×

අධික වායු දූෂණය නිසා දිල්ලියේ මහජන සෞඛ්‍යය පිළිබඳ හදිසි තත්වයක් – පාසල් සිසුන්ට මුහුණු ආවරණ

මේ වන විට අතිශයින්ම දූෂිත තත්වයට පත්වන තිබෙන දිල්ලියේ වායුගෝලයේ ගුණාත්මකභාවය පිළිබඳ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් දින ප්‍රකාශයට පත් කළේය.


ඒ, දිල්ලි නගරය තුළ මහජන සෞඛ්‍යය පිළිබඳ හදිසි තත්වයක් (public health emergency) ප්‍රකාශයට පත් කරමිනි.

දැනට පවතින විෂ වායු සහිත තත්වය ඉදිරි දින 3 ක කාලයක් සඳහා ද බලපැවැත්වෙනු ඇතැයි විශ්වාස කෙරේ.

ඒ අතරම, නොවැම්බර් 5 වැනිදා වන තෙක් දිල්ලි නගරය තුළ සියලු ඉදිකිරීම් කටයුතු ද නතර කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

තහනම බලාත්මක වන්නේ දිල්ලියේ අගනුවර කලාපය හෙවත් Delhi-NCR region සම්බන්ධයෙනි.

සියලු ගල් අඟුරු බලාගාර ක්‍රියාන්විතයන් ද මේ තහනම සමග නතර කර තිබේ. කෙසේ නමුත් ස්වභාවික වායු බලාගාර සම්බන්ධයෙන් මේ තහනම බලාත්මක නොවේ.

වායුගෝලයේ තත්වය ‘අති දරුණු‘ කාණ්ඩයට

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත් කරන ලද කමිටුවක් විසින් දිල්ලියේ වායු දූෂණය සම්බන්ධයෙන් මෙම තීරණය දෙනු ලැබුවේ පරිසර දූෂණය (වළක්වාගැනීම සහ පාලනය) පිළිබඳ අධිකාරියේ මෑත කාලීන මැදිහත්වීම්වල දිගුවක් වශයෙනි.

දිල්ලිය දැන් විෂ ගෑස් කුටීරයක් – කෙජ්රිවාල්

එම අධිකාරිය පසුගියදා ප්‍රකාශ කළේ දිල්ලියේ වායුගෝලයේ තත්වය ‘අති දරුණු‘ කාණ්ඩයට (severe plus level) වැටී ඇති බව ය. මෙමගින් විශේෂයෙන්ම දරුවන්ගේ සෞඛ්‍යයට විශාල හානියක් සිදුවීමට ඉඩ ඇති බව පැවසේ.

දිල්ලි මහඇමති අර්වින්ද් කෙජ්රිවාල් පාසල් සිසුන් පිරිසකට මුහුණු ආවරණ බෙදා දෙමින් පැවසුවේ මේ වන විට නවදිල්ලි නගරය විෂ වායුව පිරුණු‘‘ගෑස් කුටීරයක්‘‘ (ගෑස් චේම්බර්) බවට පත්ව තිබෙන බවයි.

කෙසේ නමුත් ඔහුගේ සමාජ මාධ්‍ය ප්‍රචාරණයන් හි දැක්වෙන්නේ කෙජ්රිවාල් මේ සම්බන්ධයෙන් දැඩි සේ චෝදනා නගන්නේ අසල්වැසි හරියානා සහ පංජාබ් ප්‍රාන්තවලට බවයි. ගොවීන් විසින් මහා පරිමාණයෙන් ඉපනැලි පුළුස්සා දැමීම ද මේ තත්වයට හේතු වී ඇති බවද ඔහු සඳහන් කරයි.

ලෝකයේ වායු දූෂණය ඉහළම නගරය – දිල්ලිය

ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ ප්‍රධාන නගර 1600 ක් ඇසුරෙන් කළ පර්යේෂණයකින් පසු සඳහන් කරන්නේ ලෝකයේ වායු දූෂණය අතින් නරකම නගරය නවදිල්ලිය බවයි.

  • වසරකට මිනිසුන් ලක්ෂ 15 ක් වායු දූෂණය හේතුවෙන් ඉන්දියාව තුළදී මරණයට පත් වෙති.
  • ඒ අනුව ඉන්දියාවේ මරණ සඳහා බලපාන 5 වැනි විශාලතම සාධකය වායු දූෂණයයි.
  • නිදන්ගත ශ්වසන රෝග සහ ඇදුම රෝගය ලෝකයේ බහුලම රට බවට ද ඉන්දියාව පත්ව තිබේ.
  • දිල්ලිය තුළ ලක්ෂ 22 ක ජනතාවකට වායු දූෂණය හේතුවෙන් කිසියම් ශ්වසන රෝගයක් වැළඳී ඇති බව සොයාගෙන ඇත.

මූලාශ්‍රය – ලෝක සෞඛ්‍ය සංවිධානය

දිල්ලියේ වායු දූෂණය දැන් වසර ගණනාවක පටන් පවතින ප්‍රබල ගැටළුවකි. පහත දැක්වෙන වාර්තා චිත්‍රපටය වෝල් ස්ට්‍රීට් ජර්නලය විසින් නිෂ්පාදනය කර තිබෙන්නේ 2016 දෙසැම්බර් මාසයේ ය.




#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි