BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

කැලෑව නොදැක ‘ටාසන්‘ ලියූ එඩ්ගා රයිස්බරෝස්

වානරයන් අතර ටාසන් ගැන ලියූ එඩ්ගා රයිස් බරෝස්, කිසිදාක අප්‍රිකානු මහාද්වීපය සියැසින් දැක නැත. නමුත් ඔහු එය නිවැරදිවම ප්‍රතිනිර්මාණය කළේය.

එඩ්ගා රයිස්බරෝස් (Edgar Rice Burroughs) ලෝ ප්‍රකට වුණේ ‘ටාසන්‘ කතා මාලාව නිසයි. පොත් 24 කින් සමන්විත ටාසන් කතා පොත් පෙළ ලොව පුරා ඉතාම ජනප්‍රියත්වයට පත් වුණා. ඒ වගේම චිත්‍රපට රාශියකට ද ටාසන් කතා පෙළ මුල් වුණා. ටාසන් කතාන්දර මාලාවට වස්තුබීජ වුණේ අප්‍රිකානු වැසි වනාන්තරයක ජීවත් වන සුදු හම ඇත්තා වන ටාසන් සහ ඔහුගේ මිතුරන්ගේ වනගත වික්‍රමයන් පෙළයි.

නමුත් පුදුමය කියන්නේ, ටාසන් ජීවත් වුණු අප්‍රිකානු වැසි වනාන්තරය, රයිස්බරෝස් ලේඛකයා සම්පූර්ණයෙන්ම නිර්මාණය කළේ මනසින්. ඔහු පොත් පත්, සඟරාවලට ලිපි ලියන්නට පටන් ගත්තේ අමතර ආදායමක් උපයා ගන්නටයි. ඔහු දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පෙළුණු කෙනෙක්. ඔහු පුවත්පත්, සඟරාවලට ලියන බවක් මුලින්ම ඔහුගේ බිරිඳවත් දැනගෙන සිටියේ නැහැ.

සඟරාවලට කතාන්දර ලියා අමතර ආදායමක් උපයා ගැනීමට කල්පනා කළේ ඔහු මුහුණ දී සිටි දැඩි ආර්ථික දුෂ්කරතා නිසාම ය. ඔහු කතා ලියන බව මුලින් බිරිය හෝ දැන සිටියේ නැත.

රයිස්බරෝස් ටාසන් කතා පොත් පෙළ ලියන්නට පටන් ගත්තේ මිතුරෙක් කළ අභියෝගයක් නිසයි. ඔහු ලියූ ‘අන්ඩර් ද මූන් ඔෆ් මාර්ස්’ පොත කියවූ මිතුරෙක්, ‘‘පුළුවන් නම් කැලෑ කතාවක් ලියල පෙන්වන්න‘ කියා ඔහුට අභියෝග කර තිබෙනවා.

අභියෝගය භාරගත්තත් ටාසන්ට කොහෙන් පටන් ගන්නද කියා නිච්චියක් තිබුණේ නැහැ. ඔහු ඇමරිකාවේ චිකාගෝ පුස්තකාලයට ගියා. රඩ්යාඩ් කිප්ලිං ගේ ‘ද ජංගල් බුක්’ සහ ‘ද ඩාකස්ට් ඇෆ‍්‍රිකා’වගේ පොත් කියවන්නත්, ඒවා දැඩි විදිහට හදාරන්නත් පටන් ගත්තා. ක්‍රමයෙන් ඔහුගේ මනසේ අප්‍රිකානු වැසි වනාන්තරක චිත්‍රයක් මැවෙන්නට පටන් ගත්තා.

ඒ හැම දෙයක්ම එකතු කරගත් ඔහු ‘‘ වානරයන් අතර ටාසන්‘‘ කියන සංකල්පය බිහි කර ගත්තා. එඩ්ගා රයිස්බරෝස් කතා ගෙතීමේ උපන් හපනෙක්. ඔහුට ඕනෑම දෙයක් චිත්ත රූප මැවෙන ආකාරයට කොළයක් මත ලියන්නට හැකියාව තිබුණා. ඕනෑම නවකතාවක් සති හයක් ඒ කියන්නෙ මාස එකහමාරක් ඇතුළත ලියල අවසන් කරන්නත් ඔහුට පුළුවන් කම තිබුණා.

නමුත් එඩ්ගා රයිස්බරෝස් කිසිම දවසක අප්‍රිකාවට, එහෙම නැතිනම් අඳුරු මහද්වීපය සියැසින් දැක්කේ නැහැ. වරක් මිතුරෙක් එයට හේතුව මොකක්ද කියා ඔහුගෙන් ඇසුවා. ඒකට එඩ්ගා රයිස්බරෝස් දුන්නේ අපූරු උත්තරයක්. ‘‘මම අප්‍රිකාව දැක්කෙ පුහුණු නිරීක්ෂකයන් ලියූ සටහන්වලින්. ඉතින් අප්‍රිකාවට ගියත් මට ඒ දේවල් අඳුනගන්න පුළුවන් වෙන එකක් නෑ.. මොකද මම පුහුණු නිරීක්ෂකයෙක් නෙවෙයි..“

නමුත් ඔහුගේ ‘සිතින් මවාගත් අප්‍රිකානු වැසි වනාන්තරය‘ සෑම අතින්ම නිවැරදි බව ඔහුගේ සමකාලීනයන් සහ අප්‍රිකාවට හැබැහින් ගිය අය නොයෙක් වර පවසා තිබුණා.

Tazan

Photos: Google


මරණයෙන් පසුත් සති 3 ක් කෝච්චියේ ගිය දේශපාලඥයා: ඒබ්‍රහම් ලින්කන්

මනුස්සකම කළු-සුදු‌ නොවේ යැයි ලොවට කියා දුන් ඩෙස්මන්ඩ් ටුටූ

‘රත්තරන් කෙල්ල’ට 100 යි – සාදයට ඔබත් එන්න!

FW ඩි ක්ලාක් ඔව්, ඔහු නෙල්සන් මැන්ඩෙලාට වඩා ශ්‍රේෂ්ඨයෙකි!

පිළිකාව නිසා සුළු විරාමයක් ගන්නා BBC රූපවාහිනිය හෙල්ලූ ‘අපේ‘ අලගෙයියා

එංගලන්තයේ අධ්‍යාපන ලේකම් බවට පත්වූ ඉරාක සරණාගත කොලුවා – නදිම් සහවි

ඒකාධිපති ප්‍රජා පීඩකයෝ – හිට්ලර්ගේ නැගීම

රිචඩ් බ්‍රැන්සන් උඩු ගුවනට යන බව ‘The Simpsons’ 2014 දීම කියලා!

error: Content is protected !!
error: Content is protected !!