×

රුසියාවට එරෙහි සම්බාධක උල්ලංඝනය කිරීමේ වරදට සමාගම්වලට දඩ පැනවීමට යුරෝපා සංගමයෙන් යෝජනාවක්!

රුසියාවට එරෙහි සම්බාධක උල්ලංඝනය කිරීම දැනටමත් සමහර යුරෝපා රටවල අපරාධ වරදක්...


රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධකවලට යටත් ලෝකයේ රටවල විවිධ සමාගම් විසින් එම සම්බාධක උල්ලංඝනය කළහොත් ඊට දඩ පැනවීමට යුරෝපා සංගමය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, ඊයේ (02) දින යුරෝපා සංගමයේ යුරෝපා කොමිසම විසින් යෝජනාවක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ යුරෝපා සංගමය විසින් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක උල්ලංඝනය කළහොත් එකී සමාගම්වල ගෝලීය පිරිවැටුමෙන් සියයට 05 කට වත් දඩ පැනවිය යුතු බවයි.

මෙම යෝජනාව සම්මත වීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 සහ යුරෝපා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය යුතු අතර, එය සම්මත වූවහොත් අදාළ දඩ මුදලට අමතරව, වසර 05 ක් දක්වා වූ සිර දඬුවමකට ද එකී පාර්ශවයන් යටත් කළ හැකි ය.

රුසියාවට එරෙහිව යුරෝපා සංගමය විසින් පනවා ඇති සම්බාධක උල්ලංඝනය කිරීම දැනටමත් ඇතැම් යුරෝපා රටවල අපරාධ වරදක් සේ සැලකෙන අතර, අනෙකුත් සාමාජික රටවල එය පාලනාධිකාරිය විසින් සිදුකරන වරදක් සේ සලකා ඊට අදාළව විවිධ දඩයන් නියම කරනු ලැබේ.

මේ අතර, යුරෝපා සංගමය විසින් පනවා ඇති සම්බාධක උල්ලංඝනය කිරීමට අදාළව දඬුවම් පැමිණවීමේදී සාමාජික රටවල් අතර තවමත් හිදැස් බොහොමයක් පවතින බව අධිකරණ කොමසාරිස් ඩිඩියර් රෙන්ඩර්ස් පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි