×

ඊජිප්තු පොලීසිය, ත්‍රස්තවාදීන් 40ක් මරා දමයි.

රට බලධාරීන් පවසන්නේ ත්‍රස්තවාදීන් විසින් රට තුළ විශාල ප්‍රහාරයක් සිදු කිරීමට සැළසුම් කරමින් සිටි බවට තොරතුරු හෙලි වී ඇති බවයි.


පසුගිය සෙනසුරාදා ඊජිප්තු පොලීසිය විසින් ත්‍රස්තවාදීන් 40ක් ඝතනය කරන ලදී. ජිප්තුවේ උතුරු සිනායී හී ගීෂා පිරමීඩය ආසන්න ප්‍රදේශයේදී  සිදු කරන ලද වැටලීමකදී මෙම ඝාතනයන් සිදු කර ඇත. ඊට පෙර දිනයේදී එම ප්‍රදේශයේදී සංචාරකයින් ගමන් ගත් බස් රථයකට එල් කළ බෝමිබ ප්‍රහාරයකින් සංචාරකයින් 3 දෙනෙක් මිය ගිය අතර අදාල වැටලීම ඉන් පසුව සිදු කරන ලදී. එරට බලධාරීන් පවසන්නේ ත්‍රස්තවාදීන් විසින් රට තුළ විශාල ප්‍රහාරයක් සිදු කිරීමට සැළසුම් කරමින් සිටි බවට තොරතුරු හෙලි වී ඇති බවයි. ඒ අනුව ඔවුන් විසින් එරට සංචාරක ආයතන , ආරක්ෂ අංශ හා ආගමික ස්ථාන එල්ල කරමින් ප්‍රහාර සැළසුම් කර ඇත.
වැටලීම අතරතුර පොලීසිය විසින් විශාල ප්‍රමාණයේ ආයුධ තොගයක් සහ බෝම්බ සෑදීමට ගන්නා අමුද්‍රව්‍යයද සොයා ගන්නා ලදී,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි