×

ඩුබායි හී පාලකයා සිය දරුවන් පැහැර ගැනීමට උත්සහා කරයි – එංගලන්ත අධිකරණය

.


එක්සත් අරාබි එමීර් හෙවත් ඩුබායි හී ප්‍රකෝටිපති පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් ට එරෙහිව ඔහුගේ හිටපු බිරිඳ වන හයා බින් අල් හුසේන් කුමරිය විසින් එල්ල කරන ලද චෝදනා පත්‍රයක් විභාගයකදී බ්‍රිතාන්‍ය මහාධිකරණය විසින් සිය තීන්දු ප්‍රකාශයට පත් කරන ලදී.

එහිදී අධිකරණය විසින් තීන්දු කර ඇත්තේ ඩුබායි හී පාලකයා විසින් ඔහු හා හිටපු බිරිය හයා බින්ට් අල් හුසේන්ගේ දරුවන් දෙදෙනාගෙන් අයෙක් එංගලන්තයේ කේම්බ්‍රිජ්හී පැහැර ගැනීමට උත්සහා දරා ඇත. එමෙන්ම ඔහුගේ ලාබාලතම බිරිය වූ හයා බින් අල් හුසෙන් බිය ගැන්වීම සහ වධහිංසා පැමිණවීමටද කටයුතු කරමින් සිට ඇත.

මීට මාස අටකට පෙර මෙම නඩු විභාගය සම්බන්ධව අධිකරණය විසින් කරුණු සොයා බලා ඇති අතර ඩුබායි පාලක වරයාගේ හිටපු බිරිඳ සහ ඇගේ දරුවන් දෙදෙනා ඔහුගෙන් බේරීම සදහා මීට වසරකට පෙර ඩුබායි සිට එංගලන්තය වෙත පලා ආ බව සදහන් වේ. ඇය සිය ජීවිතයට අනතුරක් වනු ඇතැයි බියෙන් කල් ගෙවා ඇති බව ඇගේ මිතුරන්ට පවසා ඇත..

මෙම නඩු තීන්දුව රහසිගතව සහ මහජනයා දැන ගැනීම වළක්වා තැබීමට ඩුබායි හී පාලකයා තීරණය කළද ඔහු ඒ් පිළිබදව සිදු කළ අභියාචනයේදී අධිකරණය තීරණය කර ඇත්තේ මහජව සුභ සිද්ධිය සදහා නඩුවේ තීන්දුව අනාවරණය කරළ යුතු බවයි. මේ පිළීබදව ෂෙයික් මොහොමඩ් තරයේ කියා සිටින්නේ මෙම නඩුව පෞද්ගලික කාරණයක් බවත් තම දරුවන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසත් සිය ජීවිත වලට මැදිහත් නොවන ලෙසත් ඒක්සත් රාජධානියේ අධිකරණයෙන් ඉල්ලා සිටින බවය.

ජෝර්දානයේ හයා කුමරිය (45), අභාවප්‍රාප්ත හුසේන් රජුගේ දියණිය වන අතර , 2004 දී ඩුබායිහි 70 හැවිරිදි ෂෙයික් මොහොමඩ් සමඟ විවාහ වූවාය , ඇය ඔහුගේ භාර්යාවන්ගෙන් හයවන සහ බාලයා බවට පත්වූ අතර ඔවුන්ට වයස අවුරුදු හත සහ 11 යන දරුවන් දෙදෙනෙකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි