×

බකිංහැම් මාළිගාවේ සවාරියක්…

වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන රාජකීයයන්ගේ මහගෙදර


අතීතයේදීත් ලෝකයේ බොහෝ රාජ්‍ය්‍යන් පාලනය කළ බ්‍රිතාන්‍ය කිරීටයේ පාරම්පරික රජමාලිගාව බකිංහැම් පැලස් ගැන දැනගන්න කවුද අකමැති. බකිංහැම් පැලස් නැත්තං බකිංහම් මාළිගාවව ගැන විස්තර අතරේ රජමාළිගාව හා බැඳුණු සිරිත් විරිත් බොහෝමයකි.

විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය්‍යන් ඇතුළු යුරෝපීයයන් බකිංහැම් මාළිගාව මෙන්ම රජපෙළපතේ වත්මන් සාමාජිකයන් ගැනත් දක්වන්නේ ඉමහත් ගෞරවයක්.

එය ගොඩනගා ඇත්තේ 1703 වර්ෂයේදීයි. ඒ විලියම් වින්ඩේ නැමති බකිංහැම් හී පළමු ආදිපාදිවරයා විසිනි. නමුත් බ්‍රිතාන්‍ය රාජපරම්පාරාවේ අදිතමයෙක් වන තුන්වන ජෝර්ජ් රජු විසින් එය අත්පත් කරගෙන අතැතේ 1761 වර්ෂයේදීය .

මෙහි ගොඩ නැගිලි ව්‍යුහය දහනව වන සිය වසේ අවසන් භාගයට අයත් වේ. දෙවන ලෝක යුද්ධය සමයේදී ජර්මනිය විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් මාළිගයට අයත් දෙවු මැදුර සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත.

බකිංහැම් මාළිගයට අයත් කාමර 775ක් වේ. එහි ගෙවත්ත ලන්ඩනයේ පවතින විශාලතම පෞද්ගලික හිමිකාරිත්වයක් ඇති ගෙවත්තයි.

රාජකීය අමුත්තන් වෙනුවෙන් ඉදි වූ අති විශාල භෝජන ශාලාව බකිංහැම් මාලිගය සතු සුවිශේෂී ස්ථානයකි. එය තුළ අඩි හයක් උස ජනෙල් 760 ක් සහ දැවැන්ත එල්ලෙන විදුලි බල්බ හතළිස් දහසකින් යුක්තය.

භෝජන ශාලාව භාවිත කරන සෑම විටකදීම කී දෙනෙක් ඒ සඳහා සහභාගී වුවත් එහි සෑම ජනේලයක්ම විවෘතව තැබිය යුතු වන අතර සෑම විදුලි බුබුලක්ම දල්වා තැබිම අදටත් අනිවාර්යයකි.

වත්මන් එළිසබෙත් රැජින ගේ මවගේ පාලන කාලයේදී බකිංහැම් මැදුරු අංගනයේ භූගත උමං මාවත් තුනක් ඉදි කර ඇතිබවට සාක්ෂි පවතී. එවා ඉදි කරන්නට හේතුව අපහැදිලිය නමුත් අද වන විට එම උමං මාවත් හී ජීවත් වන්නේ නිවාස නැති දුප්පත් පවුල් කිහිපයකි.

බකිංහැම් මාලිගය ඇතුළත මෙන්ම පිටත විශාල වයින් කළ යුතු බිත්ති ඔර්ලෝසු දහසක් පමණ වෙයි. ඒ නිසාම පූර්ණ කාලීන ඔරලෝසු අලූත්වැඩියා කරන්නන් තුන් දෙනෙකු මාලිගයේ සේවක මණ්ඩලයේ සිටී ඒ දවසේ සෑම වේලාවකම ඔරලෝසු අලූත්වැඩියා කිරීම සහ වයින් තැබීම අවශ්‍ය වන නිසාය .

ජනතාවට මාළිගයේ රජු හෝ රැජින සිටිනවාදැයි දන්වන්නට භාවිත කරන සන්නිවේදන සංඛේතය වන්නේ මාළිගය ඉදිරියේ ඇති කොඩි යයි.  මෙ සන්නිවේදන කටයුත්ත සඳහා කොඩි දෙකක් භාවිත කරනු ලබයි එනම් Royal Standard කොඩියත්, Union Jack blowing කෙඩියත්ය. රැජින හෝ රජු මාළිගයේ සිටීනම් ඔසවන්නේ Royal Standard කොඩියයි.

බකිංහැම් මාළිගයේ අයිතිය හිමි වන්නේ කාලයෙන් කාලයට බ්‍රිතාන්‍යයේ කිරුළ හිමිවන රජුට හෝ රැජිනටයි. පත්වන රජුට හෝ රැජිනට මෙම මාළිගය සිය නිළ නිවස ලෙස භාවිත කළ හැකිවේ. එනම් රජු හෝ රැජින සිය කිරීටයේ හිමිකරුව සිටින තාක් ඔහුගේ අගේ දරුවන් පවුලේ සාමාජිකයන් ගේ නිවස වන්නේ බකිංහැම් මාළිගයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි