×

ලෝක ජනගහනයෙන් මිලියන 68ක් අවතැන්.

44500ක ජන සංඛාවකට සෑම දිනකම සිය නිවාස වලින් ඉවත් වන්නට සිදුවේ


ලොව සමස්ත ජනගහනයෙන් මිලියන 68.5ක්ම අවතැන් වූවන් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද අඟහරුවාදා වාර්ථාවක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඔවුන්ගෙන් සියල්ලන්ටම පාහේ මෙසේ අවතැන්වන්නට සිදුව ඇත්තේ යුද්ධය,ප්‍රචණ්ඩත්වය,වධහංසා කිරීම් හේතුවෙනි. අවතැන් පිරිස් වැඩි ප්‍රමාණයක් සිටින රාජ්‍යයන් ලෙස සිරියාව , මියන්මාරය, කොංගේව සහ දකුණු සුඩානය යන රටවල් හඳුනාගෙන ඇත.

මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ 2017 වසරේ අගභාගයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරන ලද සමීක්ෂණ වාර්ථා වට අනුවයි.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර අවතැන් ජනගහණය මිලියන 3ක් ඉහළ ගොස් ඇති බව අනාවරණය වේ. එමෙන්ම මිලියන 42 ක් සිය නිවාස අහිමිව ඇත්තේ දශක ගණනාවතට පෙරදීය.

ලෝකයේ අවතැන්ව ඇති සමස්ත ජනගහණය තායිලන්තයේ සමස්ත ජනගහණයට සමාන බව මෙම වාර්ථාව මඟින් පෙන්වා දෙයි. එමෙන්ම ලෝකයේ පුද්ගලයින් 110කගෙන් එක් අයෙක් අවතැන්ය.

බහුතරයක් මෙසේ අවතැන්ව ඇත්තේ බලපෑම්කාරී ලෙසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන පරිදි 44500ක ජන සංඛාවක් සෑම දිනකම සිය නිවාස වලින් ඉවත් කෙරෙනු ලබයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි