×

යූරෝ 2020 පාපන්දු ජය ඉතාලියට

ඒ එංගලන්තයේ වෙම්බ්ලි පාපන්දු පිටියට රැස් වූ 67000ක පමණ එංගලන්ත පාපන්දු ලෝලීන්ගේ සිහින බිද දමමිනි


 

යුරෝපීය පාපන්දු කුසලතාව ජය ගැනීම සදහා වූ එංගලන්ත ක්‍රීඩා ලෝලීන්ගේ සියළු සිහින බිද දමමින් ඉතාලිට මෙවර යූරෝ 2020 පාපන්දු ශූරයන් බවට පත්විය. 1968 වසරෙන් පසු ඉතාලිය ප්‍රථම වතාව මෙම කුසලානය දිනා ගත්තේ ඒ එංගලන්ත පිළ දඬුවම් පහරවලදී 3-2 ලෙසට පරාජයට පත් කරමිනි.

එංගලන්තයේ වෙම්බ්ලි පිටියේ පැවති තරගයේ ආරම්භයේදීම එංගලන්ත පිළ 1-0 ලෙස ජයග්‍රහණයට මග පාදාගනිමින් සිටියද තරගය අත නොහැරි ඉතාලිය දෙවන භාගයේදී එංගලන්තය සමග ලකුණු සම කිරීමට සමත් විය. ඒ 67 වන විනාඩියේදී ලියොනාර්ඩෝ බොනුච්චි ලබාගත් ගෝලයත් සමගිනි. අතිරේක කාලයක් දක්වා තරගය පැවැත්වුණ අතර එහිදී ද ජයග්‍රහණය තීරණය නොවූයේය. ඒ අනුව දඩුවම් පහරවලින් තරගයේ ජය තීරණය වූයේ ඉතාලි පිලේ ගෝල් රකින්නා වන ගියන්ලූගි ඩොනාරම්මා විසින් එංගලන්ත දඩුවම් පහර දෙකක් ඉතා දක්ෂ ලෙස රැක ගනීමත් සමගිනි.

COVID-19 වසංගතය හේතුවෙන් වසරකින් කල් තැබීමෙන් පසු මෙවර පැවැත්විය



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි