×

ඩොලර් මිලියන බාගයක දියමන්ති මුද්දක්!

මංගල මුදුවකට මේ සා විශාල මුදලක් වියදම් කරන්නට ඔබ සූදානම්ද?


කොස්ට්කො (Costco) යනු ඇමරිකාව මූලික කරගෙන ක්‍රියාත්මක වන බහුජාතික සමාගමකි.

එය ලෝකයේ විශාලතම සිල්ලර වෙළඳ සමාගමක් ද වේ. එහි ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පිහිටා තිබෙන කොස්ට්කෝ ශාඛාව ඩොලර් මිලියන භාගයක, එනම් ඔස්ට්‍රේලියානු ඩොලර් 499,999.99 ක විවාහ ගිවිස ගැනීමේ දියමන්ති මුදුවක් හඳුන්වා දෙයි. ඇමරිකානු ඩොලර්වලින් එහි මිල ඩොලර් 388,000 කි.
ස්කයි නිව්ස් වාර්තාකාරිනියක වන ජෙනිෆර් බීච්වාට් මෙම මුදුවේ ඡායාරූපයක් ට්වීට් කිරීමත් සමග මේ පුවත ලොව පුරා වේගයෙන් පැතිර ගියේය.

” බොහෝ අය මේ ට්වීටයට ප්‍රතිචාර දක්වමින් විමසා තිබුණේ මංගල මුදුවකට මෙතරම් මුදලක් වියදම් කරන්නේ කවුද යන්නයි. “

ඒ සමගම බොහෝ අය මේ ට්වීටයට ප්‍රතිචාර දක්වමින් විමසා තිබුණේ මංගල මුදුවකට මෙතරම් මුදලක් වියදම් කරන්නේ කවුද යන්නයි. බොහෝ අය ඒ මුදලින් කළ හැකි වෙනත් දේ ලැයිස්තුවක් ද ඉදිරිපත් කර තිබිණි.

මෙම සමාගමෙන් මේ මුදුව මිලදී ගැනීමට යම් කෙනෙක් අදහස් කරන්නේ නම් ඊට පෙර එහි සාමාජිකත්වය ගැනීමට ද අවශ්‍ය වෙයි. ඔවුන් සාමාජිකයන් නොවන කිසිදු අයෙකුට සිය නිපැයුම් අලෙවි කරන්නේ නැත.

කොස්ට්කො සමාගම සාමාන්‍යෙයන් ඩොලර් 420,000 දක්වා මිලැති විවාහ ගිවිස ගැනීමේ මුදු අලෙවි කිරීම සම්බන්ධයෙන් කීර්තියක් උසුළයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි