×

”ෆේස් බුක්” ජාති, ආගම්, කුළ හෝ ස්ත්‍රී පුරුෂ භේද වලට සම්පූර්ණයෙන්ම දොර වසයි.

වසර ගණනක විවේචන වලට ලක්වීමෙන් පසු මෙම පියවර ගනී


ජාති ආගම් ,ස්ත්‍රී පුරුෂ භාවය , හෝ රටක සංඛේත අංකය පිළිබදව තවුරුන් හෝ පීඩාවට පත් වන සියළු දැන්වීම් තම ආයතනය විසින් මින් ඉදිරියේදී අවහිර කිරීමට ෆේස්බුක් ආයතනය සූදානම් වෙයි.

වසර ගණනාවක් තිස්සේ මෙවැනි දැන්වීම් පල කිරිමේ මාධ්‍යයක් ලෙස ෆේස් බුක් සමාජමාධ්‍ය යොදා ගැනීම සහ ඒ සදහා එම ආයතනය විසින් අවශ්‍ය පසුබිම සකසා තිබීම පිළිබදව දැඩි විවේචන එල්ල වෙමින් පැවතිණි.

ඇතැම් ජාතියක් ආගමක් , ස්ත්‍රී පුරුෂ භාවය හෝ යම් රටක් අඩු කොට සැළකමින් හෝ වෙනස් කොට සළකමින් ප්‍රචාරයක කළ විවිධ දැන්වීම් හා ඒවැනි දෑමත පදනම් වූ පරිශිලක කණ්ඩායම් පෙළඹවීමේ දැන්වීම් පල කිරීමට අවසර නොදී සිටීමට සහ ඒවා අවහිර නොකිරීමට මේ අනුව ඵේස්බුක් ආයතනය කටයුතු කරනු ඇත.
ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් පිළිබද පෙරමුණ (ACLU)සහ අනෙකුත් අයිතිවාසිකම් පිළබද සංවිධාන විසින් ෆේස්බුක් ආයතනය වෙත සිවිල් අයිවාසිකම් සම්බන්ධව නඩු පවරන ලදී, ඔවුන් පවසන්නේ ෆේස්බුක් ආයතනය නීතිවිරෝදී සහ වෙනස්කොට සැළකීම පිළිබද දැන්වීම් සම්බන්ධව ඓතිහාසික තීරණයකට පැමිණෙනු ඇති බවයි.

වසර ගණනාවක් තිස්සේ මේ සම්බන්ධව විවේචන වලට ලක් වෙමින් ෆේස්බුක් සදාචාරය සහ නීතිවිරෝධී ක්‍රියා මත පුද්ගල විවේචන වලට මුහුණ දුන්නේය. මේ අනුව මින් පෙර ඔවුන් විසින් එවැනි පෝස්ටු හෝ දැන්වීම් පල කළ පරිශීලකයන් ගේ ගිණුම් ඉවත් කරන ලදී.
විශේෂයෙන්ම ෆේස්බුක් සදහා එල්ල වී තිබූ තවත් චෝදනාවක් වූයේ පිරිමින් පමණක් ඉලක්ක කර ගත් පුරුෂයන්ට මූලිකත්වය ලබා දෙන දැන්වීම් සදහා ඉඩ ලබා දීම පිළිබදවයි.

මේ සම්බන්දව සිවිල් අයිතිවාසිකම් ආයතන පවසන්නේ ඩිජිටල් යුගයේ කිසිදු මාධ්‍යයක් තුළ අයෙක් විසින් තවත් අයෙක් පීඩනයට පත් කිරීමේ සංස්කෘතිය ඉවත් විය යුතු බව ෆේස් බුක් ආයතනය විසින් මේ වන විට පිළිගෙන ඇති බවය.
එපමණක් නොව ෆේස්බුක් විසින් රැකියා , හෝ පුද්ගලයින්ගේ වත් පොහොසත් කම මත අන් පිරිස වෙන් කොට සැළකීම සදහා වූ අන්තර් ගතයන් සදහාද මින් ඉදිරියට ඉඩක් නැති බවයි.

තවද පංතිභේදය හෝ කුල භේදය ආරක්ෂා කිරීම සදහා වන ඒ පිළිබදව ඉල්ක්ක කරගත් කිසිදු ආකාරයේ විස්තර අවහිර කරනු ඇති.

ණය ගැනීම් නිවාස හෝ රැකී රක්ෂා පිළිබදව දැන්වීම් පළ කිරිම් සහ ඒස සදහා අවශ්‍ය පුද්ගලයින්ට යොමු විය හැකි වෙනම සමාජ මාධ්‍ය ජාලයක් නිර්මාණය කිරීමට ෆේස්බුක් ආයතනය පියවර ගන්නා බවට පොරොන්දු දී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි