×

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව හීත්‍රෝ අහසේ කළ ඩ්‍රෝණ විරෝධතාවේ ප්‍රධානියා අත්අඩංගුවට

ලන්ඩන් හී හීත්‍රෝ ගුවන්තොටුපල පුළුල් කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කළහොත් ඉන් පරිසරයට වන හානිය විශාල බව විරෝධතා කරුවන් පවසයි.


ලන්ඩන් හී හීත්‍රෝ ගුවන් තොටුපල පුළුල් කිරීමට හා නව ගුවන් පථයක් ඉදිකිරීම පරිසරය දූෂණය වීමේ පියවරක් බව පවසමින් දේශ ගුණික විපර්යාසයන්ට එරෙහි ක්‍රියාකාරිකයන් පිරිසක් විසින් හීත්‍රෝ ගුවන් තොටුපලට ඉහළ අහසේ ඩ්‍රෝණ යානා යොදා ගනිමින් විරෝධතාවක් ආරම් කරන ලදී. මාසයකට වැඩි කාලයක් තිස්සේ පැවතුණ මෙම විරෝධතාව හේතුවෙන් හීත්‍රෝ ගුවන් තොටුපළට පැමිණෙන් සහ එහි සිට යන ගුවන් යානා වල ආරක්ෂිත භාවය සම්බන්ධයෙන් බලපෑමක් එල්ල වූ අතර ‍. විරෝධතාව නවතන ලෙස ඉල්ලීම් කළද එම ඉල්ලීමට විරෝධතා කරුවන් කන් නොදීමත් සමග මේ වන වට ඊට සහය වූ පුද්ගලයින් 12 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත. දින දෙකක් තුළ පුද්ගලයින් 11 දෙනෙක් අත් අඩංගුවට ගැණුන අතර මෙම විරෝධතාව මෙහෙය වූ පුද්ගලයා ලෙද සැළකෙන රොජර් හලාම් ද අත් අඩංගුවට ගනු ලැබිණ.

ගුවන්තොටුපළ බළධාරීන් කියා සිටියේ ජනතාවගේ ජීවිත අනතුරේ හෙළමින් සිදු කරන මෙවැනි විරෝධතා අපරාධ වරදක් බවයි. නමුත් විරෝධතා කරුවන් පවසන්නේ ගුවන් තොටුපළ පුළුල් කිරීම හේතුවෙන් එහි පැමිණෙන ගුවන් යානා සංඛ්‍යාව වැඩි වීමත් සමග පරිසර දූෂණයට වැඩි අවස්ථාවක් ලැබෙන බවයි. ගුවන් තොටුපළ පුළුල් කිරීම නවතන ලෙස ඉල්ලා නීතිමය පියවර ගනු ලැබූවද එය අසාර්ථක වූ බැවින් මෙවැනි විරෝධතාවක් සදහා යොමු වීමට සිදු වූ බව විරොධතා කරුවන් පවසයි.

අද අත් අඩංගුවට ගන්නා ලද විරෝධතාව මෙහෙය වූ බවට සැක කෙරෙන පුද්ගලයා 53 හැවිරිදි වියේ පසු වන්නෙක්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි