×

සිංහයන් අතර මිනිස් ධේනුව

ඇගේ නම Or Lazmi . නමුත් මේ සිංහ රංචුව නම් ඇය සලකන්නේ තමන්ගේ රැහේ සිංහ ධේනුව විදිහටයි.


මේ සිංහයන් හතර දෙනා පැටවුන් කාලයේ පටන්ම ඇය ඔවුන් සමග එකට ගැවසුණා. දුක සැප බෙදා ගත්තා. මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ ඒ අපූරු සබඳතාවයේ වත්මන් ප්‍රතිඵලයයි.

දකුණු අප්‍රිකාවේ ඇය ඔවුන් වෙනුවෙන්ම පුද්ගලික සිංහ රක්ෂිතයක් පවත්වාගෙන යනවා. තිරිසනුන් කොයි වේලේ තමන්ගේ ඇත්ත ස්වරූපය පෙන්වාවිද කියන්නට බැහැ. නමුත් මේ සතුන් නම් ඇය සමග හරිම කුළුපගයි.

උපතින් ඊශ්‍රායල ජාතිකයෙක් වන මේ තරුණිය, මේ සිටින්නේ දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබෙත් හි පිහිටා තිබෙන සීවීව් සිංහ උද්‍යානය (Seaview Lion Park in Port Elizabeth, South Africa) තුළයි. ඇය මේ සබඳතාවයේ රහස මෙහෙම විස්තර කරනවා. ‘‘අපි ඔවුන්ව විශේෂ ක්‍රමයකට පුහුණු කළේ නැහැ. නමුත් අපි ඔවුන්ට ගරු කරනවා. ඒක තමයි, ප්‍රධානම කාරණය..“

ඉතින් ඇගේ භාෂාවෙන් කියනවා නම් ඇය ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන සිටිනවා. ඒ විශ්වාසය ආදර කතාවක් තරමටම සුන්දරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි