BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ගුවන් යානා අනතුරු, තොරතුරු සැඟවුණු තැඹිලිපාට කළු පෙට්ටිය.

කළු පෙට්ටිය ලෝකයට හඳුන්වා දුන් ඕස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් වොරන් මිය ගොස් හෙටට හරියටම වසර 8කි.

කොහේ හෝ අහස් යානයක් අනතුරට ලක් වූ විට අප කාගේත් මනසට එන්නේ black box කළු පෙට්ටිය සොයා ගත්තාද යන්නයි.

කළු පෙට්ටිය යනු අහස් යානා හා සම්බන්ධ වූවක් බව නොදන්නා කෙනෙක් නැති තරම්ය.
නමුත් ඒ ගැන හරියටම දැන ගැනීමට හැකිනම්..

ලෝකයේ ගවන් ගමන් ඉතිහාසයේ මුල් කාලයේ මෙම කළු පෙටිටියක් කියා දෙයක් නොතිබුණේය. එවැන්නක අවශ්‍යතාව ලෝකයට දැනෙන්නේ පළමු වතාවට ලෝකයේ ගුවන් අනතුරත් ලක්වීමත් සමගිනි. හෙවිලෑන්ඩ් Havilland යනු ලොව ප්‍රථම වතාවට ජෙට් ගුවන් යානා නිපද වූ ආයතනයයි. එහි ගුවන් යානයක් මුලි වරට මෙසේ අ 1953 වර්ෂයේ දී අනතුරට ලක් විය.

ඒක් සමග එයට සිදුවූයේ කුමක්ද ? අනතුරු සිදු වූයේ කෙසේද ? ආදී ප්‍රශ්නවලට පිළිතුරු සොයගෙැනීමේ කිසිදු සාක්ෂියක් ඉතිරි නොවීය.

ඒ නිසාම එයට පිළියමක් යොදන්නට අවශ්‍ය විය.

ඔස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් වොරන් David Warren විසින් මෙහි මුල් ආකෘතිය එනම් අහස් යානයක් කඩා වැටෙන්නට අනතුරට ලක්වන්නට පෙර එහි සිදු වීම් වාර්ථා වන අයරෙු උපකරණයක් නිර්මාණය කරන ලදී. ඒ 1957 දීය.

මෙම ගුවන් යානා තොරතුරු රෙකෝඩරය ( FDR – Flight Data Recorder නැතිනම් CVR – Cock Pit Voice Recorder ) එනම් කළු පෙට්ටිය මුලින්ම නිර්මාණය වන්නේ ඒ අයුරිනි.

1960 වර්ෂයේ ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හීදී නැවතත් සිදුවූ ගුවන් යානා අනතුරත් සමග ඕස්ට්‍රේලියානු රජය සියළු ගුවන් යානා තුල අනිවාර්යෙන්ම “කළු පෙට්ටිය”තිබිය යුතු බවට අනිවාර්ය කරන ලදී.

මෙය සැබවින්ම කළු පෙට්ටිය ලෙස හැඳින්වුවද මෙය මුල සිටම තැඹිලි පාට පෙටි‍ටියකි.

මුල් කාලයේදී ගුවන් නියමු වන්ගේ කටහඩ, අනතුර සිදුවද්දී ගුවන් යානය ගමන් කල උස සහ වේගය, ගමන් කල වේගය, ගමන් කල දිශාව හා රේඩියෝ සංවාද සියල්ල මේ තුල තිබු ටේප් පට වල පටිගත විය ..අද වන විට තාක්ෂණයේ දියුණුවත් සමග තවත් විශේෂ ග්‍රණාංග සමග ඒ සදහා පරිගණක තාක්ෂණය යොදා ගනීම දැක ගත හැකිවේ.

එමෙන්ම ඉතාමත් ශක්තිමත් ලෙස නිපදවා ඇති මෙම තැඹිලිපාට කළු පෙට්ටිය අධික කම්පනයකට වුවද මුහුණ දිය හැකි ශක්තියකින් නිර්මාණය කර ඇත. එමෙන්ම සෙන්ටිග්‍රේඩ් අංශක 1000 ක උණුසුමක හෝ ගිනි නොගන්නා ,අඩි 20000 ක් පමණ ගැඹුරු මුහුදු පතුලක වවත් දිගු කාලයක් ක්‍රියා විරහිතව නොතිබෙන උපකරණයකි.

සෑම ගුවන් යානයකම කළු පෙටිටියේ පියන මත “ගුවන් ගමන් විස්තර, විවෘත නොකරන්න” (Flight Recorder; Do not Open) යනුවෙන් සඳහන් කොට ඇත්තේ කාට හො එය හමුවුවහෝත් එය කිසිදු ආපදාවකට ලක්නොවී තිබෙන්නටත් මිනිසුන්ගේ අවධානය ඊට ලැබෙන්නටත් ය.

කළු පෙට්ටිය ලෝකයට හඳුන්වා දුන් ඩේවිඩ් වොරන් වයස අවරුදු 85දී මිය ගියේ 2010 වසරේදීය ජුලි 19 වැනිදා වකය. ඔහු මිය ගොස් හෙටට වසර 8කි. ඔහු මිහිදන්කළ මංජුස්සාවේ උඩු පියන මත
(Flight RecorderInventor ; Do not Open) යනුවෙන් ලියා තිබුණ අතර එසේ සිදු කොට තිබුණේ ඔහු කළ මේ අප්‍රතිහත සොයා ගැනීමට ගෞරවයක් වශයෙනි.

මෑත ඉතිහාසයේ සිදු වූ සමහර ගුවන් යානා අනතුරු වන Air France flight 447 ,AirAsia flight QZ8501 , Malaysia Airlines MH17 අදී යානා වල කළු පෙට්ටි සොයා ගැනීමට අදටත් නොහැකි විය. ඒ නිසාම කළු පෙට්ටිය හමු නොවූ එවැනි ගුවන් අනතුරු අදටත් අභිරහස්ය.


Microsoft Office, Microsoft 365 ලෙස නව මුහුණුවරකින්…

WhatsApp හරහා caption එකක් සමඟ media files forward කරමු!

WhatsApp Profile Photos සඳහාත් Avatars

ඇපලුත් Type-C ට මාරු වෙයිද?

Low Budget Android දුරකතන සඳහා Android 13 Go Edition

සුභ ගමන්, HMD Connect

Googleට එරෙහි නවතම තරඟකරු; Neeva

Facebook Instant Articles, ඔබට සුභ ගමන්!

error: Content is protected !!
error: Content is protected !!