×

දකුණු ඉන්දියාවේ තෙළිඟු බස, ඉංග්‍රීසි සමග කරට කර

තෙළිඟු බස වහරන පිරිස ඇමෙරිකාව තුළ ශීඝ්‍රයෙන් ඉහළ යමින් සිටින බව අනාවරණය වේ.


දකුණු ඉන්දීය භාෂාවක් වන තෙළිඟු බස කතා කරන පිරිස ඇමෙරිකාව තුළ වැඩි වෙමින් සිටින බව ඇමෙරිකාවේ තින්ක් ටෑන්ක් අධ්‍යයනයකින් සනාත වෙයි. පසුගිය වසර හතක කාලය තුළදී එහි තෙළිඟු බස කතා කරන පිරිස 86%කින් වැඩි වී ඇති බව පර්යේෂකයෝ පවසති. එසේ වුවත් ලොව ප්‍රධානතම භාෂා 20 අතරටවත් තෙළිඟු බස අන්තර්ගත නොවීම පුදුමයක් බැව් විශ්ලේෂකයන්ගේ අදහසයි. මේ පිළිබඳ ලිපියක් පළ කරන බීබීසී පුවත්සේවය, එහි ශීර්ෂපාඨය ලෙස යොදන්නේ,  ‘‘Do you speak Telugu? Welcome to America – ඔබ තෙළිඟු බස කතා කරනවාද? එසේ නම් ඇමරිකාව වෙත සාදරයෙන් පිළිගනිමු“ යන්නයි.

තෙළිඟු බස ප්‍රධාන වශයෙන්ම ව්‍යවහාර වන්නේ දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙළඟනා යන ප්‍රාන්ත දෙකෙහි ය. මේ ප්‍රාන්ත දෙකෙහි තෙළිඟු බස කතා කරන පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 84කට අධික බව සඳහන් වේ. තෙළිඟු බස, ඉන්දියාවේ පරිහරණය වන භාෂා අතර සිව්වන ප්‍රධාන බස ලෙස එරට සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2011 වසරේදී ප්‍රකාශයට පත් කරන ලදී.

Nina Davuluri, the first Indian-American to be crowned Miss America, has roots in Telegu-speaking Andhra Pradesh. | Getty Images

Nina Davuluri, the first Indian-American to be crowned Miss America, has roots in Telegu-speaking Andhra Pradesh. | Getty Images

තෙළිඟු බස පරිහරණය කරන සංඛ්‍යාව ඇමෙරිකාව තුළ වැඩි වන්නට පටන් ගත්තේ එක්දහස් නවසිය අනූ ගණන් මැද භාගයේදී තොරතුරු තාක්ෂණය අඛණ්ඩව වර්ධනය වන්නට පටන් ගැනීමත් සමඟ ය. මේ නිසා මෘදුකාංග ඉංජිනේරුවන්ට විශාල ඉල්ලුමක් ඇති වන්නට පටන් ගත් බව තෙළිඟු පීපල් ෆවුන්ඩේෂන් ආයතනයේ නිර්මාතෘ ප්‍රසාද් කුනිසෙට්ටි පවසයි. තොරතුරු තාක්ෂණය දියුණු වන්නට පටන් ගැනීමත් සමඟම ඉන්දියාව එකී වාතාවරණයට අනුවර්තනය වූයේය. ඉංජිනේරු කොලිජි විශාල සංඛ්‍යාවක් තෙළඟානා සහ ආන්ද්‍ර ප්‍රදේශ් යන ප්‍රාන්ත දෙක තුළ ස්ථාපනය කෙරිණ. ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙළඟානා ප්‍රාන්ත දෙකෙහි පමණක් ඉංජිනේරු කොලිජී 800කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ස්ථාපනය කර ඇත. ඒවා තුළ නව පාඨමාලා ආරම්භ කෙරිණ. තෙළඟානාහි අගනගරය ලෙස සැලකෙන හයිදරාබාද් නගරය තෙළිඟු බස කතා කරන ප්‍රධානතම නගරයකි. හයිදරාබාද් නගරය තාක්ෂණ සහ ඉංජිනේරු කර්මාන්තයේ නාභිය බවට පත් කෙරිණ. මේ ප්‍රාන්තවලින් බිහිවන වෘත්තිකයන් විශාල සංඛ්‍යාවකට අමෙරිකාවෙන් ඉල්ලුමක් ඇති වුණේ නිරායාසයෙනි. ඒ සමඟම ඉන්දියාවෙන්, ඇමෙරිකාවට යන වෘත්තිකයන් සංඛ්‍යාව කිසිවකු නොසිතූ අන්දමින් ඉහළ යන්නට පටන් ගත්තේය.

තාක්ෂණ ක්ෂේත්‍රයේ විදේශ වෘත්තිකයන් වෙනුවෙන් ඇමෙරිකාව අනුගමනය කළ H-1B වීසා වැඩපිළිවෙල ඉන්දීය ජාතිකයන්ට ඇමෙරිකාවට සංක්‍රමණය වන්නට බෙහෙවින්ම පහසුවක් විණ. H-1B වීසා වැඩපිළිවෙල යටතේ ඇමෙරිකාවට පිවිසෙන විදේශික වෘත්තිකයන්ගෙන් 70%ක්ම ඉන්දීය ජාතිකයන් බව සඳහන් වේ. එකී වීසා වැඩපිළිවෙලින් ඇමෙරිකාවට පිවිසෙන අයට ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමටත් අවස්ථාව හිමි වේ. ඇමෙරිකා රූ රැජිණක බවට පත් ඉන්දීය – ඇමෙරිකා ජාතික නිනා දවුලුරි සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිළධාරී සත්‍යය නදෙල්ලා වැනි අය මේ අන්දමට ඇමෙරිකාවට පිවිස ඇමෙරිකා සමාජය ජයගත්තවුන් ය.

Microsoft CEO Satya Nadella was born in Hyderabad | Getty Images

Microsoft CEO Satya Nadella was born in Hyderabad | Getty Images

ඇමෙරිකාවේ වෙසෙන මිලියන 320කට අධික ජනගහනය විවිධ භාෂාවන් භාවිතයට ගනිති. ස්පාඥ්ඥ, චීන, ටගාලොග්, වියට්නාම, අරාබි, ප්‍රංශ, කොරියා, රුසියා, ජර්මන් සහ හයිටි ආදී භාෂා ඒ අතර ප්‍රධානය. මේ හැරුණුවිට තෙළිඟු, බෙංගාලි, ද්‍රවිඩ, හින්දි, උර්දු, පන්ජාබි සහ ගුජරාටි වැනි දකුණු ආසියාතික භාෂා රාශියකුත් ඇමෙරිකාවේ පරිහරණය කෙරේ. කොහොම වුණත් ඇමෙරිකා ජනගහනයෙන් මිලියන 60කට අධික පිරිසක් භාවිතයට ගන්නේ ස්පඥ්ඥ භාෂාවයි. ඇමෙරිකාව තුළ ප්‍රංශ, ජර්මන් භාෂා ව්‍යවහාර කරන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ වැටෙමින් පවතින බව අධ්‍යනවලින් සනාතව ඇත. පසුගිය දශක දෙකක කාලය ඇතුළතදී ඇමෙරිකාවේ ඉතාලි භාෂාව වහරන සංඛ්‍යාව ලක්ෂ දෙකකින් පමණ පහළ වැටිණ. එහෙත් ඇමෙරිකාවේ තෙළිඟු බස කතා කරන සංඛ්‍යාව, 2010ට සාපේක්ෂව පසුගිය වසර වනවිට, දෙගුණයක් වී ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති. තෙළිඟු බස වහරන ලක්ෂ හතරකට අධික සංඛ්‍යාවක් පසුගිය වසර වනවිට ඇමෙරිකාවේ පදිංචිව සිටියහ. මේ සංඛ්‍යාව තවදුරටත් වැඩි වෙමින් තිබෙන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙහි ඇති විශේෂත්වය තෙළිඟු බස කතා කරන 80%කට අධික පිරිසක් ඉංග්‍රීසි බස ද හොඳින් වැහැරීමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි