×

රුසියාවට එරෙහි නව සම්බාධක පැනවීමට යුරෝපා සංගමය සූදානම්!

දෙවන ලෝක යුද්ධයෙන් පසු පළමු වරට රුසියාව යුධ බලමුළුගැන්වීමක් කැඳවයි - ඊට එරෙහිව යුරෝපා සංගමය තදින් ප්‍රතිචාර දක්වයි!


රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට යුරෝපා සංගමයේ අමාත්‍යවරුන් එකඟතාවය පළකර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මෙම එකඟතාවයට යුරෝපා සංගමයේ අමාත්‍යවරුන් සිය එකඟතාවය පළකර තිබෙන්නේ ඊයේ (21) දින පැවති අවිධිමත් සාකච්ඡාවක් අතරතුරදී බවයි එම පුවත් සේවය වාර්තා කරන්නේ.

යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියාට අනුව, රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් විසින් ගෙන ඇති නව ක්‍රියාමාර්ග හමුවේ මෙම තීරණය යුරෝපා සංගමය විසින් ගෙන ඇත.

රුසියාවේ හමුදා ශක්තිය ඉහළ දමමින් යුධ බලමුළුගැන්වීම් ඉහළ දැමීමට පුටින් ජනපතිවරයා ඊයේ දින කටයුතු කර ඇති අතර, මෙම තීරණය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ අතිරේක හමුදා ඇතුළු ස්වේච්ඡා භටයන් ලක්ෂ ගණනින් රුසියාවට කැඳවා ඇත.

මෙවන් තීරණයක් රුසියාව විසින් ගෙන තිබෙන්නේ දෙවන ලෝක යුධ සමයෙන් පසු පළමු වතාවටයි!

ඒ අනුව, යුරෝපා සංගමයේ සාමාජික රාජ්‍යයන් 27 දෙනෙකුගේ එකඟතාවය පරිදි රුසියාවට නව සම්බාධක පැනවීමට කටයුතු කරන බවත්, යුක්රේනයට වැඩිදුරටත් යුධ ආයුධ සැපයීමට යුරෝපා සංගමය කටයුතු කරන බවත් එම සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානි ජෝසෙප් බොරෙල් මහතා මාධ්‍ය වෙත පවසා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි