×

ලොව කුඩාම රාජ්‍යයන් හි සවාරියක්

ලොව කුඩාම රාජ්‍ය 10 අනුපිළිවලට සකස් කලෝත් මෙහෙමයි.


ලොව කුඩාම රාජ්‍යයන් ගැන කථා කරන ලංකාවේ අපිට හිතෙන්න පුළ්‍රවන් ඒ අතර අපිත් ඉන්න පුළුවන් කියලා මොකද ලෝක සිතියම ගත්තම චීනය ,රුසියාව ,ඉංදියාව වගේ රටවල් ඉස්සරහ අපි කොයි තරම් ප්‍රමාණයෙන් පොඩියිද.

නමුත් ලොව කුඩාම රාජ්‍යයන් 10 ගැන කඝා කරද්දිනම් ලංකාවේ නම අහළ පහළකවත් නැහැ.

1- වතිකානුව. Vatican


වතිකානුව ලෝකයෝ හරිම ප්‍රසිද්ධ රාජ්‍ය්‍යක් . ඒ කිතුණු බැතිමතුන්ගේ ශුද්ධ වූ භූමිය ලෙස සළකන්නේ වතිකානුව නිසයි. එහි වර්ග ප්‍රමාණය සැබවින්ම වර්ග කිලෝමීටර් 0.44ක් . සමහර විට එය අපේ රටේ කුඩා නගරයක ප්‍රමාණය වෙනවා.

මේ නගරය හරියටම වසා සිටින්නේ අක්කර 100ක් වගේ ප්‍රමාණයක භූමියක් . මෙහි වාසය කරන්නේ 1000ක ට ආසන්න වැසියන් ප්‍රමාණයක් වුවත් ලොව විශාලතම කතෝලික පල්ලිය පිහිටන්නේ මේ කුඩා රාජ්‍යයේයි.

මෙහි දුම්රිය මාර්ගය කිලෝමීටර් 1.27ක් තරම් අඩු දුරක් . ඒ නිසාම ලොව කෙටිම දුම්රිය මාර්ගය පිහිටන්නේ වතිකානුවේ. ඒ කෙසේ වෙතත් සෑම වසරකම මේ කුඩාම රට මිලියන 4ක සංචාරකයින්ගේ නවාතැනක් වනවා.

2- මොනාකෝ Monaco

ලොකයේ දෙවනියට කුඩාම රාජ්‍ය වන මොනාකෝ හී ගොඩබිම් ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 2ක් .ප්‍රංශය තුන් පැත්තකින් වටවූ හා අනෙක් දෙසින් මුහුදින් වටවූ මොනාකෝ රාජ්‍යය ලොව ඒක පුද්ගල ආදායම අතින් ඉහලම රාජ්‍යයක්. මෙහි සියලු වැසියන් ධනවතුන් බවයි පැවසෙන්නේ . එකම එක නගර සභාවක් පමණක් මෙහි පාලන ඒකකයයි. ප්‍රංශ භාෂාව මෙහි ප්‍රධාන භාෂාවයි. කිසිදු ආදායම් බද්දක් හෝ ව්‍යාපාරික බද්ධක් මෙම රටේ ජනතාව වෙත පනවා නැහැ ඊට හේතුව රටේ ප්‍රධාන ආදායම් මාර්ගය කැසිනෝ ක්‍රීඩාව වීමයි. මෙහි ජනගහනය 36,000ක් පමණ වන අතර ලොව වැඩිම ජන ඝනත්වය ඇති රාජ්‍යයද මොනාකෝ වේ.

3- නාවුරු Nauru
නාවුරු ලොව තුන්වනුවට කුඩාම රාජ්‍ය්‍යයි.එහි භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 21ක්. ජනගහණය 9378ක්. ඒ අනුව ලොව දෙවන අඩුම ජනගහණයක් ඇති රට ලෙසත් මෙයි සැළකෙනවා. මෙහි පිහිටා ඇති අති විශාල පොස්පේට් නිධිය 1960 සිට 70 වසර තෙක් නාවුරු හී ප්‍රධාන ආදායම් මාර්ගය විය. කොරල් පර වලින් සහ සුදු වැලි වලින් වටවූ නාවුරු පොල් සඳහාද සුප්‍රසිද්ධයි

4- ටුවාලු Tuvalu

කලක් එලිස් දිවයින් ලෙස හැදින්වූ ටුවාලු රාජ්‍යය විශාලත්වය අතින් වර්ග කි.මී 26කි. මෙහි ජනගහණය 11000ක් වෙනවා. මුහුදු මට්ටමේ සිට අඩුම උසකින් පිහිටා ඇති රටවල් අතරින් එකකි ටුවාලු.එනම් රටේ උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 4.5ක් . මෙය ඕස්ට්‍රේලියාවට උතුරු නැගෙනහිර දෙසින් පිහිටා ඇති අතර රට තුළ මහා මාර්ග වල දිග කි.මි 8කි. රට තුළ
එක් ගුවන් තොටුපලක් පිහිටයි. කාලයක් මෙය බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති බව සඳහන් වෙනවා.

5- ශාන්ත මැරිනෝ San Marino

වර්ග කි.මී 61 විශාල මෙම රාජ්‍යය සම්පූර්ණයෙන්ම ඉතාලියෙන් වටවූ රාජ්‍යයකි. යුරෝපය තුළ තුන්වන කුඩාම රාජ්‍යයත් මෙයයි. මෙහි ජනගහනය 30,000ක් පමණයි. ලොව පොහොසත්ම රටවලින් එකක් වන ශාන්ත මැරීනෝ හී පුධාන ආදායම් මාර්ග වන්නේ සංචාරක කර්මාන්තය, බැංකු සේවා සහ ඇගළුම් වේ. රටේ ජනතාවට වඩා වැඩි වාහන ප්‍රමාණයක් අති රටක් ලෙස මෙය ප්‍රසිද්ධයි.

6- ලිච්ටෙන්ටයින් Liechtenstein

ස්විට්සර්ලන්තය හා ඔස්ට්‍රියාව අතර ඇල්ෆ්ස් කදුවැටි ආශ්‍රිතව පිහිටි තවත් මනරම් රාජ්‍යයකි. විශාලත්වය වර්ග කි.මී 160කි. මෙහි ජනගහණය 37132කි. රජ කුමරකු අතින් පාලනය වන මෙහි ප්‍රධාන භාෂාව ජර්මානු භාෂාවයි. ලොව අඩුම රැකියා විරහිත ප්‍රතිශතය වන 1.5% වාර්තා වන්නේ මේ ලිච්ටෙන්ටයින් රාජ්‍යයෙනි. ශීත සෘතු ක්‍රීඩා සඳහා ලොව සුප්‍රසිද්ධ ම රාජ්‍යයක් ලෙස මෙය සැළකෙනවා.

7- මාර්ෂල් දූපත් Marshal Islands
මෙහි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 181.මෙයට දූපත් 100ක් පමණ අයත් වන අතර එම දූඵත් එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ කොරල් දූඵත් 29ක් මඟිනි. මෙහි වෙසෙන්නන් සංඛ්‍යාව 50කටත් අඩුයි. 16 වන සියවසේදී මාර්ෂල් අයිලන්ඩ් ජපන්, ජර්මන්, බ්‍රිතාන්‍ය හා ඇමරිකානු යටත් විජිත වශයෙන් පැවතිණි. ඊට නිදහස ලැබුණේ 1986 වසරේදීයි.

8- ශාන්ත කිට්ස් සහ නේවිස් Saint Kitts and Nevis

බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලට අයත් මෙම රාජ්‍යය විශාලත්වය අතින් වර්ග කි.මී 261 වනවා. සංචාරක ව්‍යාපාර, කෘෂිකර්මය හා කුඩා නිෂ්පාදන මත මෙම රටේ ආර්ථිකය රදා පවතිනවා. මෙය කලක් ප්‍රසිද්ධ සීනී අපනයනය කළ රටක් වූවා.

9- මාලදිවයින Maldives
වර්ග කි.මී 300ක් විශාල මාලදිවයින ඉන්දියන් සාගරය තුළ පිහිටි දකුණු ආසියාතික රටකි. එමෙන්ම ශ්‍රී ලංකාව මාල දිවයිනට ආසන්නම රටයි. මෙය ආසියාවේ කුඩාම රාජ්‍යයද වනවා. මාලදිවයින සතුව දූපත් 1192ක් සතු වූවත් මිනිස් වාසය පවතින්නේ දූපත් 300ක පමණි. මෙය පෘතුගීසි, ලංදේසී මෙන්ම ඉංග්‍රීසීන්ගේද යටත් විජිතයක් වී පැවතුනා. 1965දී නිදහස ලබාගත් මාලදිවයින තුළ සංචාරක ව්‍යාපාරය අතිසාර්ථකව සිදුවනවා.

10- මෝල්ටා රාජ්‍යය Malta

වර්ග කි.මී 316ක් විශාල මෝල්ටා රාජ්‍යයත් සාගරය තුළ පිහිටි දූපතකි. ඒ මද්‍යධරණී මුහුදේයි. ජනගහනය 450,00ක් පමණ වන අතර එය ජන ඝණත්වය අතින් ඉහළ තැනක් ගනු ලබනවා. මෙහි ඇති හිරුඑළිය සහිත දේශගුණය හා සුන්දර වෙරළ තීරය නිසා සංචාරකයන්ගේ තවත් සිත්ගත් ස්ථානයක් ලෙස මෙම මෝල්ටා රාජ්‍යය හැදින්විය හැකිය. එමෙන්ම දිගුකාලීන ඓතිහාසික හා සංස්තෘතික විශේෂත්වයක් මෝලටාවට හිමියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි