×

යුරෝපා වෙළඳපොළ ලංකාවට අහිමි වීමේ අවදානමක් – ආර්ථික අර්බුදයක් අත ළඟ

ලංකාවට GSP+ සහනය නැවත ලබාදුන්නේ යහපාලනය, මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම් සහ පරිසරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුති 27කට නොඅඩු ප්‍රමාණයක් ඉටු කිරීම සඳහා කැපවීම නිසා බව යුරෝපා සංගමය අවධාරණය කරයි.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නිර්මාණය කරන ලද දේශපාලන අර්බුදය ට දින 2කට පෙර, එනම් 23 වැනි අඟහරුවාදා කොළඹ පැවති ව්‍යාපාර නායකයන්ගේ හමුවකදී අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුව විසින් විසින් GSP+ සහනය භුක්තිවිඳීම සඳහා පවතින අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට ගනු ලැබූ උත්සාහයන්, ශ්‍රීලංකාව සහ මාලදිවයින සඳහා වන යුරෝපා සංගම් තානාපතිවරයා වන තුන්ග්-ලායි මාග් විසින් අගය කර තිබිණි.

එහිදී තුන්ග්-ලායි මාග් පැවසුවේ එකී ජගත් සංවිධාන සම්මුතීන් ප්‍රමාණයක් රට තුළ ව්‍යවහාර නීතිය බවට පත්කිරීම සහ ක්‍රියාවට නැංවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආණ්ඩුව විසින් ස්ථිරසාර පියවර ගෙන තිබූ බවයි.

මේ අනුව ජීඑස්පී ප්ලස් සහනය නැවත ලබාදීම සඳහා කටයුතු සූදානම් කෙරුණේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් සිදුකළ කැපවීම් හේතුවෙනි. මෙකී කැපවීම් ක්‍රියාවට නැංවීම පදනම් කරගෙන යුරෝපා සංගය විසින් සිය වෙළඳපොළ ශ්‍රී ලාංකේය නිෂ්පාදන සඳහා විවෘත කර ඇති බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න! – යුරෝපා සංගමයෙන් ලංකාවට ඉල්ලීමක්

නිසි ආයතනයික කාර්ය පටිපාටීන් අනුගමනය කරන ලෙස සහ මාධ්‍ය නිදහසට ගරු කරන ලෙසට යුරෝපා සංගම් නියෝජිතයන් ලංකාවේ සියලු පක්ෂවලින් ඉල්ලා සිටියි.

මෙසේ සඳහන් කරමින් යුරෝපා සංගම් තානාපතිවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශයට ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රොමේනියාව සහ එක්සත් රාජධානිය යන රටවල්, ලංකාවේ හටගන්නා සිදුවීම් දැඩි සේ නිරීක්ෂණය කරමින් සිටින බව ද ඇතුළත් ය.

මේ අතර ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා තිබෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව ජිනීවා සම්මුතියේදී පොරොන්දු වූ ආකාරයට මානව හිමිකම්, ප්‍රතිසංස්කරණ, වගවීම, යුක්තිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ලබාදී ඇති ප්‍රතිඥාවලට ගරු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

ලංකාව සිටියේ යුරෝපා සංගම් වෙළඳපොළ තුළ චීනය සහ ඇමරිකාවටත් වඩා ඉදිරියෙන්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම වෙළඳ සහකරු වේ. 2017 වසරේදී එහි සමස්ත වෙළඳාමෙන් 15% ක් විය. එය 16%ක් වන ඉන්දියාවට යන්තමින් දෙවැනි වූ අතර, 14% ක් වූ චීනය සහ 10% ක් වූ ඇමරිකා එක්සත් ජනපදයට ද වඩා ලංකාව ඉදිරියෙන් සිටියේය.

මෙහිදී වඩාත්ම සුවිශේෂී කාරණය වන්නේ යුරෝපා සංගමය, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළඳපොළ බවට පත්ව තිබීමයි. එය සමස්ත අපනයනවලින් 28% ක් විය. මේ අනුව ලංකාව පසුවූයේ සමස්ත අපනයන 25% ක් වන ඇමරිකා එක්සත් ජනපදයට ද වඩා ඉදිරියෙනි. ඉන්දියාවේ යුරෝපා සංගමය තුළ සමස්ත අපනයන ප්‍රතිශතය 6% ක් පමණක් වේ.

මෙය, ශ්‍රී ලංකාව වෙත ළඟා වන යුරෝපා සංගම් ආයනයනවලට සාපේක්ෂව අතිශයින් වෙනස් තත්වයකි. එනම්, ශ්‍රී ලංකාව යුරෝපා සංගමය අපනයනය කරනු ලබන්නේ 8%ක් පමණි. ඉන්දියාව වෙත 22%ක භාණ්ඩ ප්‍රමාණයක් එය විසින් අපනයනය කරයි.

වර්තමාන දේශපාලන තත්වය යටතේ ශ්‍රී ලංකාව ‍තෙරක් නොපෙනෙන දේශපාලන ආගාධයකට ඇද වැටෙනු ඇති බවත්, හට ගැනීමට ආසන්නයේ තිබෙන ආර්ථික අර්බුදයෙන් කිසිවෙකුට එය ගළවා ගත නොහැකි වනු ඇති බවටත් ආර්ථික විශේෂඥයන් විසින් අනතුරු අඟවා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි