×

ලොව විශාලතම ඉන්ධන පිරිපහදුවට ඩ්‍රෝණ ප්‍රහාරයක්

ප්‍රහාරය එල්ල කලේ හුතී ගරිල්ලන්ද යන්න සැකයක්


සෞදි අරාබියේ ප්‍රධානතම ඉන්ධන සැපයුම් මධ්‍යස්ථානයාන දෙකක් වෙත එල්ල කෙරුණ ඩ්‍රෝණ ප්‍රහාරයන් දෙකක් නිසා එහි මේ වන විට විශාල ගින්නක් ඇති වී ඇති බව වාර්ථාවේ.


මෙම ගින්න ඇතිවී ඇත්තේ අර්මාකෝ නම් විශාලතම ඉන්දන පිරිපහදු මධ්‍යස්ථානයේදීය.

රජයේ මාධ්‍ය පවසන්නේ ඩ්‍රොණ දෙකක් විසින් එල්ල කළ ප්‍රහාරයන් සමගම ගින්න පැතිරී ඇති අතර මේ වන විට එය පාලනය කර ගත හැකි මට්ටමේ පවතින බවයි.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු කණ්ඩායමක් විසින් භාර නොගෙන ඇති අතර ඒ පිළබද විමර්ෂණ ආරම්භ කර ඇත.

2015 වසරේ සිට සෞදි අරාබිය විසින් සහය දැක්වූ ඒකාබද්ධ හමුදා කණ්ඩායම සහ යේමනයේ හුතී කැරළි කණ්ඩායම අතර සටන් පැවතෙයි. ඔවුන් විසින් මේ හා සමානම ප්‍රහාරයක් පසුගිය මාසයේදී  අර්මාකෝ හී ස්වභාවික ගෑස් ද්‍රවීකරණ මධ්‍යස්ථානය වෙත එල්ල කරන ලදී නමුත් ඉන් කිසිදු හානියක් වාර්ථා නොවිණ. ඒ අනුව මෙම ප්‍රහාරයද හුතී ගරිල්ලන් විසින් සිදු කළාදැයි යන්න සැකයක් පවතී.

ප්‍රහාරය එල්ල වූ අර්මාකෝ ඉන්ධන නිධිය ලොව විශාලතම ඉන්ධන පිරිපහදුව මෙයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි