කන්කරච්චයක් වන තරමට බාහිර ශබ්ද වැඩි වුණාම, ඒ ගාලගෝට්ටියෙන් මිදෙන්න, තමන්ගෙ පාඩුවේ වැඩ කරගන්න, එහෙමත් නැතිනම් තමන්ගෙ ලෝකෙක තනි වෙන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි, කනට ඇබයක් ගසා ගැනීම! ඒ නිසා දවසෙන් දවස තාක්ෂණය දියුණු වෙන ලෝකයෙත් මේ කාරණාව සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් තියෙනවා.
ඒ උනන්දුවේ ප්‍රතිඵලයක් විදිහට තමයි, ‘ඉලෙක්ට්‍රොනික කන් ඇබ’ වෙළඳ පොළට හඳුන්වා දුන්නෙ. පහත දැක්වෙන්නෙ flareaudio.com වෙබ් අඩවිය හරහා පහසුවෙන් මිලදී ගත හැකි, ලෝකයේ ඉහළම ප්‍රමිතියකින් යුත් එවැනි ඉලෙක්ට්‍රොනික උපාංගයක්. එය වෙළඳපොළට හඳුන්වා දෙන්නේ EARFOAMS කියන වෙළඳ නාමයෙන්.
කිසිදු බැටරි බලයක් අවශ්‍ය නොවීමත්, ආරෝපණය කිරීමට අවශ්‍ය නොවීමත් මේ උපාංගයේ තිබෙන වැදගත්ම ලක්ෂණ වනවා.
ඝෝෂාව පමණක් කපා හැරෙන නිසා, බාහිර ලෝකයෙන් ඔබ හුදකෙලා වීමක් හෝ බාහිර ලෝකයෙන් ඔබ විසන්ධි වීමක් මේ නිසා සිදුවන්නේත් නැහැ.
” ලෝකයේ රටවල් ගණනාවක මෙම නිෂ්පාදනය ඉතාම ජනප්‍රිය ය. “
එංගලන්තයේ නිෂ්පාදිත මෙහි බර ග්‍රෑම් 2.17 ක් පමණයි.
ලංකාවේ මුදලින් රුපියල් 5500 වගේ මුදලකට ගෙන්වා ගත හැකි මේ උපාංගය නොමිලේ නැව්ගත කරන බවත් සමාගම පවසනවා. ඇළුමිනියම්, කළු, රතු, කොල යනාදී වර්ණ 5 කින් මෙන්ම ප්‍රමාණ 3 කින් එය තෝරාගත හැකියි.