×

ට්‍රම්ප්ට මහපුටුව අහිමි කළ විනිසුරුවන්ට තර්ජන

ට්‍රම්ප් ඇවිලෙන ගින්නට පිදුරු දමමින්ද සිටියි.


එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂ නායක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා යළි එරට ජනාධිපතිවරණයට තරඟ වැදීමට සදුසුකම් නොලබන බවට කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමට පක්ෂව ජන්දය ප්‍රකාශ කරනු ලැබූ විනිසුරුවන්ට එරෙහිව තර්ජන එල්ලව ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ට එල්ල වූ තර්ජන විමර්ශනය කිරීමට කොලරාඩෝ පොලිසිය FBI සමඟ කටයුතු කරන අතර මේ සම්බන්ධයෙන් ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කර තිබුණේ, විනිසුරුවරුන්ගේ නිවෙස් වටා අමතර මුර සංචාර සපයන බවයි.

රිපබ්ලිකන් නායකයා මේ වන විට පාක්ෂිකයන්ගේ මනාපයේ ඉහලින්ම සිටින අතර 2024 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ ඉහල සම්භාවිතාවක්ද පවතියි. ට්‍රම්ප්ට ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීම නීතියෙන් තහනම් කිරීමත් සමඟ රිපබ්ලිකනුවන් අතර කෝපය උසිගන්වා ඇති අතර ට්‍රම්ප් ඇවිලෙන ගින්නට පිදුරු දමමින්ද සිටියි.

මේ සම්බන්ධයෙන් FBI ආයතනය මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ, අන්තවාදී අදහස් දරන්නකු විනිසුරුවන්ට එරෙහිව සිදු කරනු ලබන තර්ජනයක් හෝ ප්‍රචණ්ඩත්වයකට එරෙහිව දැඩි ලෙස විමර්ෂණය කරනු ලබන බවයි.

2021 ජනවාරි 06වන දින කැපිටල් හිල් ගොඩනැඟිල්ලට රිපබ්ලිකන්වාදීන් විසින් එල්ල කළ මැර ප්‍රහාරය මෙහෙයවීමට අදාළව එල්ල වී ඇති චෝදනා මත පදනම්ව ව්‍යවස්ථාවේ කැරළි ඇතිකිරීමට අදාළ නීතිමය වගන්ති ඇතුළත් 14 වැනි සංශෝධනයේ 3 වැනි වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය 4-3 ක තීන්දුවක් ලෙස ට්‍රම්ප් ජනාධිපති අපේක්ෂකයකු ලෙස තරඟ වැදීමට නුසුදුස්සකු බවට පත් කරන ලදී.

මෙම තීන්දුව අධිකරණ ඉතිහාසයේ භාවිතා කරන ලද මුල්ම අවස්ථාවද මෙය වේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි