×

තටාකයක තිබූ විෂ රසායන ද්‍රව්‍ය නිසා ජෙරුසලමේ පුද්ගලයන් 42 කට තුවාල

ඊශ්‍රායලයේ ජෙරුසලමේ තටාකයක පැවති භයානක විෂ රසායනික ද්‍රව්‍ය නිසා පුද්ගලයන් 42 කු තුවාල ලබා ඇති බව වාර්තා වේ.


එරට පොලීසිය සහ ස්වේච්ඡා-සේවා සෞඛ්‍ය ඒකකයක් වන United Hatzalah වාර්තා කරන අන්දමට මෙසේ තුවාල ලැබූ සියලුම පුද්ගලයන් කාන්තාවන් වන අතර, ඔවුනට සුළු තුවාල පමණක් සිදුව තිබේ.

එමෙන්ම තුවාල ලැබූ කාන්තාවන්ට සුළු ශ්වසන අපහසුතා හටගෙන ඇති අතර, වෛද්‍ය ප්‍රතිකාර සඳහා වහා රෝහල්ගත කර තිබේ.

මෙම සිදුවීම හට ගෙන තිබෙන්නේ අද (10) දින උදෑසන වන අතර, තටාකයේ ජල පද්ධතියේ හටගෙන ඇති විෂ රසායනික සංඝටක අඩංගු වායු කාන්දුවීමක් නිසා මෙම අනතුර සිදුව තිබේ.

සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මේ වන විට පැවැත්වෙන බව ද සඳහන්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි