×

මන්ත්‍රකරුවන් කියා රත්වූ පිහිවලින් දරුවන් හංවඩු ගසන නයිජීරියානුවන්.

රත්වූ මන්නයක් ගෙන දරුවන්ගේ පිට මත තබා ඔවුන්ට බල කරන්නේ තමන් මන්ත්‍රකරුවන් ලෙස පිළිගන්නා ලෙසයි. අල්පමාත්‍රයකදු වරදක් නොකරන මේ කුඩා දරුවන්ට දෙන වද හිංසා ඉවසා ගත නොහැකි තැන තමන් වරද කරුවන් යැයි ඔවුහු පිළිගනිති.


නයිජීරීයාවේ කැලබර් .. සෑම මොහොතක්ම අඳුරින් වැසී ඇත්තේය.. සමහර නිවෙස්හී කුඩා දරුවන්ගේ ඉකිබිඳුම් තැනින් නැන ඇසෙන්වේ ඔවුන් කුමක්හෝ රෝගයකට ගොදුරු වී ඇතිසේය.

හරිහැටි කෑමක් බීමක් හෝ රැකවරණයක් නැති කැලබර් හී දරුවන් ගැන ලියැවුණ පොත් පත් මෙන්ම ප්‍රවත් වාර්ථාද සොයා ගැනීම එතරම් අපහසු නොවේ. ඔවුහු මන්ත්‍රකරුවන් ලෙස සිතන වැඩිහිටියන්ගේ ගොදුරු බවට පත්වන සැටි ඒ සෑම ප්‍රවෘත්තියකම සටහන් වී තිබෙයි.

මායාකාරියන් මෙන්ම යක්දෙස්සන්ද මායාකර්මද විශ්වාස කරන නොදියුණු මිනිසුන් සිටින නයිජීරියාවේ කැලබර් මෙන්ම අකම්ප්කා දරුවන්ගේ ජීවිත තීරණය වන්නේ එකී විශ්වාසයන් මතය.

ගමේ මොන වැරද්ද වුණද දඩුවම ලැබෙන්නේ දරුවන්ටය. ගමුමුන් සිතන්නේ දරුවන් ට යක්ෂයින් ආවේෂ වන බවත් ඉන් පසු ඔවුන් ගමේ අපරාධ සිදු කරන බවත්ය.

ඒ චෝදනාවන් නිසාම ඔවුන්ව කැලයට ගොස් දැමීම හෝ ගින්දරට දමා සිරුරේ තැනින් තැන පිච්චීම. රත්වූ  යකඩ ඇඟ මත තබා ඔවුන් මන්ත්‍රකරුවන් ලෙස හංවඩු ගසයි. උණුවතුරින් පිච්චීම හෝ ඇසිඩ් ගැසීම සිදු කරයි නැත්නම් මරා දමයි.

මෙසේ මායාකරුවන් ලෙස හංවඩු ගසන කුඩා දරුවන් පණ පිටින් වැළලූ අවස්ථාද නයිජීරියාවේ සමහර ප්‍රදේශ වලින් වාර්ථා වෙයි.

දෙමවු පියන් දෙනොම මිය ගිය දරුවන් දෙදෙනෙක් පසු ගියදා ඔවුන්ගේ අත්තම්මා විසින් අමානුෂික ලෙස වද දී තිබුණේය.

මවුපියන්ගේ වියෝවෙන් පසු ඒඩ්ස්රෝගී අත්තම්මා සමග ඔවුන්ගේ ජීවිතය ලේහෙසි පහසු නොවීය. අත්තම්මා සිතුවේ ඇයගේ රෝගය මේ දරුවන් දෙදෙනා විසින් ඇයට ගෙනා සාපයක් බවයි. දෙමවු පියන් මරා දැමුවේද ඔවුන් යැයි අත්තම්මා සිතුවාය. ඇය කියන්නේ දරුයන් මායා කරුවන් බවයි.


මෙලෙස දරුවන් මන්ත්‍රකරුවන් යැයි විශ්වාස කරන දෙමවු පියන් කරන්නේ තම ගමේ පල්ලියට ඔවුන් රැගෙන යාමයි. පල්ලියේ පූජකයාද ගම්මුන්ට දෙවැනි නැත ඔහු දරුවන් මන්ත්‍රකරුවන් යැයි තීරණය කර ඔවුන්ට දෙන දඩුවමද තීරණය කරන්නේය.

නිවසට පැමිණෙන ගම්මුන්ද පූජකයාද දරුවන් ලණුවකින් බැඳ ඈත වන ලැහැබකට රැගෙන යන්නේය.

ඉන් පසු රත්වූ මන්නයක් ගෙන දරුවන්ගේ පිට මත තබා ඔවුන්ට බල කරන්නේ තමන් මන්ත්‍රකරුවන් ලෙස පිළිගන්නා ලෙසයි. අල්පමාත්‍රයකදු වරදක් නොකරන මේ කුඩා දරුවන්ට දෙන වද හිංසා ඉවසා ගත නොහැකි තැන තමන් වරද කරුවන් යැයි ඔවුහු පිළිගනිති.
ඉන්පසු යක්ෂයින්ගේ දරුවන් යැයි ඔවුන්ය හංවඩු ගසති.

අතපය ගැට ගසා උදේ සිට සවස් වන තුරු ගිනි ගොඩක් ළග හිඳ වන ඔවුන් ඒ ගිනිගොඩේම රත්වන පිහියක් ගෙන පුළුස්සති. එසේ ඔවුන්ගේ සිරුරේ තැනින් තරන පුළුස්සා තුවාල කරන්නේ නිරපරාදේ ය.

වරද පිළිනොගතහොත් ඔවුන්ට සිදු වන්නේ පිච්චී මිය යන්නටය.

එපමණක් නොව නයිජරීයාවේ සමහර ප්‍රදේශ වල බොහෝ විට ගැහැනු දරුවන් මන්ත්‍රකාරියන් ලෙස යක්ෂ බැල්ම වැටුණ දූතයින් ලෙස ඔවුන් නිවෙස් වලින් එළියට ඇද දමති. ඔවුන්න ගමේ කැලෑබද ප්‍රදේශයක ලණුවලින් ගැට ගසා අතරමංකරති. ඔවුන් ට සිය ජීවිත කාලයටම උරුම වන්නේ සුදු පැහැ ඇඳුමක් සහ බෙල්ලේ ගසා ඇති ලණුවක්ද පමණි. එසේ ලණුවලින් ගැට ගසා වගා බිමිවලට ගෙන යන ඔවුන් ට වහලුන් සේ උදේ සට හවස් වන තුරු වැඩ කරන්නට සිදුවේ . කැලෑවේ බිම නිදා ගන්නා ඔවුන් වයස් ගත වන තුරුම මේ දින චරියාවම ගත කරති . බැරි වීමකින් හෝ පිටත ලෝකයේ කිසිවෙක් ඔවුන්ව දුටුව හොත් ඔවුන් සිටින්නේ මරණ භයෙනි. මේ දැරියන් දුටු පමණින් තමන් මැරී වැටෙනු ඇතැයි ඔවුන් සිතති.

කුඩා දරුවන් මෙසේ මන්ත්‍රකාරියන් යැයි හංවඩු ගසා ඔවුන් සමාජයෙන් වෙන් කර තැබීමේ නයිජීරියානු චාරිත්‍රය ගැන ලෝකයට අනාවරණය වන්නේ 1990 වසරේදීය . ඉන් පෙර ලෝකය දැන සිටියේ මේ පීඩනයෙන් වැඩිහිටි කාන්තාවන් දුක් විඳින බවයි. 2008 වසරදී සිදු කළ සමීක්ෂණයකට අනුව නයිජීරියාවේ දකුණු නැගෙනහිර පළාතේ දරුවන් 15000 ක් පමණ මන්ත්‍රකරුවන් ලෙස හංවඩු ගසා ඇති බව අනාවරණය වේ.

නයිජීරියානුවන්ගේ මේ මනංකල්පිත විශ්වාසය හා ඒ නිසාම ඔවුන් විසින් සිදු කරන මේ අපරාධ වලට හේතූන් ලෙස ඔවුන්ගේ දුගී බව සහ ආගම හේතු වී ඇති බවත් එමගින් අනාවරණය විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි