×

ඉතියෝපියාවේ බලවත් තැන් බවලතුන්ට – ඇමති ධුරවලින් බාගයක් කාන්තාවන්ට

ඉතියෝපියාවේ අමාත්‍ය ධුරවලින් අඩකට ආසන්න සංඛ්‍යාවක් කාන්තාවන් අතට!


පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් අඩුවෙන් වංචා සහ දූෂණවල නිරත වන බැවින් අමාත්‍යය ධුරවලින් වැඩි ප්‍රමාණයක් කාන්තාවන් අතට පත් කළ බව ඉතියෝපියා අග්‍රාමාත්‍යය අබියි අහ්මද් පවසයි.

ඉතියෝපියානු නායකයාට රට තුළ විශාල පිළිගැනීමක් ඇත. මේ මාස 6 තුළ ඔහු විසින් ප්‍රතිසංස්කරණ රාශියක් හඳුන්වා දී තිබේ.

ඉතියෝපියානු නායකයාට රට තුළ විශාල පිළිගැනීමක් ඇත. මේ මාස 6 තුළ ඔහු විසින් ප්‍රතිසංස්කරණ රාශියක් හඳුන්වා දී තිබේ.

සාමය සහ ස්ථාවර බව ඇති කිරීමෙහිලා කාන්තාවන්ගෙන් ලැබෙන සහය අතිමහත් බවත් අග්‍රාමාත්‍යයවරයා පවසා තිබිණ. ආරක්ෂක අමාත්‍ය ධුරය පවා කාන්තාවක් අතට පත් කරන්නට අග්‍රාමාත්‍යවරයා මේ නිසා පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිකිරීම් අමාත්‍ය ධුරය කලින් දැරූ අයිෂා මොහම්මද්, ඉතියෝපියාවේ ආරක්ෂක අමාත්‍ය ධුරයට පත් කර ඇත. එරට ආරක්ෂක අමාත්‍යය ධුරයට පත් පළමු කාන්තාව ඇයයි. කතානායක ධුරයේ මෙතෙක් කටයුතු කළ මුෆෙරියාට් කමිල් සාමය පිළිබඳ ඇමතිනිය ලෙස පත් කර තිබේ.

අයිෂා මොහොමඩ් රටේ ප්‍රථම ආරක්ෂක ඇමතිවරිය බවට පත්වීමට පෙර ඉදිකිරීම් කටයුතු භාර ඇමතිනිය ලෙස කටයුතු කළාය. | AFP

අයිෂා මොහොමඩ් රටේ ප්‍රථම ආරක්ෂක ඇමතිවරිය බවට පත්වීමට පෙර ඉදිකිරීම් කටයුතු භාර ඇමතිනිය ලෙස කටයුතු කළාය. | AFP

පසුගිය අප්‍රේල් මාසයේදී ඉතියෝපියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වුණු 42 හැවිරිදි අබියි අහ්මද් ප්‍රතිසංස්කරණ රාශියක් එරට තුළ සිදු කළේය. අසල්වැසි එරිත්‍රියාව සමඟ දශක දෙකකට ආසන්න කාලයක් පුරා පැවැති ගැටුම් නතර කිරීමට පියවර ගැනීම ඒ අතර කැපී පෙනෙයි. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමටත්, ආර්ථික ප්‍රතිසංසකරණ ගණනාවක් හඳුන්වාදීමටත් අගමැතිවරයා කටයුතු කර තිබිණ. මේ අතර එරට අමාත්‍ය ධුර සංඛ්‍යාව 28 සිට 20 දක්වා පහළ හෙළීමට ඔහු ගත් පියවර වෙසෙසින්ම කැපී පෙනෙයි.

ඉතියෝපියානු ආණ්ඩුවේ කාන්තාවන් වෙත ලබා දී ඇති ඇමතිධුර ලැයිස්තුව | Twitter

ඉතියෝපියානු ආණ්ඩුවේ කාන්තාවන් වෙත ලබා දී ඇති ඇමතිධුර ලැයිස්තුව | Twitter

කැබිනට් මණ්ඩලයේ කාන්තාවන් සහ පුරුෂයන් සංඛ්‍යාව සමතුලිතව පවත්වාගෙන යෑමට කටයුතු කරන අප්‍රිකා රාජ්‍යය අතර රුවන්ඩාවට හිමි වන්නේ පළමු තැනයි. දැන් දැන් එම ස්ථානයට ඉතියෝපියාවත් ළඟා වෙමින් සිටින බව විචාරකයෝ පවසති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි