×

වසන්තය අබියස දුඹුරු ලෝම පොදි!

වසන්තය සොයන දුඹුරු වලසුන්ගේ කථාන්දරය


ඇලස්කාවේ මැක්නීල් නදී තෙර වන අරඹ පරිසරයට එකතු කරන්නේ අමුතුම අමුතු චමත්කාරයකි. වැඩි උසකුත් නැති වැඩි මිටියකුත් නැති ඒත් නිල්ල කඩා හැලෙන තුරු පෙළ දුටුවන් හද නවතාලයි. ඒ නිල්ලටම ගැලපෙන මැක්නීල් මහා දිය කඳ!…. කෝමළ ලාලිත්‍යයෙන් දිගට දිග ඇදෙන්නේ පුදුමාකාර සංයමයකිනි. එහි නිරතුරු තැවරී තිබෙන්නේ දැඩි නිසොල්මනක් පමණි. ඒ නිසොල්මනට අරුතක් ගෙන එන්නේ නදී තීරය දෙපස වන අරඹ තුළින් මෘදු ස්පර්ශයක් ගෙනෙන මඳ පවනයි. විටෙක ඒ මඳ පවන මාගමකගේ මන්ද ස්මිතයක් වැන්න. තවත් විටෙක එය ශාන්තියෙන් හද නවතන දෙවොලක් බඳුය. කොයි කොහොම වෙතත් ඒ මන්දස්මිතයේත් ශාන්තියේත් නිත්‍ය හිමිකරුවන් ඇලස්කාවේ දුඹුරු වලසුන් මිස අප නොවේ!

The thrilling images and video footage show between 50 and 100 of the huge bears as they hunted for fish. As many as 144 individual bears have been observed at McNeil River (above) through the summer.

දරු මුනුබුරන්වත් ඉස්සර කරගෙන මැක්නීල් නදිය අසබඩට වදින දුඹුරු ලොම් පොදි ගොඩ මෙහි හැර මේ ලෝකයේ වෙනත් කිසිම තැනෙක දක්නට ලැබෙන්නේ නැත. උන් නදිය දෙසට ගාටන්නේ හරියට මහා පොළොවට රිදුමක් වේ යැයි සිතා බියෙන් මෙනි. නොරැවටෙන්න.! ඒ උන්ගේ බඩගෝස්තරවාදී කපටිකමේ තරම මිස ඉඳුරන් දමනයෙහි හපන්කමක් නම් නොවේ.
මැක්නීල් ගඟබඩ හොඳ තැනක් බලා හීන් සීරුවට ඉඳ ගතහොත්, චණ්ඩිකමට උඩ පනින උඩඟු සැමන් මත්ස්‍යකු දෙන්නෙකු අල්ලා ගන්නට පුළුවන් බව මේ ලෝම පොදි දනිති. සද්ද බද්දය එතැනට කොහෙත්ම වුවමණා නැත. බඩ කට පුරා හොඳ කෑම වේලක රසය විඳින්න වැඩිහිටියෝ, පොඩිවුන්වත් ආණ්ඩු මට්ටු කරගෙන එනිසා පෙළ සැදෙති. දියයට ජල්ලි අල්ලන සැමන් මසුන් තමන් වටා දැළ එළාගෙන සිටින දුඹුරු වස වලස් නාම්බන් ගැන දන්නේ නැත. ඒ නිසා සැමන් මසුහු උඩ කරණමක් ගසා යළිත් දියට පනින්නේ එලොව – මෙලොව නිච්චියක් – ගනිච්චියක් නැතිව ය. උන්ට වරදින්නේ ඔන්න ඔතැනදී ය. දිය සරැළි අතරින් මිදී නුහුරු නුපුරුදු වායු ගෝලයේ දඟලන සැමන් මසුන්ව ආපසු හරවා නොයවන පිළිවෙල දඩයක්කාර දුඹුරු වලස්සු හරියටම දනිති. කොටින්ම කිවහොත් දියෙන් උඩට ඉපිලෙන සැමන් මත්ස්‍යයකු දුටු විට ඩැහැගන්නා හැටි මේ දුඹුරු සද්දන්තයන්ට ආගන්තුක වැඩක් නොවේ.

ඉවසීමක් නැතිව තොල කට ලෙවකන සමහර දුඹුරු වලස්සු වෙලාවකට දිය කඳ මැද්දටත් පාවෙති. එවිට උන්ව ඈතට පෙනෙන්නේ පළමුව කී පරිසරයටම බද්ධ වුණු කොටසක් හැටියට මිස සප්‍රණිකයන් පිරිසක් හැටියට නොවේ. එය හරි අපූරු දසුනකි.! දියට බට දුඹුරු වලස් තඩින්ට සැමන් මත්ස්‍යකු දෙන්නකු අල්ලාගන්නට දිය කඳ සමඟ “පුංචි පහේ” උද්වේගකර සටනක් දෙන්නට සිදු වේ. උන්ගේ විශාල ශරීරයේ හැටියට ඒ සටනේ වග කිවහොත් උන්ට නිගාවක් වන්නට පුළුවන. ඒ නිසා අපි ඒ ගැන නොකියන්නෙමු. ඒත් දිය මිදෙන හීතල ඇලස්කාවේදී ඒ සටන උන්ට වෙහෙසක් නොව එකම එක රස ගුලාවක් බව කිව යුතුමය.

As many as 144 individual bears have been observed at McNeil River (above) through the summer with as many as 74 bears observed at one time

As many as 144 individual bears have been observed at McNeil River (above) through the summer with as many as 74 bears observed at one time

දුඹුරු වලසුන් හරිම සෙල්ලක්කාරයන් ය. සැමන් මත්ස්‍යය භෝජනයක රසය වින්ඳාට පසු සමහරුන් ටිකක් සෙල්ලම් කරන්නට කැමති ය. එහෙව් අය එක්කෝ කරන්නේ මැක්නීල් ගඟ අද්දර ගල් තලාවක් මත කඳ බාවාගෙන සැතපීමය; නැත්නම් ඉබාගාතයේ ඇවිදිමින් අනෙක්වුන් ඇවිස්සීම ය. දෙපා සංචරණ විලාසය අත්හදා බලන්නට යනවුන් ද නැතිවාම නොවේ. සමහරවිට උන් තමන්ගේ මේ අපූරු හැකියාව බාල පරම්පරාවේ උන්ටත් අභ්‍යාස කරන්නට යති. අනේ! පුංචි අසරණයෝත් බැරි බැරි අමාරුවෙන් ඒවා අත්හදා බලන්නට යති. සහජයෙන් ලැබෙන හැකියාවන් මුවහත් කරගන්නා අපූරු කලාව එය වන්නට පුළුවන.

ඒ සියල්ලටම වඩා අරුමය, බඩ කට පුරවාගත් වුන් මිනිස් සතුන්ගේ කැමරාවලට හොට පොවන්නට ඒමය. ඡායාරූප කලාවේ මහිමය උනුටත් වැටහෙන්නාක් මෙනි. ඡායාරූපයකට පෙනී හිටීම කොහොමත් හොඳ ය. ඒවා සිදාදියේ පත්තරවල පළ වූ විට දුඹුරු වලස් තඩියන්ගේ කෙරුම් ගැන අනෙක් අයටත් දැන කියාගන්නට පුළුවන.

පුදුමය, එහෙම දේවල් පත්තරවල පළ වුණත් පරිසරයේ සහ සතා සිව්පාවුන්ගේ අගය හුඟදෙනෙකුට නොවැටහීම ය; සමහරුන් දුඹුරු වලසුන්ගේ නිජබිමත් කණිමින් සම්පත් සොයන්නට යෑමයි. එහෙම අය අතර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි