×

ජනප්‍රිය සංගීතඥයකුගේ පවුලක සාමාජිකාවක් අත්අඩංගුවට!

පාකිස්තාන ගුවන් සේවයේ ප්‍රකාශකයකු ඇය අත්අඩංගුවට පත් වීම තහවුරු කර ඇති අතර, ඇය පාකිස්තානයේ ජනප්‍රිය සංගීතඥයකුගේ පවුලක සාමාජිකාවක් බව සඳහන් වේ.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී, පාකිස්තාන ගුවන් සේවයේ ගුවන් සේවිකාවක අත්අඩංගුවට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙසේ පාකිස්තාන ගුවන් යානයකින් පැමිණි හිනා සානි නමැති එම ගුවන් සේවිකාව ටොරොන්ටෝ නුවර ආගමන හා විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇගේ ගමන් මල්ලෙන් විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර රැසක් සොයා ගැනීම හේතුවෙන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තාන ගුවන් සේවයේ ප්‍රකාශකයකු ඇය අත්අඩංගුවට පත් වීම තහවුරු කර ඇති අතර, ඇය පාකිස්තානයේ ජනප්‍රිය සංගීතඥයකුගේ පවුලක සාමාජිකාවක් බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, ඇය සමඟ සිටි තවත් ගුවන් සේවිකාවන් දෙදෙනකුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමෙන් පසු මුදා හැර ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි