළකෙන අතර මොසැම්බික් හී පුන්ගූ සහ බුසී ගංගා වන් හරහා වේළී බිදී ගොස් ඒ අවට ගම් ජලයෙන් යටවීම නිසා වැඩි වශයෙන් හානි සිදුවී ඇත.

මොසැම්බික් හී නගර රැසක ගොඩනැගිලිද කඩා වැටීම නිසා මිලියන ගණනක් ජනතාව අනතුරට හා අපහසුතාවට පත්ව ඇති බවද වාර්ථා වේ.
මේ වන විට රට පුරා විදුලිබලයද ඇණහිට ඇති අතර නිවාස බෙහොමයක වහල ගැලවී යෑමෙන් බෙහෝ පිරිසක් අවතැන්ව ඇත‍.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි