කාශ්මීරය සතුව තිබූ ස්වයංපාලන අයිතිය අහෝසි කරමින් මධ්‍යම ආණ්ඩුවේ පාලනයට ගැනීඹත් සමග කාශ්මීර වැසියන්ට අත්ව ඇත්තේ අවාසනාවන්ත ඉරණමකි.
බී බීසී පුවත් සේවය අනාවරණය කරන පරිදි කාශ්මීර වැසියන් බොහෝ දෙනෙකු හට ඉන්දීය හමුදාවේ පහරදීම් සහ පීඩන වලට මුහුණ දීමට සිදුව ඇත. ඒ අනුව කාශ්මීරයේ පිහිටි ගම්මා රැසක පිරිස් මේ වන විට සිටින්නේ පහර කෑම් නිසා ඇති වූ තුවාලද සමගිනි.
මෙම චෝදනාව ඉන්දීය හමුදාව විසින් ප්‍රතික්ෂේප කර සිටී ඔවුන් පවසන්නේ කාශ්මීර වැසියන් තමන්ට එරෙහිව නගන මෙම චෝදනාව අමූලික බොරුවක් බවයි.
පසුගිය අගෝස්තු 05 වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය බල රහිත කරමින් ඉන්දීය රජය කාශ්මීරයේ බලය සිය අතට ගන්නා ලදී. ඒත් සමග ඉන්දීය හමුදා සෙබළු දහස් ගණනක් කාශ්මීරය වෙත යවන ලද්දේ කාශ්මීර වැසියන් 3000කට එරෙහිවය.
කාශ්මීරයේ වෛද්‍යවරුන් මාධ්‍යට අදහස් දක්වමින් පවසා ඇත්තේ හමුදා සෙබළුන්ගෙ පහරදීම් නිසා තුවාල ලැබූ රෝගීන් බොහෝ දෙනෙක් තමන්ගෙන් ප්‍රතිකාර ලබා ඇති බවයි.
ඔවුන් අපිට පහර දුන්නා. අපි ඔවුන්ගෙන් අහුවා අපි කරපු වරද මොකක්ද කියලා… නමුත් ඔවුන් අපිට ඇහුම් කන් දුන්නේ නැහැ. කිසිවක් නොකියා දිගින් දිගටම පහර දුන්නා..
කාශ්මීර වැසියන් සිය අත්දැකීම් එසේ විස්තර කරයි.
මේ සම්බන්ධව පාකිස්ථානය සිය විරෝධය පළ කරමින් සිටින අතර කාෂ්මීර කලාපය සම්බන්ධයෙන් ඉන්දියාව ගත් තීරණයට එරෙහිව දීපව්‍යාප්ත උද්ඝෝෂණයකට එක්වන්නැයි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ කාෂ්මීර ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා සියලු පකිස්ථාන වැසියන් හෙට දහවල් 12 සිට 12.30 දක්වා විරෝධතාවට එක්විය යුතු බවයි.