×

බවොබාබ් දැවැන්තයෝ අපට සමුදෙමින් සිටිති

මේ දැවැන්තයන් යනු සොබා දහම උරුම කළ පෞරණිකම සජීවී වස්තූන් ය


මැඩගස්කරයේ සවානා වනාන්තරවල තේජමානව වැජඹුණ වසර දහස් ගණන් වයසැති බවොබාබ් දැවැන්තයෝ මේ වන විටත් ලෝකය හැරයමින් සිටිති. මෙසේ පසුගිය වසර 12ක් තිස්සේ අභිරහස් ලෙස සිදුවන  හැරයෑම ගැන, ඔවුන්ගේ තතු දන්නා සියල්ලෝම කඳුළු සළති.

සැබවින්ම සවානා වනාන්තරවල පොළොව දැඩි සේ වැළදෙගෙන සිටි ඔවුන් කෙතරම් විශාලදැයි අපිට සිතන්නටවත් බැරි තරම්ය. හරියටම රවුම් හැඩයේ ගොඩනැගිල්ලක් මෙන් අතු ඉති රහිතව අහසට නගින බවොබාබ්, ඩෙඩ් රැට් ගස් නමින්ද හඳුන්වයි. රාත්‍රියේදී පිපෙන අඩි ගණන් දිග ඉතා අලංකාර මල් සහ ගෙඩි රැගත් මුදුන් අතුවලින් හැඩවෙන බාවබෝබ් සැබවින්ම ඊිටම ආවේණික සුන්දරත්වයක් දරන්නෝය. සිය කඳෙහි විශාල ජලය ප්‍රමාණයක් රඳවා ගැනීමට සමත් මේ දැවැන්තයෝ දුෂ්කර කාලවලදී ඒවා ප්‍රයෝජනයට ගනී. වසර දහස් ගණනක් නෙනැසී සිටින්නට ඔවුන්ට හැකි වන්නේද ඒ නිසාමය.

  

වසර සිය ගණනනක් ම නොව වසර දහස් ගණනක් ජීවත් වන්නට හැකි පෞරාණික බවොබාබ් දැවැන්තයෝ අහේතුකව මෙසේ මියයමින් පෘථවියේ සදාතනික අහිමිවීම් වලට එක්වෙමින් සිටී.

මේ පිළිබඳව සමීක්ෂණ සිදු කරන දකුණු අප්‍රිකානු, සහ ඇමරිකානු පර්යේෂකයන් පවසන්නේ බවොබාබ් දැවැන්තයෙන්ගේ මෙසේ සමුගැනීම පෙර නොවූ විරූ අයුරින් මේ වන විට සිදු වෙමින් පවතින බවයි. ඔවුන්ට අනුව මේ දැවැන්තයන්ගේ මරණය කිසිදු රෝගයක් නිසා සුදුවන්නක් නොවන්නේය . බෙහෝ විට ඒ මිනිසාගේ කෘරකමේ ප්‍රතිඵලයක් වන දේශගුණික විපර්යාසයන් නිසා සිදුවන්නක් විය හැකි බව ඔවුහු අනුමාන කරති.

දකුණු අපිකාවටම උරුම වූ මේ බවොබාබ් වෘක්ෂයන් අතර වයස්ගගම දැවැන්තයන් 13 දෙනාගෙන් 8 දෙනෙක් මේ වන විටම මිය යමින් සිටිති. ඒ අතර සමහරෙක් සදහටම ආයුබෝවන් කියා ඇත. සවානාහී දැවැන්තම බාවබෝබ් 6 දෙනා අතරින් පස්දෙනෙක්ම මරණය වැළඳගනිමින් සිටිති. ඔවුන් නැම්බියාන,සැම්බියානු වනාන්තර වල වසර 2500ටත් වඩා වයසක් ඇති වෘක්ෂයෝය.

පරිසරයට ආදරය කළ සියල්ලන්ටම ඔවුන් මෙසේ මිය යනු බලා සිටීම දරා ගතනොහැකි කම්පනයක් මෙන්ම ශෝකයකි. මන්ද මේ දැවැන්තයන් යනු සොබා දහම උරුම කළ පෞරණිකම සජීවී වස්තූන් බැවිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි