×

පකිස්ථානයේ සිට ඉන්දියාවට ඩ්‍රෝන යානා මගින් මත්ද්‍රව්‍ය හා ආයුධ හුවමාරු වේ

ඉන්දීය දේශසීමා නිලධාරීන් පකිස්තානයෙන් වැඩි වන ඩ්‍රෝන යානා සංඛ්‍යාව හා වැඩි දියුණු තාක්‍ෂණය පිළිඹඳ වඩාත් සැලකිලිමත් වන බවයි වාර්තා වන්නේ,


අබිං හා හෙරොයින් රැගත් ඩ්‍රෝන යානා පකිස්ථානයේ සිට ඉන්දියාවට පියාසර කිරීම බලවත් උවදුරක් ලෙස ඉන්දීය දේශසීමා ආරක්‍ෂක අංශ පවසා සඳහන් කර ඇත.

අඩි 8ක් පමණ පළල සහ අධි-විභේදන කැමරා සවිකර ඇති හෙක්සැකොප්ටර් ලෙස හඳුන්වන චීනයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා මෙලෙස මත්ද්‍රව්‍ය හා ආයුධ ප්‍රවාහනයට යොදාගෙන තිබේ.

ඒ අනුව, 2023 වසරේ මේ දක්වා පකිස්ථානයෙන් ඩ්‍රෝන් 90 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පන්ජාබ් දේශසීමා ප්‍රාන්තයේ ඉන්දියාවේ දේශසීමා ආරක්ෂක බලකායේ (DSF) නිලධාරීන් සඳහන් කර තිබෙන අතර බොහෝ විට අබිං සහ හෙරොයින් තොග මෙලෙස කුඩා ගෝනිවල හෝ කොකාකෝලා බෝතල්ව ගෙන එණු ලැබේ.

ඊට අමතරව චීනයේ නිෂ්පාදිත ප්‍රහාරක රයිෆල් හා පිස්තෝල ද මෙලෙස රැගෙන එන බව වාර්තා වේ.

න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ අසල්වාසීන් දෙදෙනා වන ඉන්දියාව හා පකිස්ථානය අවස්ථා හතරකදී යුද්ධයට ගිය අතර ඉන්දීය දේශසීමා නිලධාරීන් පකිස්තානයෙන් වැඩි වන ඩ්‍රෝන යානා සංඛ්‍යාව හා වැඩි දියුණු තාක්‍ෂණය පිළිඹඳ වඩාත් සැලකිලිමත් වන බවයි වාර්තා වන්නේ,

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි