‘පැපොල් කොළ යුෂ ඩොක්ටර්‘ යනුවෙන් ප්‍රකට වී සිටින වෛද්‍ය සනත් හෙට්ටිගේ විසින් 2008 වසරේදී සිදුකළ සොයාගැනීම නැවත වරක් තහවුරු කරමින් මේ අනුව එංගලන්තයේ නොටිංහැම් විසින් පුවත්පත් නිවේදනයක් ද නිකුත් කර ඇත. මෙම සොයාගැනීම, පැපොල් කොළ යුෂවල ‘කාපයින්‘ නමැති බයෝඇක්ටිව් සංයෝගය අඩංගු බව සහ, එම සංයෝගය මගින් ඩෙංගු උණ තත්වය ඩෙංගු රක්තපාත තත්වය දක්වා බරපතළ වීම වළක්වන බව ය.
2008 වසරේදී එම සොයාගැනීම සිදුකළ වෛද්‍ය සනත් හෙට්ටිගේ, මුළු ලෝකයේම අවධානය ඒ වෙත දිනාගනිද්දී 2014 වසරේදී පැපොල් පත්‍ර නිස්සාරකයේ එම ඔෟෂධීය ගුණය වෙන් කර ගනිමින් ඩෙංගු රෝගය සඳහා කැප්සියුලයක් නිෂ්පාදනය කරයි. ‘පැපායා කැප්‘ PAPAYA CAP නමැති එම කැප්සියුලය ලංකාවේ පේටන්ට් අයිතිය සහිත ඩෙංගු ඔසුවක් වශයෙන් වෙළඳපොළට නිකුත් කර ඇති අතර, 2014 වසරේදී ඔහු හොඳම නව නිපැයුම්කරුවාට හිමි ජනාධිපති සම්මානය ද ඒ සඳහා දිනා ගනියි. එය ඉන්දියාවේ අන්තර්ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනයේදී ද රිදී පදක්කම හිමි කර ගනියි.
පැපායා කැප්, කරලක් හෙවත් කැප්සියුලයක් වශයෙන් ඔහු විසින් නිපදවා තිබියදී, එය අත්දුටු ප්‍රතිකර්මයක් ලෙස ලොව පුරා ඩෙංගු විශේෂඥයන් විසින් හඳුනාගෙන තිබියදී ලංකාවේ ඔහුට නිසි තැන ලැබී ඇතිදැයි යන පැනය අපි අසන්නෙමු. වෛද්‍ය සනත් හෙට්ටිගේ ගේ සොයාගැනීම අනතුරුව ලෝකයේ රටවල් ගණනාවක විද්‍යාඥයන් විසින් ස්වාධීන පර්යේෂණ මගින් තහවුරු කර ඇත. නොටිංහැම් සරසවියේ අලුත්ම පර්යේෂණය සිදුකරන්නේ මැලේසියානු ජෛව ඉංජිනේරු පීඨය විසිනි. ඒ සඳහා ඔවුන් තුළ පවතින උනන්දුව කොතරම් ද යත් එම පර්යේෂණ පිරිවැය දැරුවේ මැලේසියානු රජය විසිනි. මේ වන විට මෙම පර්යේෂණයේ ප්‍රතිඵල ඇසුරින් ඩෙංගු රෝගයට ලබාදෙන ‘පෙත්තක්‘ නිපදවීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ. අපේ වෛද්‍ය සනත් හෙට්ටිගේ ඩෙංගු රෝගය සඳහා 2014 වසරේදී ‘කරලක්‘ නිපදවා ඇති විට මැලේසියාව වැනි කලාපයේ දියුණු රටක් පවා ඒ අඩි පාරේම යමින් ඩෙංගු රෝ්ගය සඳහා ‘පෙත්තක්‘ නිපදවීමට සිතන්නේ ඔහුට වසර 4කට පසුව ය. ඔවුන් කල්පනා කරන්නේ වසර 2028 වන විට කාපයින් අඩංගු ඔසුවක් වෙළඳපොළට නිකුත් කිරීම ගැන ය.
Papaya Cap invented by Dr Sanath Hettige
පහත දැක්වෙන්නේ නොටිංහැම් සරසවිය විසින් වෛද්‍ය සනත් හෙට්ටිගේ මෙයට දස වසරකට පෙර සිදුකළ සොයාගැනීම නැවත තහවුරු කරන ‘‘පැපොල් කොළයක් ඩෙංගු ඔසුවක් බවට හරවා ගැනීම‘ යන මැයෙන් යුතු එකී මාධ්‍ය නිවේදනයයි.
——————————————————————————————————–
පැපොල් කොළයක් ඩෙංගු ඔසුවක් බවට හරවා ගැනීම
භයානක කලාපීය රෝගයක් වන ‘ඩෙංගු උණ‘ රෝගය සඳහා ඇති සම්ප්‍රදායික ශාකසාර ඔසුවක්, ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි පෙත්තක් බවට හරවා ගත හැකි බව නොටිංහැම් සරසවියේ මැලේසියානු පීඨයේ (UNMC) විද්‍යාඥයන් විසින් අතිශය වැදගත් පර්යේෂණයක් මගින් සොයාගනෙ තිබේ.
ඉන්දියාවේ සහ ගිනිකොණ දිග ආසියාවේ ඇතැම් ස්ථානවල පැපොල් පත්‍ර යුෂය ඩෙංගු උණ සඳහා පිළියමක් ලෙස බොහෝ කලකට ඉහතදී යොදාගෙන තිබේ. රුධිරය කැටි ගැසීමට සහ රෝගය හේතුවෙන් ඇතිවන අභ්‍යන්තර ලේ වහනය නතර කළ හැකි සංයෝගයක් මෙම පැපොල් පත්‍ර යුෂවල ඇති බව සොයාගෙන තිබේ.
දැන්, මැලේසියානු රජයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුදල්වලින් සිදුකළ පර්යේෂණය ඔස්සේ නොටිංහැම් සරසවියේ ආහාර සහ ඖෂධ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින්, පැපොල් පත්‍ර යුෂවල අන්තර්ගත මෙම ‘කාපයින්‘ නම් සංයෝගය වෙන් කර ගැනීමේ අභියෝගය සහ එමගින් ඔසුවක් නිපදවීම කෙරෙහි අවධානය යොමු කර සිටිති.
ඩෙංගු යනු මදුරුවන් විසින් බෝ කරනු ලබන වෛරස් ආසාදනයක් වන අතර එය නිවර්තන කලාපීය සහ උප නිවර්තන කලාපීය දේශගුණයන්හි නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල පැතිරීමට වැඩි නැඹුරුතාවක් ඇත. මෙම ආසාදනය හේතුවෙන් ෆ්ලූ රෝගයට සමාන ලක්ෂණ හටගන්නා අතර, මාරක ඩෙංගු රක්තපාත තත්වය එයින් ඇතිවිය හැකිය. ගතවූ දශක කිහිපය තුළ ලොව පුරා පැතිර ගිය මෙම උවදුර, මේ වන විට ආසියාවේ සහ ලතින් ඇමරිකාවේ දරුවන් සහ වැඩිහිටියන් වැඩි වශයෙන් රෝහල් ගත කරන සහ මරණ ඇති කරන තත්වයක් බවට පත්ව ඇත. රෝගය වළක්වා ගැනීම සඳහා එන්නත් ද නොමැත.
නොටිංහැම් සරසවියේ මැලේසියානු පීඨයේ පර්යේෂණයට ප්‍රධානත්වය ලබාදුන් සහකාර මහාචාර්ය චින්ග් ලික් හයි පැවසුවේ, ‘‘ඩෙංගු රෝගය මැලේසියාවේ සහ සමාන දේශගුණයන්ගෙන් යුක්ත සෙසු රටවල විශාල ගැටළුවක් බවට පත්වී තිබෙනවා. ඊඩිස් මදුරු ගහණයේ වැඩි වීමත් සක්‍රිය වීම වැඩි වීමත් හේතුවෙන් ජනතාව මිය යාම සහ වැඩි පිරිසක් රෝගයට ගොදුරු වීම සිදුවෙමින් තිබෙනවා. මෙම ගෝලීය ප්‍රශ්නය, සම්ප්‍රදායික ආයුරේවේද ඔසුව පිළිබඳ වැඩි වශයෙන් උනන්දු වන්නටත්, ඒ ඇසුරෙන් පහසුවෙන් පරිභෝජනය කළ හැකි ඔසුවක් නිපදවීම පිළිබඳ සිතන්නටත් මා පෙළඹවූවා.“
‘‘රුධිරයේ පට්ටිකා ප්‍රමාණය වැඩි කරන සහ ඒ අනුව අභ්‍යන්තර ලේ වහනය අඩු කිරීමට ඉවහල් වන ජෛව සක්‍රිය සංයෝගයක් වන කාපයින් අපේ පර්යේෂණයේ ඉලක්කය වුණා. වැඩි කාපයින් ප්‍රතිශතයක් තිබෙන්නේ ළපටි පැපොල් කොළවල ද මේරූ පැපොල් කොළවල ද යන්න සොයාගැනීමටත් අපි උත්සාහ කරනවා. ඒ වගේම පැපොල් ශාකයේ කඳෙහි ඇති ඖෂධීය ගුණය ගැනත් අපි සොයා බලනවා.“
පැපොල් පත්‍ර යුෂයෙන් කාපයින් සංයෝගය වෙන් කර ගන්නේ ඇල්කොහොල් යොදාගනිමිනි. මෙම ආම්ලික පදනමක් සහිත ද්‍රාවණයෙන් පසුව කාපයින් සංයෝගය නිස්සාරණය කර ගැනේ. එය තවදුරටත් ශුද්ධකරණය මගින් ඝන කාපයින් නිෂ්පාදනය කර ගනු ලබන අතර, එහි 95%ක්ම සංයුතික වන්නේ කාපයින් ය. මෙම වසර 3 ක ව්‍යාපෘතිය අවසානයේ පර්යේෂණ කණ්ඩායම, කාපයින් ඉහළම ප්‍රතිශතයක් සහිත සැකසුම් ක්‍රමවේදයක් නිර්මාණය කර ගැනීමට බලාපොරොත්තු වෙයි. මෙම පර්යෂෙණයේ වෙනත් අරමුණු වන්නේ සංචිත කර තැබීමේදී කාපයින්වල ගුණය පිරිහීමකට ලක් වේද සහ පැපොල් ශාකයේ කුමන කොටස් කාපයින් ලබාගැනීම සඳහා හොඳම අංග වේද යන්න හඳුනා ගැනීම ය.
අවසානයේ අභියෝගය වනු ඇත්තේ, මැලේසියාවේ පැපොල් වගාව එතරම් සුලබ නොවන හෙයින් ප්‍රමාණවත් පැපොල් කොළ සැපයුමක් ලබාගැනීම ය. දැනට පවතින පැපොල් වගාවන්ගේ ද (පැපොල් ගොවිපොළ) පත්‍ර වෙන් කර ගැනීමක් සිදු නොවන්නේ, එම වගාවේ ප්‍රමුඛතාවය පැපොල් ඵලය ලබාගැනීම වන හෙයිනි.
අවසාන වශයෙන් මැලේසියාව මේ සම්බන්ධයෙන් විවිධ කොටස්කරුවන් සමග කටයුතු කිරීමටත්, අනතුරුව කාපයින් ඔසුව නිපදවීමටත් පර්යේෂකයෝ අදහස් කරති. ඔවුන් අපේක්ෂා කරන්නේ අඩුම වශයෙන් වර්ෂ 10 ක් පමණ මෙම ඔසුව වෙළඳපොළට නිකුත් කිරීමට කල් ගත වනු ඇති බවයි. එයට හේතුව, දීර්ඝ අනුමත කිරීම් ක්‍රියාවලියක් සහ සායනික පරීක්ෂා ඒ සඳහා අවශ්‍ය වන හෙයිනි.
නොටිංහැම් සරවියේ මැලේසියානු පීඨයේ මහාචාර්ය ග්‍රහෑම් කෙන්ඩෝල්, ක්වාලාලම්පූර් හිදී මදුරුවෙකු දෂ්ට කිරීම නිසා ඩෙංගු රෝගය වැළඳීම නිසා තමන් කොතරම් අසාධ්‍ය තත්වයට පත්වූයේ යැයි ද විස්තර කරයි.
(නිවේදනය අවසන්)
පසු සටහන-
ඉහත නිවේදනය මගින් පැහැදිලිවම පෙන්වා දෙන්නේ, නොටිංහැම් සරසවියේ පර්යේෂකයන් පැපොල් පත්‍ර යුෂයේ අඩංගු කාපයින් සංයෝගය සහිත ඔසුවක් වෙළඳපොළට නිකුත් කිරීමට ඉලක්ක කරන්නේ ඉදිරි වසර 10 ක කාලය ඇතුළත බවයි. දියුණු තාක්ෂණික ක්‍රම සමග කටයුතු කරන ඔවුන්, ඒ සඳහා එතරම් විශාල කාලයක් ඉල්ලා සිටියදී ලංකාවේ වෛද්‍ය පර්යේෂක සනත් හෙට්ටිගේ මහතා තනිව ඒ බාධක ජයගෙන, ලංකාවේ පේටන්ට් අයිතිය ද සහිත මෙම ඔසුව නිෂ්පාදනය කරන්නේ වසර 2014 දී ය. අවම වශයෙන් අප දැන්වත්, මෙම ඖෂධය සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුවත්කිරීම් සිදුකරමින් ඔහුගෙන් මේ රටට අවශ්‍ය සේවය ලබාගත යුතුය. ඒ සඳහා ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් විවෘත මනසින් යුතුව ලෝකය දෙස බලනු ඇතැයි අපි විශ්වාස කරමු.
පහත දැක්වෙන්නේ වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා විසින් සිදුකළ සොයාගැනීම, ලෝකයේ විවිධ පර්යේෂණ ජර්නලවල ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ බව සනාථ කරන සබැඳි කිහිපයකි. ලංකාවේ ඩෙංගු බලධාරීන්, අවම වශයෙන් දැන්වත් අවදි වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු!
පර්යේෂණ සබැඳි: Research studies – Dr. S. Hettige
http://cgpsl.org/wp-content/uploads/2013/11/119.pdf
http://cgpsl.org/wp-content/uploads/2018/01/SLFP-October-2017-PDF1.pdf
Guidelines in using Carica papaya leaf extract for dengue fever patients
http://www.bmj.com/content/351/bmj.h4661/rr-4
WHO
http://apps.who.int/trialsearch/Trial2.aspx?TrialID=CTRI/2015/05/005806
http://apps.who.int/trialsearch/Trial2.aspx?TrialID=SLCTR/2013/005
Sri Lanka Clinical Trials Registry
http://trials.slctr.lk/trials/110
Sri Lanka Inventors Commission
http://slic.gov.lk/en/component/inventor/?view=profile&id=1821
WONCA
http://www.wonca.net/News/SriLankaawardtofamilyphysicianinventor.aspx
Ministry studies – Extensive research on papaya leaf juice
http://www.freemalaysiatoday.com/category/nation/2014/08/19/extensive-research-on-papaya-leaf-juice/
Dengue: Health Ministry looking into producing papaya leaf extract capsules – Dr. Hilmi
IMPA newsletter 2016.03
Rise of platelet counts
http://www.bmj.com/rapid-response/2011/11/03/papaya-leaves-speedy-rise-platelet-count-dengue
https://www.hindawi.com/journals/ecam/2013/616737/
http://www.openaccessscience.com/pdf-files/vol2_4_dec2012/IJMAP_2_4_4_Carica_papaya.pdf
Anti-tumor activity and immune-modulatory effects
file:///D:/Research/Rsearch%20Papers/papaya-name%20dang.pdf
Acute toxicity study
Thrombocyte count
http://www.japi.org/june_2016/01_Editorial_role_of_carica.pdf
http://www.japi.org/june_2016/02_oa_a_multi_centric_double.pdf